සුද්දන්ට නරියා කන්ද වූ දියතලාවේ කළුගල පත&#3505

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    සුද්දන්ට නරියා කන්ද වූ දියතලාවේ කළුගල පත&#3505

    සුද්දන්ට නරියා කන්ද වූ දියතලාවේ කළුගල පතන

    image_4858bc9ad1.jpg
    image_a640d42f18.jpg


    image_ff93996686.jpg
    ලොවම ප්‍රසිද්ධියක් උසුලන නරියා කන්ද හෙවත් ෆොක්ස් හිල් තියෙන්නේ දියතලාව නගරය ආසන්නයේ කියලා කවුරුත් දන්නවා. දියතලාව ආසන්නයෙන් බස් පාරේ හරි, කෝච්චියේ හරි යනවා නම්, ‘‘අන්න නරියා කන්ද පේනවා’’ කියලා ළඟ ඉන්න කාට හරි පෙන්වන්න උත්සුක වෙනවා. ඒ තරමටම ලොකු කුඩා කා අතරත් නරියා කන්ද ප්‍රසිද්ධයි. නරියා කන්දේ තමයි සුප්‍රසිද්ධ මෝටර් කාර් සහ බයිසිකල් තරගාවලිය පවත්වන ධාවන පථය තියෙන්නේ. දියතලාව එහෙම නැත්නම් විදේශිකයන්ගේ සුබපැතුම් නිම්නය ආරම්භවන්නේ 1885 වර්ෂයේදී ගරු සැමුවෙල් ලන්ගොනන්ඩි කියන මෙතෝදිස්ත පියතුමා අතිනුයි. ඒවාගේම එතුමා තමයි දියතලාවට පැමිණි ප්‍රථම විදේශීය ජාතිකයා වශයෙන් ලේඛන ගත වෙලා තියෙන්නේ.


    image_590de26cb8.jpg
    සැමුවෙල් ලන්ගොනන්ඩි පියතුමා දියතලාවට ඇවිල්ලා අලි අනාථාගාරයක් සහ පාඨශාලාවක් පටන් ගත්තා. ඒ අතර තවත් මෙතෝදිස්ත පියතුමෙක් දියතලාවට ඇවිල්ලා කාර්මික පාසලක් පටන් ගත්තා. ඒ අවදිය වන විට ලංකාව බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට යටත් රටක්. 1900 දී මේ සියල්ලම බ්‍රිතාන්‍යයන් විසින් රජයට පවරා ගෙන සියල්ලම දියතලාවෙන් ඉවත් කරනවා. ඒ බෝයර් සිරකරුවන් රැඳවීම සඳහායි.


    කවුද මේ බෝයර් සිරකරුවන්. 1877, 1899-1902 කාලයේ මහා බ්‍රිතාන්‍යයන් හා දකුණු අප්‍රිකානු ලන්දේසි සම්භවයක් ඇති බෝයර්වරුන් සමග දරුණු යුද්ධයක් පටන් ගත්තා. මෙම බෝයර්වරු 1600 දී ලන්දේසි පෙරදිග ඉන්දියානු සමාගමේ සේවයට පැමිණි ලන්දේසි ජාතිකයන්ගෙන් පැවතගෙන එන පිරිසක්. බ්‍රිතාන්‍යයන් විසින් 1877, 1899-1902 සමයේදී බෝයර්වරු විශාල සංඛ්‍යාවක් සිරකරුවන් වශයෙන් බ්‍රිතාන්‍ය යටත්විජිත රටවලට පිටුවහල් කළා. ඒ අතර දකුණු අප්‍රිකානු ට්‍රාන්ස්වල් හා ඔරේන්ජ් ෆා යන ප්‍රාන්තවලින් අල්ලා ගනු ලැබූ සිරකරුවන් ලංකාවට රැගෙන ආවා. ඔවුන්ගේ තාවකාලික නවාතැන වශයෙන් අද දියතලාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා යුද හමුදා කඳවුර ඇති භූමියේ රඳවනු ලැබුවේ දැඩි ආරක්ෂාව යටතේය. ඔවුන් සිරකරුවන් බවට පත්වුනත් වෘතියෙන් වෛද්‍යවරු, ඉංජිනේරුවන් වැනි අයත් එහි සිටියා.

    මේ අවදිය වන විට දියතලාවේ පිහිටා තියෙන නරියාකන්ද හඳුන්වනු ලැබුවේ කළුගල පතනකන්ද විදිහටයි. ඒ වුනාට 1913 දී ලංකාවේ ත්‍රිකුණාමලය වරායට බ්‍රිතාන්‍ය රාජකීයන්ට අයත් HMS-Fox නැමැති නෞකාව ළඟාවෙනවා. එම නෞකාව අලුත්වැඩියා කටයුත්තක් සඳහා මාස ගණනාවක් ත්‍රිකුණාමලය වරායේ නතරකර තැබීමට සිදුවෙනවා. ඒ අතරතුර HMS - Fox නෞකාවේ නාවිකයන් දියතලාව යුද්‍ හමුදා කඳවුරට විවේක ගැනීම සඳහා පැමිණෙනවා. ඔවුන් දියතලාවට පැමිණීමෙන් අනතුරුව බෝයර් සිරකරුවන්ගේද සහය ඇතිව කළුගල කන්දේ තම නැවේ සුරතල් නරියාගේ අනුරුවක් සුදුපාට තිරුවාණ ගල්කැට උපයෝගී කරගෙන සාදනවා. ඒ එම නාවිකයන්ගේ දියතලාව ගමන සිහිවීම පිණිසත් HMS-Fox නම් තම නැව සිහිවීම පිණිසත්ය. නැවේ නාමයට අමතරව එහි 1913 වර්ෂයත් එහි තිරුවාණ ගලින් නිර්මාණය කරලා තියෙනවා.

    නරියා කන්දට ඉදිරියෙන් ඇති කන්දේ ඓතිහාසික නුගරුකක් තියෙනවා. එම වෘක්ෂය වර්ෂ 100 කටත් වඩා පැරණි යැයි පැවසෙනවා. එම නුගරුක තියෙන කන්ද වන්-ට්‍රී-හිල් කියලයි හඳුන්වන්නේ. එසේම නරියා කන්දේ තියෙන ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් රේසින් ට්‍රැක් ජර්මනියේ හෑන්ස් රුල්ෆ නැමැත්තා විසින් 1993 වර්ෂයේදී නිර්මාණය කරන ලද්දක්. අද වන විට ලෝක ප්‍රසිද්ධ ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලිය සෑම වර්ෂයකම අප්‍රේල් මාසයේ පැවැත්වෙන්නේ මෙම ධාවන පථයේය.

    image_11f5d95773.jpg


    image_c08e29c102.jpg


    image_3c1f64d75c.jpg


    image_94f3d07719.jpg




    ඡායාරූප අනුග්‍රහය
    ශ්‍රී ලංකා යුද හමුදා ඇකඩමිය, දියතලාව
    සටහන: බණ්ඩාරවෙල ඉන්දක කරුණාද‌ාස
     
    • Like
    Reactions: චගු