සිලෝන් කැට්ස්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ

    දේශ දේශාන්තරවල කරක් ගැහුවත් ජාන කලවම් කර ගත්තෙ නැති සිලෝන් කැට්ස්


    කොයි වෙලාවේත් අම්මාගේ පස්සෙ වැටීගෙන “ඤාව් ඤාව්” කිය කිය කකුල්වල දැවටෙමින් කන්න දෙයක් ඉල්ලන පුංචි බළල් පැටවෙක් අපේ ගෙදරත් ඉන්නවා. අප්පච්චී කඩේට ගිහින් එද්දී මොනවද ගේන්නේ කියලා වෙනදා නම් බලාගෙන සිටියේ මමයි, මල්ලිලා දෙන්නයි විතරයි. ඒත් දැන්නම් එතැනට තවත් එක්කෙනෙක් වැඩිවෙලා. හැබැයි ඉතින් ඒකෙනුත් පාඩු අපි තුන්දෙනාටම තමයි. මොකද අප්පච්චී ගේන බිස්කට් පැකට් එකේ බිස්කට් තුන හතරකටම වගකියන්න මේ බළල් පැටවාටත් පුළුවන්. ඉතින් මෙයාට හොරෙන් අපි තුන්දෙනා මොන දේ කන්න ප්ලෑන් කළත් ඒ කිසිම දවසක අපට සාර්ථක වෙන්න ලැබුණේ නැහැ. මොකද ගෙදර කොහේවත් පේන්න සිටියේ නැති මේ බළල්

    පැටියා බිස්කට් පැකට් එකක් කඩන සද්දේ ඇහුණ ගමන්ම කොහේ‍ෙදා් ඉඳලා දුවගෙන ඇවිත් කකුල්වල දැවටිලා “ඤාව් ඤාව්” කියනවා. අනේ ඉතින් කොච්චර දඟ වැඩ කළත් කවදාවත් අපට එයා එක්ක නම් තරහා වෙන්න බෑ. මොකද ටිකක් හරි තරවටු කරපු ගමන් බූල් ටිකත් පුම්බගෙන ඇස් දෙකත් ලොකු කරලා ඔළු ගෙඩියත් පැත්තකට ඇල කරලා අපේ මුහුණ දිහා බලාගෙන ඉන්නකොට ගෙදර හැමෝගේම ආදරය ලැබෙනවා. ඇත්තටම මට වෙලාවකට හිතෙනවා මෙයා සුරතල් සතෙක් වුණේ මේ නිසාම වෙන්න ඇති කියලා.

    Untitled-1-123.gif


    ඒ කතාව කොයිහැටි කොහොම වෙතත් මගේ ගෙදර වගේම ඔබේ ගෙදරත් බළල් පැටියෙක් නම් අනිවාර්යයෙන්ම ජීවත් වෙනවා ඇති. ඉතින් මේ ඔබේ ගෙදර ජීවත්වෙන බළල් පැටවාගේ පරපුර ආරම්භ වුණේ කොහොමද? කියලා නම් ඔබට හරි හැටි අවබෝධයක් නැතිව ඇති. ඒ වගේම අපේ රටට ආවේණික වුණ බළල් විශේෂයක් ඉන්නවා කියලා දැනගත්විට ඔබත් පුදුමයට පත් වේවි. ඇත්තටම මේ බළල් විශේෂය හ¾දුන්වන්නේ සිලෝන් කැට්ස් (ලංකා බළලුන්) කියලා. ඉතින් බළලුන්ට ආදරය කරන අයට වගේම ඔබේ නිවෙසේ ජීවත්වෙන මේ සුරතලුන් ගැන තොරතුරු සොයන ඔබටත් ලංකාවට ආවේණික වුණ මේ බළල් විශේෂය ගැන අවබෝධයක් ලැබීම වැදගත් වේවි. ඉතින් මෙවර සැණකෙළියෙන් සිලෝන් කැට්ස් ගැන කතා කරන්නයි මේ සූදානම.

