සොමාවතිය චෛත්‍ය මාර්ගයේ සුංගාවිල රක්ෂිතයේදී අතුරුදන් වූ 19 හැවිරිදි තරුණියක් දින දෙකකට පසු නිරුපද්‍රිතව සොයාගෙන තිබෙනවා.
පුලස්තිගම පොලිසිය, වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමකදී තඹාල වැව ආසන්නයේදී ඇය සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වැලිකන්ද, මොනරතැන්න ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය පසුගිය 2 වැනිදා උදෑසන හිතවතෙකු සමඟ යතුරුපැදියකින් සොමාවතිය මාර්ගයේ පැමිණ සුංගාවිල රක්ෂිතය ආසන්නයේදී යතුරුපැදිය නවතා කැලෑවට ඇතුළු වී තිබෙනවා.
එහිදී දෙදෙනා වෙන්වීමෙන් පසු තරුණිය අතරමංව ඇති අතර, ඇය සොයා ගිය තරුණයාටද ඇය සොයාගැනීමට නොහැකි වී ඇති බව සඳහන්.
මේ අතර, රක්ෂිතයේ මාර්ගය අසල හිමිකරුවෙකු නොමැති යතුරුපැදියක් තිබෙන බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය සිදුකළ සෝදිසියේදී අදාළ තරුණයා සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුරුව තරුණිය සොයා පොලිස් නිලධාරීන් 60 දෙනෙකු, වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් 65 දෙනෙකු පමණ එක්ව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
එම මෙහෙයුම අතරතුර තඹාල වැව ආසන්නයේ තරුණියක් සිටින බවට ලැබුණු තොරතුරක් මත එහි ගිය පොලිස් නිලධාරීන් ඇය සොයාගෙන තිබෙනවා.
පොලිසියට ඇය ප්‍රකාශ කර ඇත්තේ කැලෑවේදී තරුණයාගෙන් වෙන්වීමෙන් පසු අතරමං වූ බවත්, රාත්‍රියේ ගසක් යට රැඳී සිටි බවත්ය.
කැලෑවේ වන අලි සැරිසරන නමුත් තමන්ට කිසිදු අනතුරක් සිදු නොවූ බවත්, සතුව තිබූ ජල බෝතලයේ ජලය පානය කරමින් කැලෑවෙන් පිටතට පැමිණ තඹාල වැව ආසන්නයට ළඟා වූ බවත් ඇය පොලිසියට පවසා තිබෙනවා.
පසුව තරුණිය දෙමාපියන් වෙත භාරදී පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මේ අතර, තරුණිය සමඟ කැලෑවට ගිය තරුණයා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
Hiru News.
මේකි කැලේට රිංගලා තියෙන්නේ හිතවතෙක් එක්ක. දර කඩන්න ගියාද දන්නේ නෑ නේද?