සුදු නෙලුම කෝ සොර බොර වැවේ...
නිකමට වගේ ගීතයකට පාදක උනු කතාවක් එලකිරි එකේ දාන්න හිතුනා.ගීතය තමයි සුදු නෙලුම කෝ සොර බොර වැවේ
අසූව දශකයේ තමය් මේ ගීතය රත්නශ්‍රී විසින් ලියවිලා තියෙන්නේ.දේශපාලන මාරුකිරීමක් හේතුවෙන් ඒ කාලේ ගීපද රචකයාට යන්න ලැබෙනවා මොනරාගල පැත්තෙ තියන අති දුශ්කර ගමක ඉස්කොලකට උගන්වන්න(හුලංදාවද කොහෙද) .ගමේ මිනිස්සු හුඟක් දුප්පත් අය..ඒ නිසා හුඟක් ලමයි ඉස්කෝලේ ගිහිං ඉවර උනහම ගෙදර වැඩකට හේනක වැඩකට උදව් දෙන එකයි කලේ..එතුමා මෙහෙම පාසලේ පංතියේ උගන්නනකොට දකිනවා පංතියේ ගැනු ලමෙක් හැමදාම එකම ඇඳුමක් ඇඳලා පංතියට එන.පොඩි විශේශත්වයක් තිබුනේ මේ ගැනු ලමයා හැමදාමත් පාසල් ගිහින් ඉවරවෙලා ගමේ වැවට ගිහින් සුදු නෙලුම් මල් කඩලා දෙමට මල් විහාරෙට එන මිනිස්සුන්ට විකුනපු එක. ඒ කාලේ ගීපද රචකය පංසලට යනකොට පෙලක් වෙලාවට මේ පුංචි ගැනුලමයත් ඉන්නවලු සුදු නෙලුම් විකුන විකුනා..
කොහොම උනත් ලඟ එන පුර පෝයට මල් නෙලන්න මේ පුංචි නංගියා වැවට බැස්ස හැමදාමත් වගේ..ඒත් එදා හොදටම අනෝරා වැස්සක් වැටෙමින් තිබුනේ..හිතේ ලොකුවටම ආසාවක් තිබුනේ පෝයට මල් විකුනලා ඒ සල්ලි වලින් කවකටු පෙට්ටියක් ගන්න ඉස්කෝලේ වැඩ වලට.ඒත් අවාසනවකට ඇය ටිකෙන් ටික දියට ඇදිල ගිහින් නොපෙනී ගියා..දවස් තුනකට පස්සෙයි ඇගේ මිනිය හම්බුනේ..රත්නශ්‍රීට මේ බව ආරංචි වෙලා ඔහු යනවා මලගෙදර..මිනිය තියන්න තැනක් නැ.ගෙදරක් කියල එකම කාඹරයයි තියෙන්නේ. ගමේම මිනිස්සු එකතු වෙලා ඉටි රෙදි වලින් පැලක් හදලා ඒ පැලේ අඹ කොට වලින් හදපු පෙට්ටියක මිනිය තියලා තියනවා..මේ කවියා තමන්ගේ හදවත විඳවමින් දකිනවා ඉස්කෝලේට ඇඳල ඇඳල කහපාට වෙච්ච එකම සුදු ගවුම මිනියට අන්දවලා තියනවා.
මේ සියල්ල දැකලා සියලු සිදුවීම් එකතු කරලා රත්නශ්‍රී මේ සිදුවීම් පෙල ගීයකට පෙරලනවා.
"සුදු නෙලුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මුතියංගනේ
පුන් පෝයද පහලෝස්වකේ
මල් නෙලා විකිනූ පංසලේ"
කොහොම උනත් ගීතයට අනුභූතිය වෙච්ච සිදුවීම හුලංදාවේ ඉස්කොලේ ගිය දෙමට මල් විහාරෙ සුදු නෙලුම් විකුනපු පුංචි දැරිය උනත් සොර බොර වැවයි මහියන්ගනේ පංසලයි ගීපද අතරට එකතු කරලා තියෙන්නේ ගීතයේ සංවේදි බව අසන්නාට හොඳට දැන්නේන්න වෙන්න ඕනි.
වැවට කලුවර යා උනා
සංසාර දුක බෝ උනා
නෙලූ මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පා උනා
සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙලුම් මල දැස පියවී
මෙහා ඉවුරට පා උනා
රත්නශ්‍රී කියන විදියට එදා මේ පුංචි දැරිය සදහට දෙනෙත් පියාගනිද්දි ඇගේ දෙමවුපියන්ගේ ඇසේ සිහින් කඳුලක් වැහෙන්නේ ඇයත් හැමෝටම උරුම සංසාර දුකට පත් උනු නිසයි..කොහොම උනත් මා අසා ඇති පරිදි දිනෙක අමරදේවයන් ජෝන් ද සිල්වා රඟහලේ මේ ගීය ගයද්දි එතන හිටපු මහාචාර්‍ය සරත්චන්ද්‍රයන්ගේ ඇස් වලත් කඳුලු පිරුනලු..
උපුටා ගැනීම මගේම බ්ලොග් එක

Last edited: