සීනි බදු වංචාවට අදාළ සමාගම්වලින් එම මුදල් අය කරගැනීමට යළිත් උපදෙස්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    2020 වසරේ සිදුවූ සීනි බදු වංචාවට අදාළ සමාගම්වලින් එම මුදල් අය කරගැනීමට මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත්වීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළවී තිබේ.

    ඒ සඳහා වහාම ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලබාදී ඇති කාරක සභාව, එම වංචාවෙන් අපේක්ෂිත අය කරගැනීම් හා ප්‍රමාදයන් පිළිබඳව සතියක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇත.

    මෙම සීනි වංචාවට අදාළ බදු අයකිරීමේ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීම අරමුණු කරගනිමින් එම පියවර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පෙන්වාදී තිබේ.

    මෙරට පාරිභෝගික ජනතාවගෙන් රුපියල් බිලියන 30ක් අය කරගත් අදාළ සමාගම්වලට වගකීමෙන් තොරව කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම, කාරක සභාවේ දැඩි විවේචනයට ලක්වී තිබුණි.

    මේ අතර බෙදාහරින්නන් විසින් උපරිම සිල්ලර මිල පිළිනොපැදීම පිළිබඳ ගැටළු විමසීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් ද මුදල් කාරක සභාව හමුවට කැඳවා තිබුණි.

    උපරිම සිල්ලර මිලට වඩා භාණ්ඩ අලෙවි කළ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට දඩ නියම කළ ද, ගැසට් පත්‍රයේ උපරිම තොග මිලක් නොමැතිවීම හේතුවෙන් තොග බෙදාහරින්නන්ට දඬුවම් කිරීමේ අභියෝග පවතින බව නිලදාරීන් පෙන්වාදී ඇත.

    එම ගැටලුව විසඳීමට යාන්ත්‍රණයක් යෝජනා කරන ලෙස මුදල් පිළිබඳ කාරක සභාව එහිදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දුන් බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,183
    113
    දඩ ගහලා,
    ආයෙ එහෙම නොවෙන්න සිස්ටම් එක අප්ඩෙට් වෙන්නත් ඕනෙ...
    පාර්ලිමෙන්තුව තියෙන්න ඒකට, අලුත් නීති හදන්න...
    http ලා පාරවල් කාපට් කර කර හිටියට.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,806
    87,235
    113
    ආශ්චර්යමත් රටක
    “අපි හම්බන්තොට වරාය ආයෙත් ගන්නව අපෙ හාමුදුලුවනේ” පාට් 2 - වඳ පොනිලානන්ද 🤣🤣🤣🤣

    @2osama @netudara @monson @EVC @IndrajithGamage වරෙන් බයි පොන්නයෝ පොන්‍යාගෙ ටෝක් අහන්න 😹😹
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    රවී සමග හොරු රළම කූඩුවේ කියලා නූලකුත් තාම තියනවා...
    නූල දාපු එක තමා ඇතුරු දහන් උනේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    “අපි හම්බන්තොට වරාය ආයෙත් ගන්නව අපෙ හාමුදුලුවනේ” පාට් 2 - වඳ පොනිලානන්ද 🤣🤣🤣🤣

    @2osama @netudara @monson @EVC @IndrajithGamage වරෙන් බයි පොන්නයෝ පොන්‍යාගෙ ටෝක් අහන්න 😹😹

    සීනි thread walata enna bayai wage​