සිවිල්_යුද්ධයක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
සිවිල්_යුද්ධයක්

සිවිල් යුද්ධයක් ඇතිවීමට තිබූ ඉඩකඩ නැති කළා



champika_Ranawaka_0.jpg




මෛත්‍රී - රනිල් පාලනය රට නැවත සිවිල් යුද්ධයකට හිස එසවීමට තිබූ අවස්ථාව නැති කළ බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් සහ ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවි ප්‍රාප්තියට වසරක් පිරීමත් යහපාලන ආණ්ඩුවේ වසරක ගමන් මගේ ප්‍රගතිය පිළිබඳවත් හා ඉදිරි ගමන් මඟ පිළිබඳවත් එහි පාර්ශවකරුවෙක් ලෙස කරුණු පැහැදිලි කිරීමට බත්තරමුල්ලේ පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළ උරුම කාර්යාලයේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
ජිනීවා මානව හිමිකම් කොමිසම මඟින් අපේ රටට එරෙහිව සම්බාධක පනවන්න තිබුණා. එයට මහින්ද පාලනය කිසිදු ක්‍රියාවක් සිදු කර තිබුණේ නැහැ. සිංගප්පූරුවට කවුරුත් සම්බාධක පනවන්න කතා කරනවාද? නැහැ. රට ආර්ථික අතින් බංකොලොත් වුණොත් විදේශ ආක්‍රමණවලට ගොදුරු විය හැකියි. නැවත මේ රටේ ත්‍රස්තවාදයට හෝ බෙදුම්වාදයට ඉඩ තබන්නේ නැති බවද අමාත්‍යවරයා කීය.
හෙට (09) දිනට කෙරෙන්නේ අපේ තියෙන පාර්ලිමේන්තු නියෝගවලට අනුව තේරීම් කාරක සභාවක් පත් කිරීමයි. එහිදී කෙරෙන්නේ ව්‍යවස්ථාවට තවත් සංශෝධන අවශ්‍ය නම් ඒවා ඇතුළත් කිරීම බවද හෙතෙම කීය.
රටට අත්‍යවශ්‍ය මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහාත් නියම දේශප්‍රේමීන් ලෙස රටේ ආර්ථිකයට ශක්තිය ලබා දීමට කැප වන බවත් ඇමැති පාඨලී චම්පික රණවක මහතා මෙහිදී අවධාරණය කළේ ය.
පළාත් සභාව තුළ රාජපක්ෂ රෙජිමය තවමත් හොල්මන් කරන බව පැවසූ පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා මම ද එයට මැදි වූ කෙනෙක් බව ප්‍රකාශ කළේ ය.
දූෂිත බලවේග මහ නගර සභාව, නගර සභාව,පළාත් සභාව තුළ හොල්මන් කරනවා. රාජපක්ෂ රෙජිමයේ අක්මුල් සිඳලා ඉදිරි කාලයේ කටයුතු කළ යුතු බවද හෙතෙම කීය.
පසුගිය වසරේ ජනවාරි 08 දා මෙරට සිදු වූණේ නිහඬ ‍විප්ලවයක්. බොහෝ දෙනා හිතුවා රාජපක්ෂ පාලනය සාමකාමීව පෙරළා දමන්න පුළුවන් වෙයි කියලා. නමුත් කෙසේ හෝ බුලට් එකෙන් කරන්න වෙයි කියලා හිතූ දේ බැලට් එකෙන්කරන්න පුළුවන් වූ බව නිශාන්ත වර්ණසිංහ මහතා කීය.
අද අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු වෙලා. එයට කිසිවකු බලපෑම් කරන්නේ නැහැ. අද පොලීසියට බලපෑම් කරන්න යන්නේ නැහැ. ගුරුවරු දණ ගැස්සුවත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. ජනමාධ්‍යවේදීන් රාජපක්ෂ පාලනය යටතේ මහත් බියකින් හිටියේ. අද මාධ්‍යවේදීන්ට නිදහසේ කටයුතු කරන්න පුළුවන් වෙලා තියෙනවා. ජනාධිපතිතුමාට දේශද්‍රෝහියා කියනවා. අද ඒවගේ නිදහසක් ජනතාවට ලැබී ඇති බවද හෙතෙම මෙහිදී වැඩි දුරටත් කියා සිටියේ ය.
ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික හැඩිගල්ලේ විමලසාර නාහිමි,බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරළ මහත්මිය ඇතුළු නිලධාරී පිරිසක් මේ අවස්ථාවටසහභාගි වූහ.