දිනය 1988 මාර්තු මස 30 එදින මා ඇතුළු මගේ පවුලේ අයට අමිහිරි දිනයක් වේයැයි මගේ මව ඇතුළු පවුලේ කිසිවෙකුත් සිතුවේ නැත. මගේ පියා වු පියසේන අබේගුණවර්ධන (මද්දුම මහත්තයා ) එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ රජය විසින් පලමු වරට හදුන්වා දුන් පලාත් පාලන මැතිවරණය සදහා බුත්තල ප්‍රාදේශීය සභාවට නාම යෝජනාව භාර දෙනවිට මට වයස අවුරුදු පහලවකි. මැතිවරණය සදහා ප්‍රචාරක කටයුතු කරමින් සිටින අතර තුරදි යාපනය ප්‍රදේශයේ පැවැති යුද්ධය සමග ඉන්දිය හමුදාව අහාර ගුවනින් හෙලිමත් සමග ඒ කාලයේ හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන හා ඉන්දිය අගමැති රජිව් ගාන්ධි අතර ගිවිසුමකට එලැබෙන ලදි.
ඒ මොහොතේ සිට රටපුරා රජයේ දේපල ගිනි තබමින් නොයෙකුත් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කිර්මට එම කාලයේ එක්තරා දේශපාලන පක්ෂයක් විසින් කටයුතු කල අතර එහිදි ඔවුන්ගේ ඉලක්කයක් වුයේ පවතින රජයට සම්බන්ධ දේශපාලඥයින් විය.
මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල වගුරුවෙල පදිංචිව සිට මගේ පියා ඇතුළු ඥාතින් සැම ඒ වෙනවිට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරින් වු අතර වගුරුවෙල ගම්මානයේ සිටි ජවිපෙ සාමාජිකයන්ද එම පක්ෂය විසින් ගෙන ගිය භිෂණකාරී තත්ත්වය සමග මගේ පියාට මරන තර්ජන එල්ල කල අතර එයට හේතුව වුයේ මගේ පියා සහ අපේ ඥාතින් එක්සත් ජාතික පාක්ෂිකයන් වීමත් ඒ කාලයේ පවත්වන්නට යෙදුන පලාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස මගේ පියා ඉදිරිපත් විමත්ය.
එම මරණ තර්ජන වලට බිය නොවි මගේ පියා නිවසේ සිටින විට මතකයේහැටියට 1987 අගොස්තු හෝ සැප්තැම්බර් මස පුර පසලොස්වක පොහෙය දිනක (මාසය මතක නැත)රාත්‍රි හතට පමන ජවිපෙ ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් මගේ පියාගේ පාද දෙකම දනහිසට ඉහලින් තුවාල වීමෙන් පසු බුත්තල රෝහලට රැගෙන ගොස් එතැනින් බදුල්ල රෝහලට රැගෙන ගිය අවස්ථාවේ දි කකුල් දෙකම කපන්න වෙනවා කියා එම රෝහලේ සිටි වෛද්‍යවරයකු පැවසිමත් සමග පියා මාතර රෝහලට රැගෙන ගොස් සුවකර ගැනිමට අවශ්‍ය කටයුතු එවකට වැල්ලවාය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මැතිතුමා ඇතුළු මගේ පවුලේ ඥාතින් විසින් සිදුකල අතර (පසුව දැන ගැනිමට හැකිවුයේ බදුල්ල රෝහලේ සිටි එම වෛද්‍යවරයා ජවිපෙට බියෙන් මගේ පියාගේ කකුල් දෙකම දන හිසට ඉහලින් කැපිමට තැත්කල බවයි).
එම සිදුවීමෙන් පසු පුර්ණ සුවය ලබා සිටි මගේ පියා මා ඇතුළු සහෝදරයින් සහ මගේ මව බුත්තල වගුරුවෙල නිවසේ සිටියදි පියාගේ තංගල්ල මහවෙල නාකුලුගමුවෙ පිහිටි මහ ගෙදරට ජිවිත ආරක්ෂාව සදහා යන ලදි.
