වසර 7ක් තිස්සේ තම දියණිය අඹුව ලෙස තබාගෙන සිටි අපූරු පියකු තඹුත්තේගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙවැනි වරටත් මෙම මස 30 දක්වා රක්ෂිත බන්ධනාගරගත කිරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් සනත් කේ මොරවක මහතා නියෝග කළේය, සැකකරුගේ බිරිය වසර ගණනාවක සිට විදේශ රැකියාවක නිරතවී සිටින අතර නිවසේ සිට ඇත්තේ සැකකරු දියණිය හා පුතාය, දියණියගේ වයස අවුරුදු 11 සිට වසර 18 දක්වා සැකකරු විසින් මෙම දරුවා අපයෝජනය කරනු ලැබ පසුව නිසි වයසට පැමිණීමෙන් පසු තරුණයකුට විවාහ කර දී ඇත, නමුත් තරුණයාට මෙම තරුණියගේ ඇතැම් ක්‍රියාකලාපයන් නිසා මේ පිළිබදව විමසීමේදි මුලින් බොරු පවසා පසුව සත්‍ය හෙළිකර ඇත, ඉන්පසු ස්වාමියාගේ මව සමග ඇය තඹුත්තේගම පොලිසියට පැමිණීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත, මෙම සැකකරු තඹුත්තේගම පදිංචි දේවාලයක් පවත්වාගෙන යන කපුවෙකි, තඹුත්තේගම පොලිසිය මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ප්‍රේම සම්බන්ධතාවයක් නිසා 19 හැවරිදි පාසල් සිසුවියක් ලිපියක් ලියා ගෙල වැළලාගෙන මියගොස් ඇත
මිතුරියගේ ප්‍රේම සම්බන්ධතාවට උදව් කළායි මිතුරියගේ දෙමාපියන් විසින් චෝදනා කිරීම නිසා සිත් තැවුලට පත් තරුණියක් තම නිවසේදි ගෙල වැළලාගෙන මියගොස් ඇත, මෙසේ මියගොස් ඇත්තේ 225 දියවරලගම යාලහන්දිය කිරින්ද තිස්සමහාරාම ලිපිනයේ පදිංචිව සිටි 19 හැවරිදි පාසල් ශිෂ්‍යාවකි, මියගොස් සිටින චතුකි ප්‍රසාදිකා යන අය මෙම වසරේ අ පො ස (උ පෙළ) විභාගයට වානිජ අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි අතර මියයන විට ඇය 13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටියාය, රතු පෑනකින් ලිපියක් ලියා තබා තම කාමරයේ වහලයේ එල්ලී 16දා දහවල් මෙම තරුණිය මියගොස් සිටියදී මුලින්ම දැක ඇත්තේ මියගිය තරුණියගේ මව විසිනි, නිවසේ කිසිවකුත් නොමැති අවස්ථාවක නිවසේ දොර වසා දමා කාමරයේ වහලයේ එල්ලී ඇය මියගොස් ඇත, තිස්සමහරාම හදිසි මරණ පරීක්ෂක කේ. ජි. ඩී නෙරංජන් මහතා ඉදිරියේ 17 දින මරණ පරීක්ෂණය පවත්වන ලද්දේ තිස්සමහරාම මූලික රෝහලේදිය, මරණ පරීක්ෂකවරයා ඉදිරියේ සාක්ෂි දුන් මියගිය ශීෂ්‍යාවගේ පියා වන වීරසිංහ ආරච්චිගේ පියතිලක යන අය මෙසේ කීය, මම රියදුරකු ලෙස සේවය කරනවා, මට දරුවන් තිදෙනකු
Last edited:
