සුදු වර්ණය සහ ගුවන් යානා - Planes and White color

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සුදු වර්ණය සහ ගුවන් යානා - Planes and White color

    ගුවන් යානා වල බහුල වශයෙන් සුදු වර්ණය ආලේප කිරීමට හේතුව දන්නවාද ???

    ඔබ විවිධ රට වල විවිධ ගුවන් සමාගම් වලට අයත් ගුවන් යානා විශාල ප්‍රමාණයක් දැක තිබෙනවා නේද? මෙම සෑම ගුවන් යානයකටම පාහේ පොදු ඌ යම් කරුණක් ඔබේ මතකයට නැගෙන්නේද?
    දැනට ලෝකයේ ගුවන් සමාගම් විසින් මෙහයවනු ලබන ගුවන් යානා වලින් හරි අඩක්ම පාහේ කල් බදු පදනම මත ලබා ගත් ගුවන් යානා වන අතර මෙලෙස කල් බදු පදනම මත ලබා ගන්නා ගුවන් යානයක් ගුවන් සමාගම වෙත ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම සුදු වර්ණය ආලේප කිරීමෙන් පසුවයි. ඉන් පසු ගුවන් සමාගම විසින් ඔවුන්ට අවශ්‍ය පරිදි ගුවන් යානය වර්ණ ගැන්විය හැක. බොහෝ විට ගුවන් සමාගම් වල අභිප්‍රාය වන්නේ ගුවන් යානායේ ඔවුන්ගේ ලාංඡනය හා නාමය පින්තාරු කර වැඩි කොටසක් සුදු වර්ණයෙන් පින්තාරු කිරීම හෝ පෙර පැවති සුදු වර්ණය එලෙසම තිබීමට හැරීමයි. නමුත් මෙලෙස කිරීමෙන් ඇති වාසිය කුමක්ද?
    ඉහත කී ආකාරයෙන් ගුවන් යානා පින්තාරු කිරීමෙන් ගුවන් සමාගමකට වාසි විශාල ප්‍රමාණයක් අත් කර ගත හැක. මෙම වාසි අතරින් ප්‍රධානතම කාරණයක් වන්නේ සුදු වර්ණයේ විවර්ණ වීම අනෙක් වර්ණ වලට සාපේක්ෂව ඉතා අඩු ශ්‍රීඝ‍්‍රතාවයකින් සිදු වීමයි. ගුවන් යානයකට සෑම විටම හිරු රශ්මිය පතිත වන අතර එහි ඇති පාර ජම්බුල(Ultraviolet) කිරණ මගින් ගුවන් යානයේ ආලේප කර ඇති තීන්තවල වර්ණය විවර්ණ වීමකට ලක් කරයි. සුදු වර්ණය යම් විවර්ණ වීමකට ලක් උවද එය අනෙක් වර්ණ මෙන් කැපී නොපෙනෙයි.
    සුදු වර්ණය යොදා ගැනීමට හේතු වන තවත් කරුණක් අපගේ පාසල් ජීවිතයෙන්ම උගත හැකියි. මතකද ඔබට ඔබේ පාසල් නිල ඇඳුමේ වර්ණය? පාසල් නිල ඇඳුම සුදු වර්ණයෙන් යුතු රෙදි වලින් මැසීමට හේතු වන එක් කරුණක් වන්නේ සුදු වර්ණය ඉතා අඩු වශයෙන් ආලෝක තරංග උරා ගැනීමයි. සුදු වර්ණයෙන් යුතු පෘෂ්ඨයක් මත ආලෝක තරංග පතිත වූ විට එම පෘෂ්ඨය එම තරංග වලින් වැඩි ප්‍රතිශතයක් පරාවර්තනයට ලක් කරයි. නමුත් අනෙක් වර්ණයන්ගෙන් යුතු පෘෂ්ඨ එම තරංග යම් ප්‍රමාණයකට අවශෝෂණය කරන හෙයින් එම අවශෝෂණය වූ තරංග වල ශක්තිය හේතුවෙන් එම පෘෂ්ඨයේ උෂ්ණත්වය යම් ප්‍රමාණයකට ඉහළ යාමකට ලක් වෙයි. මෙම උෂ්ණත්ව උච්චාවචනය හේතුවෙන් ගුවන් යානා අභ්‍යන්තරයේ(cabin) උෂ්ණත්වයද ඉහළ යයි.
