සීමාන්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,860
    9,605
    113
    එල්.ටී.ටී.ඊයට සහයදෙන නිසා සීමාන් අමෙරිකාවේදී හරවා එවයි:rofl:


    809220572seeman2.jpg



    තමා එල්.ටී.ටී.ඊයට සහයදෙන්නකු බැවින් අමෙරිකාවට ඇතුළු වෙන්නට අවස්ථාව ලබා නොදුන් බව ඉන්දියාවේ නාම් තම්ලර් සංවිධානයේ නායක සීමාන් පවසයි.

    මේ දිනවල අමෙරිකාවේ පැවැත්වෙන ලෝක ද්‍රවිඩ සංසදයේ සමුළුවට සහභාගීවීම සඳහා තමන් ඊයේ දිනයේ අමෙරිකාවට ගොඩබැස්සද නිව්යෝර්ක් ගුවන්තොටුපළ බලධාරීන් තමාට රටට ඇතුළුවීමට අවසර ලබානොදුන් බව හෙතම කියා සිටියි.

    අමෙරිකාවට ඇතුළුවීමට අවසර ලබා නොදුන් බැවින් සීමාන් යළි අද අලුයම ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේදී ඔහුගේ සහචරයින් විසින් උත්සවශ්‍රීයෙන් ඔහුව පිළිගත් බවත්,අනතුරුව රැස්ව සිටි පිරිස් හා මාධ්‍යවේදීන් අමතා හෙතෙම සිය අදහස් දැක්වූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    නිව්යෝක් ගුවන්තොටුපළේදී එරට ගුවන්තොටුපළ බලධාරීන් තමාගෙන් ප්‍රශ්න කළ බවත් ,එයින් පසුව තමා එල්.ටී.ටී.ඊයට සහයදෙන්නකු බැවින් රටට ඇතුළුවීමට අවසර ලබා නොදුන් බවත් සීමාන් පවසා තිබේ.

    "මා නීත්‍යනුකූල පුරවැසියකු ලෙසයි පැමිණ සිටින්නේ.සියලුම ලියකියවිලි මා සතුව තියෙනවා.ඉතිං මා නවතන්නට ඔබට අවශ්‍ය ඇයි"යන්නෙන් තමා ඔවුන්ගෙන් ප්‍රශ්න කළ බව සීමාන් සඳහන් කරයි.

    එසේ වුවද එකී ප්‍රශ්න කිරීමට නිසි ප්‍රතිචාර දැක්වීම වෙනුවට ගුවන්තොටුපළ බලධාරීන් නිහඬව සිටි බවත්,මෙසේ වන්නට හේතුවන්නට ඇත්තේ ඉන්දීය මධ්‍යම රජයේ බලපෑම නිසා යයි තමන් විශ්වාස කරන බවත් සීමාන් අවධාරණය කර තිබේ.


    :lol::lol::lol::lol:

    adaderana.lk