සිසුවා අපහරණය කළ උකුවෙල ප්‍රා. සභාවේ මහින&#353

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    සිසුවා අපහරණය කළ උකුවෙල ප්‍රා. සභාවේ මහින&#353

    වයස අවුරුදු 14 ක පාසල් සිසුවෙකු අපහරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටි මාතලේ – උකුවෙල ප්‍රාදේශීය සභාවේ මහින්ද පිලේ මන්ත්‍රිවරයකු මාතලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාතලේ වැඩබලන මහේස්ත්‍රාත් සිරිල් විමලසේන මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (19) නියෝග කර ඇත.

    කෝලිත ඒකනායක නැමති මන්ත්‍රීවරයා විසින් සිසුවා වැන් රථයක් තුළදී අපහරණයට ලක්කළ බවට එම දරුවාගේ ඥාතීන් විසින් මාතලේ පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් මත එම මන්ත්‍රීවරයා අද (19 ) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමුකර ඇති බවත් පසුව මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරි පත් කර ඇති බවත් වාර්තාවේ.

    සැකකාර ප්‍රාදේශීය මන්ත්‍රීවරයා උකුවෙල – ගුරලවෙල පදිංචි දෙදරු පියෙකි.

    ඉකුත් 14 දින උකුවෙල-ගුරලවෙල කන්දේ මඩ ගම්මානයේ තිබු මළගෙදරක සිය ලොකු අම්මා සමග පාසැල් සිසුවාද සහභාගිවී තිබේ. එම මළගෙදරට සැකකාර මන්ත්‍රීවරයාද සහභාගිවී සිට ඇත. එහිදී සැකකාර මන්ත්‍රීවරයා සිසුවා සමග උපක්‍රමශීලිව සුහදවී මිතුදමක් ගොඩ නගා ගෙන ටික වෙලාවකින් තමන් පැමිණි යතුරු පැදියේ යතුර නැතිවී ඇති බැවින් එය සොයා ගැනීමට උදව් කරන ලෙස මන්ත්‍රීවරයා සිසුවාගෙන් ඉල්ලා තිබේ.

    පාසල් දරුවා තම ලොකු අම්මාට මේ බව පවසා අවසර ගෙන මන්ත්‍රීවරයා සමග මළ ගෙදරින් පිටතට පැමිණ යතුර සොවීමට උදව් වී ඇත. එහෙත් ටික වෙලාවකින් යතුර හමුවී ඇති බව පවසා එය සොයාදීමට උදව් කලාට පාසල් සිසුවාට තෑග්ගක් ලබාදීමට අවශ්‍ය බව පවසා තිබේ. එම සිසුවාට බෆල් එකක් ලබාදීමට යැයි පවසා තමා සමග පැමිණෙන ලෙස දන්වා යතුරු පැදියේ පිටුපස නංවා ගෙන මළගෙදර සිට කිලෝ මීටර් හතරක් පමණ දුරින් වූ උකුවෙල නුගපිටිය ප්‍රදේශයේ පාළු වත්තක පිහිටි නිවෙසකට රැගෙන ගොස් තිබේ.

    පසුව ඒ අසල ගරාජයක නතර කර තිබු වැන් රථයක් තුළදී තමාව අපහරණයට ලක්කල බව සිසුවා පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට පසුගිය 17 දින පැමිණිලි කර තිබිණි.

    අපහරණයට ලක්වූ සිසුවා විශේෂඥ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාතලේ රෝහලට ඇතුලත් කර ඇත.

    සිද්ධිය සම්බන්ධව මාතලේ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරයි.
    :angry:
     
    • Like
    Reactions: Bart_Allen

    Similar threads