සිවිල් නඩු ප්‍රතිකර්ම ~ ඉන්ජන්ෂන් තහනම්

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    සිවිල් නඩු ප්‍රතිකර්ම ~ ඉන්ජන්ෂන් තහනම්

    ඉන්ජන්ෂන් තහනම් කියලා පොදුවේ කියන්නේ යම් කිසි පුද්ගලයකුට යම් කිසි දෙයක් කිරීමට තහනම් කිරීම..:rolleyes:

    ඉන්ජන්ෂන් තහනම් ප්‍රධාන වශයෙන් ආකාර තුනයි..

    1. වාරණ නියෝග

    යම් කිසිවෙකු කිසියම් ක්‍රියාවක් කිරීම වැලැක්වීම සඳහා දින 14ක් බල පැවැත්වෙන පරිදි මෙවැනි නියෝග නිකුත් කරනවා.මේක නිකුත් කරන්නේ එක පාර්ශ්වයක කරුණු දැක්වීම පදනම් කරගෙන විතරයි.දවස් 14 කට දෙන්නේ අනිත් පාර්ශ්වයට අවිල්ලා වාරණ නියෝගය ඉවත් කරගන්න කරුණු දක්වන්න පුලුවන් වෙන විදිහට.

    2.අතුරු ඉන්ජන්ෂන් තහනම

    මේකත් වාරණ නියෝගයක් වගේම තමයි හැබැයි මේ තහනම නඩු විභාගය අවසන් වෙනකන් බල පැවැත්වෙනවා..මේ ඉන්ජන්ෂන් තහනම් නිකුත් කරන්නේ දෙපාර්ශ්වයේම කරුණු සලකලා බලලා.

    3.ස්ථිර ඉන්ජන්ෂන් තහනම්

    නඩුවක් විභාග කරලා ඉවර උනාම ඒ කියන්නේ නඩුවේ අවසාන තීන්දුව දෙද්දි නිකුත් කරන තහනම් නියෝගය තමයි ස්ථිර ඉන්ජන්ෂන් තහනම් කියන්නේ..

    ඕක උදාහරණයකින් කියන්නම්කෝ හොදට පැහැදිලි වෙන්න..:rolleyes:
    ඔන්න හොද යාලුවෝ දෙන්නෙක් ඉන්නවා එක ලග ඉඩම් දෙකක.එක්කෙනෙක් එරෝසන් අනිත් එක්කෙනා මෛත්‍රී.:P.මෛත්‍රී කාරයගේ ගෙදර ලොකු කලු ගලක් තියෙනවා.දැන් සතියකට විතර කලින් මෛත්‍රී මැෂින් අනම් මනම් ගෙනල්ලා ගෙදර වත්තේ කලු ගල කඩන්න ගත්තා..ඒ කියන්නෙ ගල් කොරියක් පටන් ගත්තා.මේ ගල් කොරිය නිසා අහින්සක එරෝසන්ලගෙ ගෙදරට හානි වෙන්න පටන් ගත්තා.ගල් කෑලි විසි වෙලා ඇවිල්ලා වහලෙ වැදිලා වහලේ කැඩිලා.:oo:පව් අහින්සකයා ආන්ඩුවට කඩේ ගිහින් ගත්ත ෂීට් ටිකක් තමයි වහගෙන ඉදලා තියෙන්නෙත්:(.ඔක්කොටම හපන් ගල් කොරියේ සද්දේ..:baffled:

    ඔන්න ඕකට විරුද්ධව මොනවා හරි කරන්න කියලා හිතාගෙන එරෝසන් යනවා ලෝයර් කෙනෙක් හම්බවෙන්න..:rolleyes:එතකොට ලෝයර් කියනවා මේකට වාරණ නියෝගයක් ගමු කියලා..:dull:

    වාරණ නියෝගයක් ගන්න ඉල්ලද්දි පැමිණිල්ල එක්ක පැමිණිල්ලේ තියෙන කරුණු පිළිබඳව දිවුරුම් ප්‍රකාශයක් පැමිණිලිකරු දෙන්න ඕනි.(සමාන්‍යයෙන් නඩුවක් පවරද්දී පැමිණිල්ල විතරයි ඉදිරිපත් කරන්න ඕනි ඔය ඩිවෝස් නඩු වගේ දාද්දි පැමිණිල්ල විතරයි දාන්නේ නමුත් සමහර නඩු තියෙනවා ඒවට පැමිණිල්ල සමඟ දිවුරුම් ප්‍රකාශයත් ඉදිරිපත් කරන්න ඕනි.)

    සාමාන්‍ය නඩුකරයක් පවරද්දි විත්තිකරුවන්ට නොතිසි යවලා ඒ අයත් ආවම තමයි නඩුව ගැන කරුණු විමසන්නේ නමුත් වාරණ නියෝග ඉල්ලන නඩුකර වල තත්වය වෙනස්..මේ නඩුව ගොනු කරලා ඒ නඩුකරයේ පැමිණිල්ලේ දක්වලා තියෙන කරුණු අධිකරණය හමුවේ තහවුරු කරන්න ඕනී.එහෙම කරුණු තවුරු කරද්දි අධිකරණයට හිතෙනවා නම් මේක වහාම බලපැවැත්වෙන පරිදි දවස් 14 කට තහනම් කරලා වාරණ නියෝගයක් නිකුත් කරන්න ඕනි කියලා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කරනවා.
    මෙහෙම වාරණ නියෝගයක් නිකුත් කරද්දි අධිකරණය විශේෂයෙන් සලකා බලනවා පැමිණිලිකරු ප්‍රමාදයකින් තොරව අධිකරණයට ඇවිල්ලද කියලා.