    ඕනෑම ගුවන් සමාගමක අභිප්‍රාය වන්නේ වැඩි ලාභයක් ඉපැයීම වන අතර එසේ වැඩි ලාභයක් ඉපැයීමට නම් අනවශ්‍ය වියදම් හැකි තරම් අවම කල යුතුය. විවිධ වර්ණයන්ගෙන් ගුවන් යානය පින්තාරු කිරීමට ඉතා විශාල මුදලක් වැය වන අතර ඊට සමගාමමීව ගුවන් යානයේ බර ද ඉතා අවාසි සහගත ලෙස වැඩි වෙයි. එම නිසා විශේෂ වූ කාරණයකට හැරුණු කොට ගුවන් සමාගම් හැකි තරම් අඩු තීන්ත ප්‍රමාණයක් භාවිතා කිරීමට යොමු වී ඇත. උදාහරණයක් ලෙස මුළුමනින්ම පින්තාරු කර ඇති B 747 ගුවන් යානයක තීන්ත වල බර 250 kg පමණ වන අතර අවශ්‍ය ස්ථාන වල පමණක් වර්ණ පින්තාරු කිරීමෙන් හා තුනී වායුගතික තින්තක් භාවිතා කිරීමෙන් තීන්ත වල බර 25 kg ක් දක්වා අවම කර ගත හැක. මෙම බර අඩු වීම නිසා ඉන්ධන විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගත හැක.
    මෙලෙස සුදු වර්ණ ගැන්වීමට හේතු වන තවත් වැදගත් කාරණයක් වන්නේ ගුවන් යානා පෘෂ්ඨයේ ඇති ඉරි තැලීම්,කඩතොලු,පළුදු වීම්,විඛාදනයන් මෙන්ම නැතිවුණු ඇණ පහසුවෙන් හදුනාගත හැකි නිසයි. ගුවන් යානය යම් අනතුරකට ලක් වී පොළොව මතට හෝ ජලය මතට කඩා වැටී ඇති විට ගුවනේ සිට නිරීක්ෂණය කිරීමේදී සුදු වර්ණය ඉතා පහසුවෙන් නිරීක්ෂණය වීමද අමතර වාසියකි.
    සුදු පසුබිමක ඇති ඕනෑම දෙයක් ඉතා හොදින් නිරීක්ෂණය වන නිසා ගුවන් සමාගම් වල නාමය සහ ලාංඡනය සුදු පසුබිමක පින්තාරු කර ඇති විට ඉතා හොදින් දර්ශනය වෙයි. ගුවන් සමාගමේ නාමය ප්‍රචලිත කිරීමට මෙය විශාල පිටිවහලක් වෙයි. ගුවන් යානයක් විකිණීමේදී එහි ආලේප කර ඇති වර්ණය මත එහි වටිනාකම සැලකිය යුතු මට්ටමකින් වෙනස් වෙයි. මෙලෙස සුදු වර්ණය ආලේප කර ඇති ගුවන් යානා වලට වැඩි වටිනාකමක් හිමි වන අතර විවිධ වර්ණයන්ගෙන් සමන්විත ගුවන් යානා වලට තරමක අඩු අගයක් හිමි වෙයි.


    PLANES MAGAZINE

     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Vietnam Airlines
    338px-Vietnam_Airlines_Boeing_777-200ER_in_new_livery_at_Hanoi.jpeg


    Northwest Airlines US
    1134.jpg


    Air Newzealand
    dreamliner-7879.jpg


    Southwest Airlines US
    c_scale,fl_progressive,q_80,w_800.jpg


    Spirit Airlines
    airline-spirit-airlines-save-airbus-a320_large.JPG


    KLM
    klm-royal-dutch-airlines_CHE19198d.jpg
     
    • Like
    Reactions: rashee_irosh

    Similar threads