සීතල යුද්ධය
බටහිර සමග කලක සිට ඇති වී තිබෙන නොහොඳ නෝක්‌කාඩු දැන් සීතල යුද්ධයක් බවට පත් වී ඇත. කොටි සංවිධානය සමග ආයුධ සන්නද්ධව කෙරුණු සටන් වෙනුවට දැන් ඇත්තේ බටහිර සමග කෙරෙන සීතල යුද්ධයකි. අද බටහිරට සිංහලත්වයට එරෙහිව යොදා ගැනීමට මෙරට කොටි සංවිධානයක් නැත. එහෙත් එයින් කියන්නේ දැන් ලංකාවේ කොටි නොමැති බව නො වේ. වවුනියාවේ කඳවුරුවල තවමත් කොටි සාමාජිකයන් ඇති බව ආණ්‌ඩුවේ මතය වෙයි. මෙයින් එකකු හෝ දඬුවම් නො ලබා පිටවී යැම උතුරේ දෙමළ ජනතාවටත්, රටටත් ප්‍රශ්නයක් වනු ඇත. බිම් බෝම්බ සියල්ල ඉවත් කළත් නිසි පරීක්‍ෂණයකින් තොරව කොටින් නිදහස් කිරීම රටේ ස්‌වෛරිභාවයට නැවතත් ප්‍රශ්න මතුකරනු ඇත. එහෙත් අද සෝල්හයිම්ගේ සිට හිටපු ඇමරිකානු තානාපති බ්ලේක් දක්‌වාත් රනිල් වික්‍රමසිංහගේ සිට පාකියසෝතිලා, ජෙහාන් පෙරේරලා පමණක් නොව සාමය සඳහා යෑයි අටවාගෙන තිබෙන විවිධ ක්‍රිස්‌තියානි සම්මේලනවල සංවිධාන දක්‌වාත් අගරදගුරුතුමන්ලා දක්‌වාත් චැනල් ෆොa හෙවත් බිරිතානියේ හතරවැනි නාලිකාව යෑයි ප්‍රසිද්ධ ජඩමාධ්‍යයයේ සිට මෙරටින් පැනගිය ජඩමාධ්‍යවේදීන් දක්‌වාත්a සියල්ලන්ට අවශ්‍ය වී ඇත්තේ ඊනියා අවතැන් වූවන් මානුෂිකත්වයේ නාමයෙන් මුදාහැරීම ය.
මේ අය සියලු දෙනාම එක් රෑනක කුරුල්ලෝ වෙති. මොවුන්ගෙන් බොහෝ දෙනකුට කොටි සමග විවිධ සම්බන්ධකම් තිබුණි. ඇතැම්හු කොටි සමග යුරෝපයේ පෙළපාළි ගියහ. තවත් අය කොටි වෙනුවෙන් විවිධ කටයුතුවල නිරත වූහ. කොටි වෙනුවෙන් යාඥ කළ ඔවුන් සමග රෝමයේ හා වෙනත් තැන්වල දේවපූජා පැවැත්වූවෝ ද ඒ අතර වෙති. ආණ්‌ඩුව ඔවුන් කවුරුන් වුවත් කිනම් උසස් තනතුරක් දැරුවත් කුමන සළු පිළි පෙරවාගෙන සිටියත් කුමන ලෝගු පැළඳ සිටියත් කාගේ කවුරු වුණත් ඉතා ඉහළ පෙළේ ගැහැණුන් හා පිරිමින් ආශ්‍රය කළත් ඔවුන්ගේ පැරණි හා නව ක්‍රියාකාරකම් ගැන සම්පූර්ණ පරීක්‍ෂණයක් පැවැත්විය යුතුය. පාකියසෝති සරවනමුත්තුට මරණීය තර්ජන තිබෙන බවත් එයට තමන් විරුද්ධ බවත් මෛත්‍රී, සුනන්ද දේශප්‍රිය, උයන්ගොඩ ආදී පිsරිසක් මුදල් ගෙවා පළකර ඇති පුවත්පත් දැන්වීමක් මගින් ප්‍රචාරය කර ඇත. මේ නිකම් ආවට ගියාට පළකරන පුවත්පත් දැන්වීම් නොවේ. පාකියසෝතිට ඇති මරණ තර්ජන කවරේදැයි අපි නො දනිමු. ඔහු මරන්නට අවශ්‍ය කාට ද යන්නත් ප්‍රශ්නයකි. එහෙත් ඔහුට ඔහු විසින් පමණක් යමක් කිරීමට තරම් ශක්‌තියක් ඇති පුද්ගලයකු නොවන බව නම් අපි දනිමු.
කොටින්ට මානව අයිතිවාසිකම් ඇත. එහෙත් ඒ යුරෝපයේ මිස ලංකාවේ නොවේ. අප බොහෝ විට කියා ඇත්තේ ඊනියා මානව අයිතිවාසිකම් යනු අන්කිසිවක් නොව බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ ඇති වූ සංකල්පයක් පමණක් බවත් ඉන් කෙරෙන්නේ එක් පැත්තකින් යුරෝපීය වැඩවසම් සමාජයේ සමස්‌ත සමාජයට හා ඒ ඇසුරෙන් රාජ්‍යයට බැඳ තිබූ පුද්ගලයාට රාජ්‍යයෙන් යම් නිදහසක් ලබාදීම බවත් අනෙක් පැත්තෙන් ක්‍රිස්‌තියානි නොව සංස්‌කෘතීන්ට එරෙහිව ඇතැම් බාධක පැමිණවීමට හා බලපෑම් ඇති කිරීමට බටහිරයන්ට ඉඩ ලබාදීම බවත්ය. කොළඹ විශ්වවිද්‍යාලයේ බටහිර දේශපාලන විද්‍යාව උගන්වන අයෙක් බටහිරයන්ට හෝ වෙනත් අයගේ හෝ ලිපි ලේඛනවල ඒ බව දැක ඇත්දැයි මම නො දනිමි. එහෙත් බටහිර මානව අයිතිවාසිකම් පිළිබඳ එවැනි ප්‍රකාශයක් අනගාරික ධර්මපාලතුමා නොකළ බව නම් මට විශ්වාසය. මා ඒ බව කියන්නේ ධර්මපාලතුමා නොකී දෙයක් අප විසින් කියා නොමැති බවට එකෙක් උජාරුවෙන් ප්‍රකාශයක් කර ඇති බැවිනි. කොළඹ විශ්වවිද්‍යාලයෙන් මා අස්‌කළ විට ඒ පිළිබඳ ව කරුණු කීමට මා සාමාජිකත්වය දැරූ වෘත්තීය සමිතිය ඉදිරියට යැමට මට අවසර නුදුන් දේශපාලන විද්‍යාවේ සිට ගණිතය දක්‌වා විෂය ඉගැන්වූ ගුරුවරු මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් උසස් අධ්‍යාපනය පිළිබඳ ඊනියා උපදේශකවරුන් ලෙස අද සමාජයේ වැජඹෙති. බටහිරයන්ගේ මානව අයිතිවාසිකම් බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයට විරුද්ධවන්නන්ට නොමැති බවට ඒ සුළු උදාහරණයක් පමණකි.
බටහිර රටවල් මුස්‌ලිම් කාන්තාවන්ට පරදාව ඇඳීම තහනම් කරන්නේ බටහිර මානව අයිතිවාසිකම්වලට අනුවය. අර මානව අයිතිවාසිකම් ගැන කතාකරන මෛත්‍රී, සුනිලා, කැට්‌ස් අයි නමින් ලියන්නියන් ඇතුළු නෝනලාට එංගලන්තයට හෝ ප්‍රංZශයට හෝ ගිය විටක මේ පිළිබඳ විරෝධයක් දැක්‌වුවහොත් නරක ද? සදාම් හුසේන්ට බටහිරයන්ගෙන් ලැබුණු මානව අයිතිවාසිකම් කවරේද? ව්‍යාජ නඩු විභාග පැවැත්වීමක් යනු මානව අයිතිවාසිකම් ලබාදීමක් ලෙස හැඳින්විය හැක්‌කේ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයට පමණය. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ යන පිරුළ තැනූ විදග්ධ ගැමියා කසිකබල් ඇතැම් විශ්වවිද්‍යාලයීය මහාචාර්යවරුන්ට වඩා නිර්මාණශීලීත්වයක් ඇත්තෙකි. අප බටහිරයන්ගේ මානව අයිතිවාසිකම් ගැන තැකිය යුතු නොවේ. අපට පුද්ගලයා රාජ්‍යයට වඩා උසස් වන්නේවත් රාජ්‍යය පුද්ගලයාට වඩා උසස්‌වන්නේවත් නැත. බටහිර යුරෝපයේ ඔවුන්ගේ වැඩවසම් යුගයේ දී කතෝලික චින්තනය යටතේ රාජ්‍යය (පාප් වහන්සේ, අගරදගුරුවරු බිෂොප්ලා රජු රදළයන් ආදීන්) පුද්ගලයාට ඉහළින් හිඳ පුද්ගලයා බැඳ දමා තිබුණි. පසුගිය අවුරුදු පන්සියයක කාලයක බටහිර රටවල ක්‍රිස්‌තියානි නූතනත්වයෙගි ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි පුද්ගලයාට (එනම් නීතිඥයන් මිලයට ගත හැකි වත්කමක් ඇති ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි පුද්ගලයාට) රාජ්‍යයෙන් යම් නිදහසක් ලබා දී ඇත.