සිහිනයක පරතරය

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    යන්තමට සොළොසක් පිරුණු දා
    අප්පච්චි එක්කම ගාටලා
    ලොකු ගේක සිවිලිම දිහා
    බලා ඉද්දිම අප්පච්චි ගියා

    දෙක තුනක් දින ගතවෙලා
    තනිකමට හිත පෑරුණා
    ඉසිඹුවක් ඇත ඇත කියා
    දා බිංදු මා හා හිනැහුණා
    නින්ද පැදුරට එන තුරා
    රෙදෙන අත් පා සනසලා
    ලද ඇසිල්ලක නෙත පුරා
    පැනයක් තියා සිත දුර ගියා
    හීනෙනුත් හිනැහෙන බේබිලා
    ඒ දකින්නේ මොනවද කියා
    මම නම් දකින්නෙම,
    අම්මලා අප්පච්චිලා