    ලෝකයේ බළල් කුලයේ සාමාජිකයන් හතළිහක් පමණ ජීවත් වෙනවා. ඒ අතරින් තිස්තුනක්ම කුඩා බිළාලයන්ගේ ගණයටයි අයත් වෙන්නේ. ඒ වගේම ව්‍යාඝ්‍රයා, සිංහයා, ජගුවරයා, කොටියා ඇතුළු විශාල ගණයේ බිළාල සාමාජිකයන් හත් දෙනෙක් සිටිනවා. බිළාලයින් එසේත් නැති නම් බළලුන් ක්ෂීරපායි සතුන් ලෙස හ¾දුන්වනවා. කානිවෝරා ගෝත්‍රයේ ෆෙලීඩේ කුලයට තමයි මේ බළලා අයත් වෙන්නේ. ශ්‍රී ලංකාවේ ජීවත් වෙන බිළාල පවුලේ විශාලතම සාමාජිකයා තමයි කොටියා. ඒ වගේම හ¾දුන් දිවියා, බළල් දිවියා සහ කොළ දිවියා අපේ රටේ ජීවත් වෙන කැලෑ බළලුන් වෙනවා. මොකද මේ සත්ත්වයන් තුන්දෙනාම ජීවත් වෙන්නේ අපේ රටේ කැලෑ ආශ්‍රිතවයි.

    ඇත්තටම මේ සිලෝන් කැට්ස් එහෙමත් නැත්නම් ශ්‍රී ලංකාවට ආවේණික බළල් විශේෂය ජීවත් වෙන්නේ ගෘහාශ්‍රිතවයි. මේ සිලෝන් කැට්ස් කියන බළල් විශේෂය තවමත් නොයි¾දුල් ජාන සහිත බළල් පරපුරක් ලෙසත් හ¾දුන්වන්නට පුළුවන්. ඉතින් මේ බළල් පරපුර නොඉ¾දුල් නිසාම ඔවුන්ගේ වර්ණ සංයෝජනයක්ද දැක ගන්නට ලැබෙන්නේත් නැහැ. අපේ රට මහ මුහුදෙන් වටවෙලා තිබීම නිසා වගේම ඔවුන් මෙතෙක් හුදෙකලාව ජීවත් වූ නිසාත් සිලෝන් කැට්ස්ලාට මේ පෙනුම, වර්ණය සහ ස්වභාවය ලැබෙන්නට ඇති කියලා බොහෝදෙනා විශ්වාස කරනවා. ඇත්තටම මේ ලංකාවට පමණක් සීමා වුණ සුන්දර ගෘහස්ථ ස්වාභාවික බළල් විශේෂය ගැන මුළු ලෝකයක්ම දැනගන්නේ ඉතාලියේ පශු වෛද්‍යවරයකු වන පාවුලෝ 1984 ජනවාරි මාසයේ ලංකාවට පැමිණ කළ සංචාරයෙන් අනතුරුවයි. එවකට ඔහු පෙරදිග රටවල දීර්ඝ සංචාරයක යෙදී සිටි අතරම කලක් ලංකාවේ නවාතැන් ගෙන සිටි බව සඳහන් වෙනවා. මෙන්න මේ කාලයේ අපේ රටේ සම්ප්‍රදායන් ගැන දැඩි කැමැත්තක් දැක්වූ පාවුලෝ ගම්බද ප්‍රදේශවල සංචාරය කළා. මේ විධියට තමයි පරිසරයේ නිදහසේ සැරිසරන කුඩා බළල් විශේෂය ඔහුගේ නෙත ගැටෙන්නේ. ඉතින් මේ විදේශිකයා අපේ රටේ ජීවත්වන ස්වදේශික බළලුන්ට වශී වුණා කියලයි ඔහුගේ සටහන්වල දක්වලා තියෙන්නේ. ඒ වගේම අපේ රටෙන් සිලෝන් කැට්ස්ලා කිහිප දෙනෙක් ඉතාලියට ගෙන ගිය බවත් එහි සඳහන් කර තිබෙනවා. ඉතින් අපේ රටට ආවේණික වුණ බළල් විශේෂයක් ඉතාලියට අරගෙන ගියාම ඒ දේශගුණයට අනුගත වෙන්න බැරිව ඔවුන් මිය යන්න ඇති කියලා මට වගේම ඔබටත් හිතෙන්න පුළුවන්. නමුත් සියලුදෙනාම මවිතයට පත් කරමින් සිලෝන් කැට්ස් ඉතාලියට අනුගත වුණා. ඇත්තටම මේ පාවුලෝ සිලෝන් කැට්ස්ලා ඉතාලියට අරගෙන ගියේ උන් ගැන ඇති වුණ කැමැත්තටම විතරක් නෙවෙයි. ඔහු මේ ගෙන ගිය බළලුන්ගෙන් දිගින් දිගටම පර්යේෂණ කළා. ඉතින් මේ පර්යේෂණයෙන් පසුව ලංකාවට ආවේණික වූ මේ බළලාගේ පැවැත්ම පැරණි ඊජිප්තුවෙන් ආරම්භ වූ බවට මත පළ වුණා. ඇත්තටම එහෙම කියන්නත් හේතු සාධක කිහිපයක්ම බලපෑවා. මොකද අපේ රටේ බළලුන් සහ ඊජිප්තුවේ ජීවත් වෙන චාවුස් නම් බළල් විශේෂය අතර බොහෝ සමානකම් දැකගන්න ලැබුණා. ඒවගේම ඊජිප්තු පිරමීඩවල පවා ලංකාවට ආවේණික සිලෝන් කැට්ස්ලාට සමාන සිතුවම් අදටත් දැකගන්න ලැබෙනවා. ලංකා බළලා එහෙමත් නැත්නම් සිලෝන් කැට් දුර්ලභ සත්ත්ව විශේෂයක් ලෙස යුරෝපා ජාතිකයන් හ¾දුන්වන්නේ. නමුත් ලංකාව තුළ නම් මේ බළල්න් පරපුරේ පුළුල් ව්‍යාප්තියක් දැකගන්න ලැබෙනවා. නමුත් බොහෝදෙනා මේ සතුන් නිවෙසේ සුරතලයට ඇති කළත් ඒ ගැන අවබෝධයක් නම් නැහැ.

    ඇත්තටම මේ ලෝකයක් ප්‍රකට සිලෝන් කැට්ලාගේ මුල් ජානමය උරුමය ගැන අද වනවිට බොහෝදෙනාගේ කතාබහට ලක් වෙනවා. ඉතින් ජාන වෙනස්වීම් සහ වෙනත් රටවල බළල් විශේෂ සමඟින් කලවම් වීමේ ප්‍රවණතාවට එරෙහිව සහ අභිජනනය වැළැක්වීම සඳහා ceylon cat lovers club නම් සංවිධානයක්ද ක්‍රියාත්මක වෙනවා. ඔවුන් අපේ රටෙන් විදේශ රටවලට ගෙනයන ලංකා බළලුන් එහෙමත් නැති නම් සිලෝන් කැට්ස්ලාගේ දත්ත සහ නිර්දේශ ඇතුළත් කර ගන්නවා. ඒ නිසා යුරෝපයට ගෙනයන ලංකාවේ බළලුන් ලියාපදිංචි වී ඇති අතර සියලුම ලංකා බළලුන්ද වෙනත් අභිජනන හෝ ප්‍රභේදවලට සම්බන්ධ නොවීමට හේතුවක් වී තිබෙනවා. නමුත් සුරතල් සතුන් ලෙස ශ්‍රී ලංකාවට ගෙන එන බටහිර රටවල බළලුන් නිසා තවදුරටත් දේශීය බළලුන්ගේ අභිජනනයේ ශුද්ධතාව පවත්වාගෙන යෑම බොහෝ අසීරුයි.