    කොහොමින් කොහොම හරි වාරණ නියෝගය එරෝසන්ට වාසි වෙන්න ලැබුනා කියමුකෝ.නඩුව ඉවර උන ගමන් එරෝසන් ගෙදර ඇවිල්ලා වැට ගාවට ගිහින් අඩෝ ආප්පයා මම උබට විරුද්දව වාරණ නියෝගයක් ගත්තා දැන් ගල් කොරිය නවත්තපන් කියලා කිව්වට ගල් කොරිය නවත්තන්න මෛත්‍රී බැදිලා නෑ..වාරන නියෝගය පිස්කල් මාර්ගයෙන් මෛත්‍රී අතට බෙදුවට පස්සේ තමා ගල් කොරිය නවත්තන්න මෛත්‍රී වගකීමට බැදෙන්නේ..එහෙම පිස්කල් ඇවිල්ලා ඕඩර් එක බෙදුවට පස්සේ ගල් කොරියේ වැඩ කලොත් ඒක අධිකරණයට අපහාස කිරීමක් විදිහට සලකන්නේ..

    කොහොම කොහොම හරි දවස් 14කට පස්සේ මෛත්‍රීත් ලෝයර් කෙනෙක් අල්ලගෙන උසාවියට යනවා..දැන් තියෙන ප්‍රශ්නේ නඩුව අහලා ඉවර වෙනකන් ගල් කොරියේ වැඩ නවත්තනවාද නැත්නම් කරගෙන යන්න දෙනවද කියන එක..ඒ කියන්නේ අතුරු ඉන්ජන්ෂන් තහනම් නිකුත් කරනවාද නැද්ද කියන එක..අතුරු ඉන්ජන්ෂන් තහනම් නිකුත් කරද්දි අධිකරණය විශේෂ කරුණු තුනක් සලකලා බලනවා..
    1.පැමිණිලිකරුගේ වාසියට නඩුකරයක් බැලු බැල්මට පවතින බව
    2.අධිකරණය මැදිහත් නොවුනොත් වන්දි ගෙවීමෙන් සමනය කල නොහැකි අප්‍රතිකාරී හානි සිදු වීමට ඉඩ ඇති බව.
    3.ඉන්ජන්ෂන් තහනම් නිකුත් කිරීමේදී පැමිණිලිකරුට සිදුවන සහනය සමඟ සැසදීමේදී එය නිකුත් කිරීම නිසා විත්තිකරුට වන පාඩුව අවම වීම හෙවත් පහසුවේ සමබරතාවය

    ඔන්න ඔය කරුණු තුන තෘප්ත වෙනවා නම් අධිකරණය අතුරු ඉන්ජන්ෂන් තහනම් නිකුත් කරන්න පුලුවන්.

    හැබැයි අපි හිතමු මේ ගල් කොරිය නිසා ඇත්තටම එරෝසන්ට හානියක් වෙන්නේ නෑ එරෝසන් මේ නඩුව දැම්මේ මෛත්‍රී වෙන දේශපාලන පක්ෂයක් සමඟ සම්බන්ධ වීම පිළිබඳව ද්වේශයෙන් බොරු කරුණු අධිකරණය වෙත ඉදිරිපත් කරලා කියලා..එහෙම ඔප්පු උනොත් ඒත් අතුරු ඉන්ජන්ෂන් තහනම් නිකුත් කරන්නේ නෑ.

    ආ තව විශේෂ දෙයක් කියන්න මතක උනා මේ වාරණ නියෝග නැත්නම් ඉන්ජන්ෂන් තහනම් ලබා දෙන්නේ හානිය මුදලින් තක්සේරු කරන්න බැරි අවස්ථා වලදී විතරයි..:rolleyes:

    ස්ථිර ඉන්ජන්ෂන් තහනම් ලබා දෙන්නේ නඩුව සම්පූර්ණයෙන් විභාග කරලා ඉවර උනාම..දෙපැත්තෙන්ම ඉදිරිපත් කරන ලද කරුණු,සාක්ෂි සලකලා බලලා පැමිණිලිකරුගේ වාසියට නඩුව තීරණය වෙලා තියෙනවා කියලා සෑහීමකට පත් උනොත් අධිරණය ස්ථිර ඉන්ජන්ෂන් තහනම් ලබා දෙනවා.:rolleyes:

    දැන් මෙහෙම ඉන්ජන්ෂන් තහනම් ගන්න පුළුවන් වෙන්නේ අලුතෙන්ම පවරන නඩුවකදී විතරද ..?? :oo:
    නෑ කලින් පවරපු නඩුවකට උනත් ඉන්ජන්ෂන් තහනම් ගන්න පුලුවන්.එතකොට යම් පාර්ශ්වයක් විසින් පෙත්සමක් හා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරලා ඒකෙ කරුණු තහවුරු කරන්න ඕනී..:)