එලෙස ගොස් සිටියදි මගේ මව ,මා ඇතුළු දු දරුවන් බැලිමට පැමිණි එක් අවස්ථාවකදි රාත්‍රි අපේ නිවසට පැමිණි ජවිපෙ ම්ලේච්ඡ ත්‍රස්තවාදින් නිවසට වෙඩි තබා බෝම්බ ගසා මගේ පියා ඇතුළු අප සැමව ඝාතනය කිරිමට උත්සහ කල අතර එහිදි එම වැඩය අසාර්ථක වුවත් වෙඩි හඩ ඇසි ඊට ටික දුරකින් පිහිටි නිවසේ සිට දුව ආ මගේ පියාගේ අක්කාට එල්ල කල ප්‍රහාරයෙන් ඇය බරපතල තුවාල ලැබිය. ඉන් ජිවිතය බෙරා ගැනිමට මාගේ පියා සමත් වුවද එය මාස දෙක තුනකට පමනක් සීමාවිය .
එම සිද්ධියෙන් පසුවද මගේ තාත්තා බුත්තල වගුරුවෙල නිවසින් පිටව සැගවි සිටින අතරතුර දි මගේ මව ඇතුළු අප බැලීමට තංගල්ල සිට 1988 මාර්තු මස 29 දින පස්වරු බුත්තල වගුරුවෙල නිවසට පැමිණි අවස්ථාවේ දි ඔහු සිහිනයෙන් වත් නොසිතන්නට ඇති ඒ එන්නේ ජිවිතයේ අවසන් ගමන බව.
එලෙස පැමිණි පියා අප සමග නිවසේ රාත්‍රිය ගතකර නැවත පසුදින ජිවිතය බේරා ගැනිමට තංගල්ල බලා යන්නට නිවසට ආසන්නයේ පිහිටි බස් නැවතුම් පොලට උදෑසන 8 ට පමන පැමිණි අවස්ථාවේ දි ජවිපෙ මිනිමරු ත්‍රස්තවාදී බල්ලන් දෙදෙනෙකු පැමින මගේ පියාට මා ඉදිරිපිට දි පිහි පහරවල් එල්ල කරන ලද අතර එම පිහි පහරවල් කාගෙන මගේ තාත්තා ඔහුගේ අක්කා ගේ නිවසට දිවගොස් ඇදවැටි ස්වල්ප මොහෙතකින් අප සැම තනිකර දමා මෙලොව හඅරයන ලදි.
එම සිද්ධියෙන් පසු මගේ මව අප සමග බුත්තල වගුරුවෙල පිහිටි නිවස අතහැර බිබිල මැදගම පිහිටි මවගේ මහ ගෙදරට ගිය අතර අප සිතුවේ ඉන්පසුව හෝ ජවිපෙ විසින් අපගේ පවුලට කරන භිෂණකාරී ක්‍රියා නතර කර ඇතැයි කියාය.
ඉන් තවත් මාස කිහිපයකදි මගේ පියාගෙ සහෝදරියගේ බුත්තල වගුරුවෙල පිහිටි නිවසට රාත්‍රි හතට පමන ඇතුළු වන ජවිපෙ ක්‍රියාකාරින් විසින් නිවසේ සිටි ඇයගේ දරුවන් කාමරයකට දමා දොර වසා ඇයගේ කටට වෙඩි තබා ඉන් පසු ඇයගේ ස්වාමි පුරුෂයා වන මගෙ මාමාටද වෙඩි තබා බෙල්ල කපා ඝාතනය කරන ලදි .(ඔවුන් දොදෙනා හට සිටියේ ගැහැණු ලමයින් පස් දෙනකි).
එම නිසා බටලන්ද ගැන කියන වත්මන් රජය එම කාලයේ ජවිපෙ විසින් අපිට කල අසාධාරණ මිනිස් ඝාතනවලට ද සාධාරණයක් ඉටු කරයි කියා බලාපොරොත්තු වෙමි
Copied from FB