සිහිනෙකින් කියවෙන දේ

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    සිහිනෙකින් කියවෙන දේ

    dreamships.jpg


    සුභ හීන ඵලා පල ගැන ත්‍රේඩ් එක.... http://www.elakiri.com/forum/showthread.php?t=1432451

    අශුභ ඵල ගෙන දෙන හීන.......

    01.වදුරන් ගස් උඩ යනවා දු‍ටුවහොත්-නීති මගින් දඩුවමක්....

    02.වලසුන්,උකුස්සන්,ඌරන් දැකීම-නඩු හබ තව තව වැඩිවේ,නිදහස පැතීම අසීරු වේ....

    03.දරුණු ලෙස සිනහ සෙනවා දු‍ටුවහොත්-අඩ අඩා සිටීමට කරුණක් සිදුවන බව පෙන්නුම් කරයි.....

    04.ඩයම් කිරීමට යාම,මඩ වගුරකින් යෑම දු‍ටුවහොත්-පවුලේ නෑදෑයකුගේ හිසේ හෝ මොළයේ දරුණු ආබාධයක්....

    05.තමාගේ නිවසේ දෙබරයක් බැද තිබෙනවා දු‍ටුවහොත්-දූදරුවන් අතරේ අඩ දබර ඇතිවේ...

    06.තලගොයින්,කබරයින් ආදි සතුන් ගෙට එනවා දු‍ටුවහොත්-ගෙදරින් පිටවීමක්,අන්සතු වීම්ක්,විවාහ පත් වුවන් අතර අඩ දබර ඇතිවේ....

    07.ගොම් මැටි ගෙයි ගැම,විශාල ගස් සමූහයක් දු‍ටුවහොත්-සතුරු විනාශයක්....

    08.දත් වැටීම හෝ දිව වැටීම දු‍ටුවහොත්-භායානක විපතක්,මරණයක් දරුණු පීඩාවක් අත ලගම...

    09.වැලි කදු, දු‍ටුවහොත්-බලපොරොත්තු ඉ‍ටු නොවේ...

    10.විශාල ගල් පර්වතයක් දු‍ටුවහොත්-හිතවතෙකුගෙන් සහනයක් අයදීමට සිදුවේ...

    11.දුෂ්කර ස්ථානයක උත්සවයක් දැකීම-රෝගී තත්ත්වයක් හෝ දුක්බර පුවතක්...

    12.ගසකින් වැටී අනතුරකට පත්වීම-ගමන් බිමන් යාමේදී හදිසි අනතුරකට පත් විය හැක..

    13.ගැරඩියෙකු,මකුළුවෙකු දැකීම-අඩු කුලයේ ස්ත්‍රියක් සමග ගැටී ආරවුල් ඇති කර ගනී...

    14.පොලගෙකු දු‍ටුවහොත්-රෝග වලට,කරදරවලට හසුවේ....

    15.කලු නයෙකු දු‍ටුවහොත්-නුවමනා දේ වලට පවා පැටලේ,ඇසුරු කරන අයගෙන්ම වෙන් වීමට පවා කරුණු යෙදේ,තම ජීවිතය පවා අනතුරු දායක වීමට ඉඩ තිබේ...

    16.ගිරවෙකු දැකීම-එක හා සමාන්තරව සිටි තම හිතවතෙකුගෙන් වෙන්වීමක් සිදුවෙයි...

    17.වහනයක් පෙරලෙනවා දු‍ටුවහොත්-මාරකයක් පිළිබදව අසන්නට ඉඩ ඇත...

    18.අලන්කාර ලෙස ඉදුනු පළතුරු වර්ග දැකීම-බෝවන රෝග පිඩා තමා වෙත තව තව ලන් වේ...

    19.පළතුරු වර්ග තව කෙනෙකුට දෙනවා දු‍ටුවහොත්-මව හෝ පියාගේ ජිවිතයට අනතුරක් පෙන්නුම් කරයි..

    20.එම පළතුරු වර්ග තමන් අනුභව කරනවා දු‍ටුවහොත්-මවගේ නෑදෑ කෙනෙකුගේ විපතක් අසන්නට ලැබේ..

    21.ගේ තුල හතු පිපී තිබෙනවා දු‍ටුවහොත්-ගින්නෙන් මහ විපතක් නැතහොත් ගෙයින් පිටවීමක්...

    22.ඉර හද තරු කඩ වැටෙනවා දු‍ටුවහොත්-දරුණු කරදර වැලකට පැටලේ...

    23.අළු ඇටක‍ටු හා කලු ඇදුම් අදිනවා දු‍ටුවහොත්-ජීවිතය එපා වීමට තරම් කරුණු සිදුවේ..

    24.වලසෙකු දැකීම-මිතුරකු සමග දරුණු අමනාපයක් වීමට සිදුවෙයි...

    25.කොටියෙකු සිහිනෙන් පෙනීම-අබිරහස් කටයුත්තකින් උඅවදුරක් ඇති වේ...

    26.කුළු හරක් දු‍ටුවහොත්-සතුරු කරදරයක් නිසා අනතුරක් පෙන්නුම් කරයි....

    27.ගන්ගාවක් අසලදී සතුරකු මුන ගැසෙනවා සිහිනෙන් දු‍ටුවහොත්-ගෞරවයට හානිවන කටයුත්තකට මුහුණදී,දෝෂාරෝපණවලට ලක්වන ලෙසට කරුණු සිදුවනවා ඇත..

    28.මඩ වගුරු සහිත දිය උල්පත් දු‍ටුවහොත්-සර්පයින්ගෙන් අනතුරු සිදු වෙයි...

    29.ගෙම්බන් දැකීම-විනෝද ගමන් බිමන් වලදී ප්‍රවේසම් වන්න.....


    පොත පත ඇසුරෙන් තමයි මචන් ලා මේක ලිව්වේ...හොදනම් rep රේප් දීලා යන්න...නැත්තම් බම්ප් එකක් හරි දෙන්න,,,

    සුභ හීන ඵලා පල ගැන ත්‍රේඩ් එක...http://www.elakiri.com/forum/showthread.php?t=1432451
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    RePost බුවා;12730317 said:
    මචන්, හොද දෙයක් දකින්නෙම නැද්ද බන්??????
    ඔක්කොම තියෙන්නෙ ඇඩෙන, මැරෙන, බය හිතෙන එවනේ......

    ඇයි බන් ඔය තියෙන්නේ ඔය ලින්ක් එක බලපන්