සිවුරු Hora karen Deneee

shonax

Member
Oct 7, 2009
824
33
0
:lol:මාතර දානය:lol:

2009 ඔක්තෝබර් 04 වැනිදා මාතර පාලටුවේදී ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් පැවැති දානමය පුන්ය කර්මයක හොර මගඩි අපි මීට පෙර හෙළිදරව් කළෙමු. එම දානය භික්ෂූන් වහන්සේලා 600 නමකට ලබා දී තිබුණේ ජනාධිපතිවරයාගේ මව සිහිපත්වීම පිණිසය. මෙම දානයේදී භික්ෂූන් වහන්සේලා සදහා සිවුරු 600 ක් පූජාකර තිබුණේ මහ රජාගේ මුදලින් නොවේ. ජනතාවගේ මුදලිනි. රුහුණු සංවර්ධන බැංකුවේ අධ්යක්ෂක මණ්ඩලය සැප්තැම්බර් 22 දා එකතුවී අංක 3656/2009 දරණ මාණ්ඩලීය පත්රය මගින් සිවුරු සදහා රුපියල් 3,60000ක් වෙන් කළ බව අපි අනාවරණය කළෙමු. එම මුදලින්ද භික්ෂූන් වහන්සේලා 450 නමකට සිවුරු වෙනුවට අදන ලබාදී වංචාවක් කර ඇති බවද අපි අනාවරණය කළෙමු. දැන් ඒ නාට්යයේ දෙවන ජවනිකාව වේදිකා ගතවී තිබේ.

ලොක්කට දඩුවම්

ජනාධිපතිවරයා මුලින් අදහස් කර සිටියේ මෙම සිවුරු තමන්ගේ මුදලින් ලබා දෙන බව රටට පෙන්වීමටය. නමුත් රුහුණ සංවර්ධන බැංකුව අනුග්රහයෙන් එම සිවුරු ලබා දෙන බවට සදහන් ලිපියක් සිවුරු පාර්සල් තුළ බහා තිබිණි. එබැවින් ජනාධිපතිගේ දානය අනුන්ගේ මුදලින් දුන් දානයක් බව හෙළිදරව් විය. මෙම සිදුවීමෙන් දැඩි කෝපයට පත් ජනාධිපතිවරයා රුහුණ සංවර්ධන බැංකුවේ සභාපතිවරයාව මරු කර හැරීමට නියෝගකර ඇත. ඒ අනුව රුහුණ සංවර්ධන බැංකුවේ සභාපති දයා පලිහක්කාර මහතා මාරුකර යවා ඒ වෙනුවට සරත් ද අල්විස් මහතා නව සභාපති ලෙස පත්කොට ඇතැයි වාර්තාවී තිබේ. චීවරයෙනුත් ගසා කෑ සොරකම හෙළිදරව්වීම නිසා කෝපයට පත් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත. නමුත් සභාපති මාරුකර හැරීමෙන් මෙම පාපකර්මයේ විපාකයෙන් ගැලවීමට මහරජානන්ට හැකිවේද?



:):):):):):):):):):):):):):):):):):):):):):):):):) :):):):):):):):)
 

Similar threads