සුදු හා පැටියාගේ කතාව
භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ඝාතනය ලෝකයේ මේ ආකාරයේ පළමු ගණයේ ඝාතනය වන්නේ නැත. එහෙත් මේ ඝාතනයත් සමඟ රටේ දේශපාලන පොල්මඃකාරයන්ගේ සුදු පිරුවට එකින් එක ගැලවී යනු පෙනෙන්නට වී තිබේ. ඒ සමඟ මතුවී එන සමාජ කතිකාවට ඔබ්බෙන් සිට මේ දේශපාලන විකෘතිය තේරුම්ගත යුතුව ඇත. මන්ද සමාජ කතිකාව ඇත්තේ ජනමාධ්‍යයට වඩා ගව් ගණනක් ඉදිරියෙන් වන හෙයිනි. භාරත ඝාතනය පිළිබඳ ඇතැම් මාධ්‍ය හා මාධ්‍යවේදීන් යෑයි කියා ගන්නවුන් එක්‌වී ඉදිරිපත් කරන “සුදු හා පැටියාගේ කතාව” නමැති සිනමා පටය “නිසි බලධරයා” විසින් සංස්‌කරණය කරන ලද විකෘති දර්ශන පෙළක් බව ජනතාව හොඳින්ම දනී. එහෙයින් මේ මාධ්‍ය නඩය දැන් කළ යුත්තේ රටේ අනාගතය අනතුරේ හෙළන අවිචාරවත් මාධ්‍ය භාවිතයෙන් බැහැර වී පෑනේ විල්ල ගසා සාක්‌කුවේ දමා ගැනීමය. එපමණක්‌ද නොව “සුළඟ එනු පිණිස” ප්‍රදර්ශනයෙන් ඉවත් කර ගත්තා සේ ඉතා ගෞරවනීය ලෙස ඉදිරිපත්වී “සුදු හා පැටියාගේ කතාව” ප්‍රදර්ශනයෙන් ඉවත් කර ගන්නේ නම් එය භාරත බඳු දේශපාලන ත්‍රස්‌තවාදයට ගොදුරු වූ සියල්ලන්ට කරන ගෞරවයක් පමණක් නොව රට විඳවූ කොටි ත්‍රස්‌තවාදයට තිත තැබූ දේශපාලන නායකයන්ට කරන ගෞරවයක් ද වනු ඇත.
භාරත ඇතුළු සිව් දෙනකු මහ දවල් දෙනෝදාහක් බලා සිටියදී මහමඟ වෙඩි තබා ඝාතනය කර සති දෙකක කාලයක් ඉක්‌ම ගොස් ඇත. එහෙත් ඊට වගකිවයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සිදුවන්නේ මන්දගාමීවය. අත්අඩංගුවට ගැනීම් සිදුවුව ද ඒවා වින්දිතයන්ට සාධාරණයක් ඉටුවෙතැයි බලාපොරොත්තු දැල්විය හැකි ආකාරයෙන් සිදුවන්නේ යෑයි සෑහීමට පත්විය නොහැක. භාරතගේ සහෝදර සහෝදරියන් පිරිසක් එක්‌වී භාරත වෙනුවෙන් සාධාරණය ඉල්ලා මාධ්‍ය හමුවක් පවත්වන තැනට ප්‍රශ්නය පැමිණ තිබීම බරපතළ කාරණයක් බවට පත්ව ඇත්තේ මේ නිසාය.
“අප ආණ්‌ඩුවට චෝදනා කරන්නේ නැහැ. නමුත් වරදකරු ආරක්‌ෂා කිරීමට දරන උත්සාහය අපව වේදනාවට පත්කරනවා” – භාරත ලක්‍ෂ්මන්ගේ වැඩිමහල් සොහොයුරු අසේල (2011-10-19 වැනිදා ඩේලිමිලර්) ඔහු තවදුරටත් කියා සිටින්නේ භාරතට වෙඩි තැබූ ආකාරය පිළිබඳව ඇසින් දුටු සාක්‌ෂි තිබියදී දුමින්ද සිල්වා අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ මෙහෙයවන්නේ නැත්තේ ඇයිද කියායි.
