සිවිල් ආරක්ෂක nidahas pokurak set wei wage

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    13,269
    10,812
    113
    සෞඛ්‍ය අංශ උපදෙස් නොතකා සිවිල් ආරක්ෂක භට පිරිසක් නිදහස් දින පෙරහුරුවේ

    මිහින්තලේ පිහිටි සිවිල් ආරක්ෂක පුහුණු පාසලේ නිලධාරින් 17 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

    මේ අතර, එම සිවිල් ආරක්ෂක පුහුණු පාසලේ සිට 200ක පමණ පිරිසක් සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් නොතකා කොළඹ නිදහස් දින පෙරහුරුවලට සහභාගි වී ඇතැයි ප්‍රදේශයභාර සෞඛ්‍ය අංශ අනාවරණ කරයි.

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් පැමිණි භටයින් 500 ක පමණ ප්‍රමාණයක් එම පුහුණු පාසලේ පුහුණුවීම්වල නිරතව ඇති අතර ඉන් බොහෝ දෙනෙකුට කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව තිබූ බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

    අවසන්වරට 40 දෙනෙකු සම්බන්ධ කරගනිමින් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    ඒ අනුව සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදී ඇත්තේ පුහුණු පාසලේ සැලකිය යුතු පිරිසක් ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් වීමේ ඉහළ සම්භාවිතාව හේතුවෙන් පුහුණු පාසලේම නිරෝධායනයට යොමු කරන ලෙසය.

    එහෙත් ඉන් 200ක පමණ පිරිසක් කොළඹ නිදහස් දින පෙරහුරුවලට සහභාගි වීම නිසා කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉහළ අවදානමක් මතුව ඇතැයි අනුරාධපුර ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පැවසීය.

    මේ පිළිබඳ වැඩිදුර අදහස් දැක්වු අනුරාධපුර ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා,

    ‍“ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ආව සිවිල් ආරක්ෂක බලකා සෙබළුන් කොළඹ පැවැත්වෙන නිදහස් උත්සවයේ පෙළපාලිය සඳහා පුහුණුවීම් සිදුකළේ, මෙතෙන 500 - 600ක පමණ පිරිසක් හිටියා. මේකේ අපි අහඹු පීසිආර් පරීක්ෂණයක් කරා ඒ පරීක්ෂණ 40ක් කරපු අවස්ථාවේ අපිට රෝගීන් 2ක් හමුවුණා. ඒ අනුව අපි එතැන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරා සුළු ප්‍රමාණයක්. ඒකෙන් තවත් රෝගීන් 5ක් හමුවුණා. සියලුම රෝගීන් අනුරාධපුරේ පදිංචි අය නෙමෙයි. පිටින් ඒ පුහුණුවට ආව අය. මේකේ 500ක් වගේ සියලුදෙනා පුහුණු වුණේ, එකම ස්ථානයක, ආහාර ගත්තේ එකට. කොළඹට පෙළපාලියට සහභාගී වීමට 200ක පමණ පිරිසක් කොළඹට යොමුකරලා තිබුණා. උණ, කැස්ස, හෙම්බිරිසාව තියෙන අනෙක් රෝග තත්ත්වවලින් පෙලෙන අය මිහින්තලේ, නීතියගම ප්‍රදේශයේ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානයක තියලා ගිහින් තිබුණා. ඊට පස්සේ අපි එම ස්ථානයේ සිටි 40කට රැපිඩ් ඇන්ටිජන් කරාම තවත් 10ක් සොයා ගත්තා. ඒ අනුව පෙනී ගිය දේ තමයි මෙතෙන රැස්වෙලා හිටිය මුළු සිවිල් ආරක්ෂක භට කණ්ඩායම පුරාම කොවිඩ් වෛරසය පැතිරිලා කියන එක.“