    සිලෝන් කැට්ස් කියන්නේ අලංකාර, කඩිසර, ආදරණීය බළල් විශේෂයක්. මේ බළලුන්ට මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් සහ සිහින් පෙනුමක් ලැබිලා තිබෙනවා. ඒ වගේම බොහොම සාමකාමී ජීවන රටාවක් තමයි මේ සිලෝන් කැට්ස්ලා ගෙවන්නේ. ගැහැනුු සතුන්ට වඩා තරමක් විශාල පෙනුමක් පිරිමි සතුන්ට තිබෙනවා. ඒ නිසා ගැහැනුු සතුන්ට සාපේක්ෂව පිරිමි සතුන් කාගේත් අවධානයට පත් පත්වෙනවා. මේ වැඩිහිටි බළලුන් කිලෝ 3-5ත් අතර බරකින් යුතු වෙනවා. ඒ වගේම හොඳින් වැඩුණු බළලකු සෙන්ටිමීටර 30-35ත් අතර උසකින් යුක්තයි. මේ සිලෝන් කැට්ස්ලාට කහ සහ කොළ මිශ්‍ර රන්වන් පැහැයක් ලැබිලා තිබෙනවා වගේම අත්වල වයිරම් දැකගන්න ලැබෙනවා. ඒ නිසා ඇතැමුන් සම්බෝල පූසන් කියලත් මේ අය හ¾දුන්වනවා. ලංකා බළලුන් එහෙමත් නැති නම් සිලෝන් කැට්ස්ලාගේ නළලේ නාගයාගේ පෙණය ආකාරයේ සලකුණක් දැකගන්න ලැබෙනවා. නාගයන් අදහන ඊජිප්තුව වගේ රටවල වැසියන් මේ නාග සලකුණ තිබෙන බළලුන් වාසනාවේ සංකේතයක් ලෙසින්ද හ¾දුන්වනවා. අපේ රටේ සිලෝන් බළලා බොහොම ආදරණීය සත්ත්වයෙක් වන අතර පවුලේ සාමාජිකයන් සහ ආගන්තුකයන්ටද ඉතාම මිත්‍රශීලී බවක් දක්වනවා. ඒ වගේම බොහොම ජව සම්පන්න බවක් දැක ගන්න ලැබෙන මෙම බළලුන් සෙල්ලමට බොහෝ සෙයින් ප්‍රිය කරනවා. ලාංකේය බළලුන්ගේ තවත් එක් විශේෂත්වයක් තමයි ඔවුන් තෝරගන්නා සහකාරිය සමඟ මාස හයක් පමණ ප්‍රේමයෙන් බැඳී සිටිනවා. ඉන් පසුව තමයි ඔවුන් තම වර්ගයා බෝ කිරීම ආරම්භ කරන්නේ. ඒ වගේම සිලෝන් කැට්ස්ලාගේ ගැහැනු සතුන් විශිෂ්ට මවුවරුන් ලෙසද පැවැසෙනවා. මොකද මේ බළල් මවුවරුන් තම පැටවුන්ට කිරි දෙන්නේත් බොහොම ආදරයෙන්. ලංකා බළලුන් කියන්නේ බොහොම විචක්ෂණශීලී, පිරිසක්. ඔවුන් පරිසරයේ නිහඬ බවට කිසිම හානියක් නොවන ආකාරයට තමයි ඇවිදින්නේ. ඒ නිසා මේ සතුන් පහසුවෙන්ම ගොදුරු සොයා ගන්නවා.

    ලාංකේය බළලාට ලෙඩ රෝග වැල‍ෙ¾දන්නේත් බොහොම අඩුවෙන්. මොකද ඔවුන් නිතරම කුප්පමේනියා ශාකයේ කොටස් ආහාරයට ගන්නවා. ඉතින් මේ ලාංකේය බළලාගේ සෞඛ්‍ය සම්පන්න බව නිසාම වසර පහළොවකට ආසන්න කාලයක් ජීවත් වෙනවා. මේ සතුන් මිනිසුන්ට බොහොම සමීප නිසා අපි කන බොන දේවල් වගේම, අපේ සිතුම් පැතුම් පවා කලක් යද්දී ඔවුන් හොඳින් තේරුම් ගන්නවා. ඉතින් මේ සතුන් ජීවත්වෙන නිවැසියන්ගේ මානසික ව්‍යාකූලත්වය තේරුම් අරගෙන අපේ මනස සැහැල්ලු කරගන්න උත්සාහ කරනවා. අපව තනි නොකර, අපෙ අසලින්ම නිදා ගනිමින්, අප වටා දැවටෙමින්, අපත් එක්කම කාලය ගත කරනවා.

    මේ අහිංසක සතුන්ට බොහෝ දෙනෙක් අකැමැත්ත දක්වන්නේ මේ සතුන් තැන තැන ජරා කරනවා. ගෙදර තිබෙන ආහාරපාන හොරෙන් කනවා, මවිල් විස වෙනවා යැයි මැසිවිලි නඟමින්. නමුත් ඔබේ සුරතල් බළලාට නිසි ලෙස ආදරය දයාව අවධානය හිමි වෙනවා නම් ඔවුන් ඔබගේ සමීපතමයන් යැයි සිතා කටයුතු කරනවා නම්, නිවෙසේ තැන තැන ජරා කරන්නේවත්, හොරෙන් කන්නේවත් නැහැ. ඒ වගේම සතියකට වරක් හෝ ඔබේ සුරතල් බළලා නහවා පිරිසුදු කරන්නේ නම් ඔවුන්ගේ මවිල් හැලීම සියයට සියයක්ම නවතිනවා. බොහෝදෙනෙක් බළලුන්් අපිරිසුදු සතුන් යැයි සැලකුවත් ඇත්තටම බළලුන් කියන්නේ බොහොම පිරිසුදු සතුන් වර්ගයක්. ඉතින් ඒ නිසා නිරන්තරව ඔබේ සුරතල් බළලාට ආදරය, සෙනෙහස ලබා දෙන්න. ඔවුන්ව ආදරයෙන් රැකබලා ගන්න. ඒ වගේම අපේ රටට ආවේණික සිලෝන් කැට් කෙනෙක් ඔබේ නිවෙසේත් ඉන්නවා නම් ඔවුන් වෙනත් ජාන සහිත බළල් විශේෂ සමඟ මුසු වෙන්නට නොදී ලංකා බළලාගේ අනන්‍යතාව ආරක්ෂා කර ගන්න උත්සාහ කරන්න.

    නිශානි සවින්දිකා රාජපක්ෂ

    Source:
    https://mawbima.lk/2024/06/22/දේශ-දේශාන්තරවල-කරක්-ගැහු/
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,927
    113
    ඒ වගේම සතියකට වරක් හෝ ඔබේ සුරතල් බළලා නහවා පිරිසුදු කරන්නේ නම් ඔවුන්ගේ මවිල් හැලීම සියයට සියයක්ම නවතිනවා. බොහෝදෙනෙක් බළලුන්් අපිරිසුදු සතුන් යැයි සැලකුවත් ඇත්තටම බළලුන් කියන්නේ බොහොම පිරිසුදු සතුන් වර්ගයක්. ඉතින් ඒ නිසා නිරන්තරව ඔබේ සුරතල් බළලාට ආදරය, සෙනෙහස ලබා දෙන්න. ඔවුන්ව ආදරයෙන් රැකබලා ගන්න. ඒ වගේම අපේ රටට ආවේණික සිලෝන් කැට් කෙනෙක් ඔබේ නිවෙසේත් ඉන්නවා නම් ඔවුන් වෙනත් ජාන සහිත බළල් විශේෂ සමඟ මුසු වෙන්නට නොදී ලංකා බළලාගේ අනන්‍යතාව ආරක්ෂා කර ගන්න උත්සාහ කරන්න
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    නමුත් ඔබේ සුරතල් බළලාට නිසි ලෙස ආදරය දයාව අවධානය හිමි වෙනවා නම් ඔවුන් ඔබගේ සමීපතමයන් යැයි සිතා කටයුතු කරනවා නම්, නිවෙසේ තැන තැන ජරා කරන්නේවත්, හොරෙන් කන්නේවත් නැහැ.
    :no: :no: r/CatsAreAssholes

    වැස්ස වෙලාවට එලියට ගිහින් ගොනා වගේ මඩ පිටින් ලැප් එක උඩට නගිනවා
    මීයෝ කාලා ඉතුරු බාගේ මට ගෙනත් දෙනවා
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,262
    26,723
    113
    Kandy
    පූස් ෆෑන් ලට ජය වේවා !
    කෝ ඉතින් සීලෝන් කැට් කෙනෙක්ගේ පොටෝ එකක් නෑ නේ

    @Solo Rider
    දැන් එයි බුරාගෙන

    hamba una
    https://animalia.bio/pets/ceylon-cat

    Ceylon cat​

    The Ceylon is a breed of cat native to Sri Lanka. Currently, this breed is still very rare and is not widely recognized outside of Europe.

    menna oya itali doctor gana article ekak

    http://messybeast.com/lostbreed-ceylon.htm

    aBr5KEyca0ROh7OFG81WtbqGqwKErUWcU7W2Wze7.webp



    @Solo Rider ge gedara inna pus doublatath me wage
    ------ Post added on Jun 23, 2024 at 8:10 PM
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,045
    6,395
    113
    kandy
    :no: :no: r/CatsAreAssholes

    වැස්ස වෙලාවට එලියට ගිහින් ගොනා වගේ මඩ පිටින් ලැප් එක උඩට නගිනවා
    මීයෝ කාලා ඉතුරු බාගේ මට ගෙනත් දෙනවා
    :yes:
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    :no: :no: r/CatsAreAssholes

    වැස්ස වෙලාවට එලියට ගිහින් ගොනා වගේ මඩ පිටින් ලැප් එක උඩට නගිනවා
    මීයෝ කාලා ඉතුරු බාගේ මට ගෙනත් දෙනවා
    UPDATE:

    asshole here with dirty paws, stole my damn dinner chicken



    ate a demon spooder



    same routine every night :angry:
    look at that stupid gigachad face
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,927
    113
    UPDATE:

    asshole here with dirty paws, stole my damn dinner chicken



    ate a demon spooder



    same routine every night :angry:
    look at that stupid gigachad face
    ෂුවර් . උඹේ මුනේ ෆීචස් සුත් ඔය වගේ.අනිවා :lol: