සීනුව කුසලානයක් වුනේ කෙසේද?

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
සීනුව කුසලානයක් වුනේ කෙසේද?

සීනුව යනු කවර දෙයක් දැයි නොදන්නා කෙනෙකු මේ දිවයිනේ නොමැති තරම්ය. හේතු කාරනා නම් එමටය. බාලාන්ෂයට ඇතුලත් වූ දවසේ සිටම අප දෙසවනට මිහිරිම නාදය සීනු නාදය යැයි කීවොත් නිවැරදිය. ඒ මන්ද යත් පීරියඩ් එකකින් තවත් පීරියඩ් එකක් දක්වාත් අවසානයේදි දිනයේ නිමාවත් සනිටුහන් කරන්නේ සීනු නාදයකින් වන හෙයිනි. කරුනු මෙසේ වුවත් මෙතරම්ම වටිනා සීනුව මැතක පටන් භාවිතයෙන් ඉවතට යන්නට බොහො සෙයින් ඉවහල් වූයේ නවීන තාක්ෂනයට අනුව ඇම්ප්ලිෆයරය කරලියට ඒමය. පාසලේ සීනුව අක්‍රීය වූවා සේම ජ.වි.පේ. සහොදරයනුත් තම පන දෙවැනි කොට රැක ගත්තාවු සීනුව මේ වන විට කුසලානයක් ලෙස මොඩිෆයි කර ගෙන ඇත. කරුනු කාරනා දිගින් දිගටම කීමට අවෂ්ය නොවන්නේ සීනුවේ ෂබ්ඩ නගන ප්‍රදානම කොටස හෙවත් සීනුව මැද්දෙ තිබෙන, කොයි පැත්තක වැදුනත් මහ හයියෙන් ෂබ්ඩ නගන සීනු යෂ්ටිය විමල් වීරවන්ෂ විසින් රැගෙන ගියාට පසු කොන්ඩේ බැදපු චීනෙකු වුවද ඉතිරිවී ඇති කොටසට සීනුව යැයි නොකියන නිසාවෙනි. අදොමැයි ! ඉතිරිවී ඇති කොටස "කුසලානයක්" වෂයෙන් අර්ථ දැක්වීමට අනුර ප්‍රමුක ජේ.වී.පී ප්‍රජාව උත්සාහ ගනු පෙනේ. ඒත් අලුත් මිදියුෂ පරන කුසලානයකවත් නොදමන්නයි කියා ඇති හෙයින් සීනුවක් කුසලානක් කර ගත්තේ මිදියුෂ බීමට නොව, තමනුත් වස බී තමන් අනුගමනය කරන්නන්ටත් වස පෙවීමට දැයි කා අතරත් ප්‍රෂ්නයක්ව පවතී.
 
  • Like
Reactions: GihanFX