මොවුන් පළ කරන අදහස් මේ වනවිට බොහෝ මාධ්‍ය ඔස්‌සේ සමාජගත වී අවසන්ය. එය භාරත ඝාතනය පිළිබඳ සමාජය තුළ මතවාදයක් ගොඩනැඟීමට ද හේතුවක් වී ඇත. එබඳු තත්ත්වයකදී ඊට ඇහුම්කන් දීමෙන් වැළකී සිටීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ආණ්‌ඩුවට හැකියාවක් නැත. එහෙත් මේ අවුල ලිහාගෙන තමන්ගේ ගමන යළි පීලි උඩට ගන්නට ඕනෑකමක් තමන්ට ඇති බව පෙන්වීමට ආණ්‌ඩුවට ඕනෑකමක් තිබෙන බව නම් පෙනෙන්නට නැත. කණගාටුවට කාරණය වන්නේ විනිවිද භාවයකින් යුතු පරීක්‍ෂණයක් පවත්වා ආණ්‌ඩුව පමණක් නොව එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ ද පිරිසිදුභාවය පෙන්වීමට ඕනෑ තරම් හැකියාව තිබියදී අහුල අහුල කුණු කෑමට ආණ්‌ඩුව තරම් නිවට වී තිබීමය.
මේ සිදුවීම සම්බන්ධයෙන් ආණ්‌ඩුව පත්ව සිටින අර්බුදය සොෙµdක්‌ලීස්‌ගේ ඊඩිපස් ෙ€දාන්තය බඳුය. ඊඩිපස් රජු එකම මොහොතක දී තමන්ගේ මෑණියන්ට පුතකු වන්නා සේම සැමියාද වූවේය. එකම මොහොතක තමන්ට දරුවන් වන්නා සේම සොයුරියන් ද වන දියණියන් දකිනු බැරි වූ ඊඩිපස් රජු අවසානයේ යවුලකින් ඇනගෙන සිය දෙනෙත් අන්ධ කරගත්තේය. මේ සංක්‍ෂිප්ත සටහන ඇසුරින් ආණ්‌ඩුව අද පත්ව සිටින අර්බුදය විමසා බලා නිගමනයකට එළඹීම භාරත ඝාතනය පිළිබඳ දැනුම්වත් පාඨක සමාජයට භාරය.
භාරත ලක්‍ෂ්මන් ඝාතනයට සැකපිට මේ වනවිට අට දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ සමඟම මේ සැකකරුවන් ළඟ තිබී රිවෝල්වර 12 ක්, පිස්‌තෝල 2 ක් හා ටී. 56 අවි දෙකක් ද අත්අඩංගුවට ගනු ලැබිණි. කවුරුත් කරකවා අතහරින කාරණය නම් අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් වැඩි පිරිසක් පාතාල අපරාධකරුවන් වීමය. මේ සිද්ධියට සම්බන්ධ දෙපාර්ශ්වය කවුරුදැයි අපැහැදිලි නැත. එදා වල්පොල හංදියේ මේ සිදුවීම වන විට භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හා ඔහුගේ සහායකයන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හා ඔහුගේ නිල ආරක්‌ෂක නිලධාරීන් හා පෞද්ගලික ආරක්‌ෂක නිලධාරීන් ද එතැන සිටියේය. නමුත් මෙතැන පාතාල අපරාධකරුවන් සිටියේ කෙසේදැයි දැන් කාටත් ඇති ගැටලුවකි. එක්‌කෝ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ වැරදි පිරිසක් විය යුතුය. නැතිනම් අත්අඩංගුවට පත්වන්නන් තමන් පාතාල අපරාධකරුවන් යෑයි කියා ගන්නවා විය යුතුය. කෙසේ වුවත් පසුගිය සති අන්ත පුවත්පතක මෙබඳු වාර්තාවක් ද පළවී තිබිණ..
“දෙපාර්ශ්වයම ද්වන්ධව සටනට එක්‌ව සිටියහ. දුමින්ද සිල්වා සිය පාතාල ආරක්‌ෂකයන්ද පිරිවරාගෙන සුඛෝපභෝගී ජීප් රථවල නැඟී කොළොන්නාව දෙවනත් කරන්නට වූයේය. දුමින්ද සමඟ සිටි සියලු දෙනාම ස්‌වයංක්‍රීය ගිනි අවිවලින් සන්නද්ධව සිටියහ….” (දිවයින ඉරිදා සංග්‍රහය 2011.10.16)
පොලිසියට වැරදුනත්, අත්අඩංගුවට පත්වූවත් බොරු කිව්වත්, වගකිවයුතු මාධ්‍යයකට වැරදීමට හැකියාවක් නැත. එහෙයින් භාරතගේ ඝාතනයට පාතාල අපරාධකරුවන් සම්බන්ධ බව අපැහැදිලි නැත. එහෙත් දැන් තිබෙන ගැටලුව නම් පාතාල අපරාධ කරුවන් දේශපාලකයන්ගේ ආරක්‌ෂකයන් වන්නේ කෙසේද යන්නය. ඇතැම් විට රජයෙන් ලබාදෙන ආරක්‍ෂකයන් තමන්ගේ ආරක්‍ෂාව සැලසීමට තරම් දක්‍ෂයන් නොවන නිසා මෙබඳු පාතාල සාමාජිකයන් පිරිවරා යැමෙන් තමන්ගේ ආරක්‍ෂාව තහවුරු වේ යෑයි දේශපාලකයන් සිතනවා විය යුතුය. මන්ද එබඳු පුද්ගලයන් හා ගමන්බිමන් යැමේදී එක්‌කෝ වටේ සිටින්නේ දරුණු පාතාල අපරාධකරුවන් බව දකින සතුරා දුර්වල විය හැක. නැත්නම් ඔවුන් තමන් හඳුනන තමන්ගේම වෘත්තීය සගයන් නිසා මිත්‍රකම් පානු විය හැක. කොහොම වෙතත් ප්‍රභූ ආරක්‍ෂකයන් පොලිස් නිල ඇඳුමින් සැරසී සිටිය යුතු බවට පොලිස්‌පතිවරයා නියෝග කර ඇති නිසා යළිත් අවුලට පත්වන්නේ දේශපාලකයන්ය. මන්ද පාතාල ආරක්‍ෂකයන්ට පොලිස් නිල ඇඳුම් අන්දවන්නේ කෙසේ දැයි කියා දරුණු ප්‍රශ්නයක් මතුවන නිසාය.
භාරතගේ ඝාතන සිදුවීමත් සමග පුපුරාගොස් උඩට මතුවී ඇත්තේ මේ රටේ දේශපාලන යථාර්ථය බව දැන් කාටත් පැහැදිලිය. මැරවරයන්, අපරාධකරුවන්, දූෂකයන්, සුදුකරපටි අපරාධකරුවන් වැනි කළු චරිත මේ රටේ දේශපාලන ඉතිහාසය පුරා දේශපාලකයන්ගේ අතිජාත මිත්‍රයන් බවට පත්ව සිටි අයුරු කියන්නට ඕනෑතරම් උදාහරණ ඇත. එහෙත් අද මේ ගජකම් ඇරැඹෙන්නේ කොතැනින් ද කෙළවර වන්නේ කොතැනින් ද කියා හිතන්නවත් බැරි තරම් ය. අපරාධකරුවන් පිළිබඳ පොලිස් තොරතුරු කාර්යාංශය දක්‌වන තොරතුරු අනුව මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්‌ත්‍රී දූෂණ වැනි අපරාධවලට එකවරක් හෝ ඊට වැඩි වාර ගණනක් දඬුවම් ලබා සිටින අපරාධකරුවන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 5 කි. එල්. ටී. ටී. ඊයට වත් මෙබඳු ප්‍රමාණයක කාඩරයන් පිරිසක් සිටි බව වාර්තා නැත. (එසේ වූයේ නම් යුද ජයග්‍රහණය මෙසේ පහසු වන්නේ නැත). එල්. ටී. ටී. ඊය හා අපරාධකරුවන් අතර වෙනසක් නැත. දෙපිරිසම කරන්නේ මිනිසුන්ගේ සාමයික පැවැත්මට හානි කිරීමය. එහෙත් එල්. ටී. ටී. ඊයට වඩා මේ අපරාධකරුවන් ලක්‍ෂ පහ රටට කළ හැකි විනාශය ගණනය කළ නොහැකි තරම්ය. හේතුව ඔවුන් සිටින්නේ දේශපාලකයන්ගේ සුදු පිsරුවටවලට මුවා වී වීමය. භාරතගේ ඝාතනයට සාධාරණයක් ඉල්ලා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මාධ්‍ය හමු පවත්වන්නට සිදුවීමේ හේතු මේකය.
භාරතගේ ඝාතනයට සෘජුවම නැතත් කිසියම් සම්බන්ධයක් ඇති අපූරු පුවතක් පසුගිය සෙනසුරාදා “දිවයින” පුවත්පතේ පළවී තිබිණි. “භාරතගේ ඝාතනයට සම්බන්ධ පාතාලයන් පලා යැමෙන් කොළඹ හෙරොයින් මතුකුඩු හිඟයක්” යන්න එහි ශීර්ෂ පාඨයයි. තුන්වැනි පිටුවේ පළ වී තිබූ එම පුවත එම පිටුවේ ප්‍රධාන පුවත බවට පත්ව තිබුණේ එහි ප්‍රවෘත්තිමය වටිනාකම නිසා බව අමුතුවෙන් කිව යුතු නැත. ප්‍රවෘත්තියට අනුව භාරත ලක්‍ෂ්මන්ගේ ඝාතනයට සම්බන්ධ පාතාල ප්‍රබලයන් උන් හිටිතැන් අතහැර පලා යැමත් සමග කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල හෙරොයින් මත් කුඩු හිඟයක් මතුවී ඇති බව පොලිසිය කියයි. අදාළ පාතාල ප්‍රබලයන් මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන් බවට පොලිසිය හඳුනාගෙන ඇති බවත් එම පිරිස්‌වල පලා යැමත් සමග සැපයුම් ජාලය අඩාල වීම මෙසේ මත්කුඩු හිඟයක් ඇති වීමට ප්‍රධාන හේතුව වී ඇති බවත් ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් වෙයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් හා මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගෙන් තොර රටක් ඇත්දැයි අපි නොදනිමු. එහෙත් “මතට තිත” කියා රාජ්‍ය මට්‌ටමින් මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළක් අතිසාර්ථක ලෙස ක්‍රියාත්මකව තිබියදීත් මෙබඳු මත් ජාවාරම් ප්‍රබලයන් රජ කළේ කෙසේ ද යන්න වහා සොයා බැලිය යුතුව තිබේ. වැටලීම් නිවැරැදිව සිදු නොවූයේ නම් ඊට වගකිවයුත්තන් සම්බන්ධයෙන් පියවර ගත යුතුව තිබේ. මාදුළුවාවේ සෝභිත හිමියන් පවසා සිටි පරිදි කොළොන්නාව ප්‍රදේශයේ පමණක් මත්කුඩු තිප්පොළ 570 ක් ඇත. එසේ නම් රටේම තිබිය හැකි තිප්පොළ ප්‍රමාණය අපරාධකරුවන් ගණනද ඉක්‌මවාලිය හැකි බවට තර්කයක් නැත.
අසාර්ථක පාලකයන්ට රටක් කළ හැක්‌කේ කළු සල්ලි පවතී නම් පමණි. මත්කුඩු හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයන මුදල් සෘජුවම කළු සල්ලිය. මේ රට දුවන්නේ එබඳු ආර්ථිකයක නම් ඒ ආර්ථිකයට හෝ රටට පැවැත්මක් නැත. භාරතගේ ඝාතනයත් සමග වදුල එළි පෙහෙළි වී ඇත. මෙය මේ වදුලේ හැංගී සිටි විෂඝෝර සර්පයන් ශුද්ධ කර ගැනීමට ආණ්‌ඩුවට ලැබුණු අවස්‌ථාවක් වනවා මෙන්ම අවස්‌ථානේ උපරිම ප්‍රයෝජන ගැනීම ආණ්‌ඩුවේ වගකීමක් ද වන්නේය.
ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල පසුගියදා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී පවසා තිබුණේ දුමින්ද සිල්වා අධීක්‍ෂණය කළේ නාගරික සංවර්ධන අධිකාරියේ වැඩ පමණක් බවයි. නාගරික සංවර්ධනයේ වැඩ වැඩි කොටසක් ඇත්තේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නිසාත් දුමින්ද සිල්වා පැල්පත් හා වතු නිවාසවල ජනතාව අතර වැඩි ජනප්‍රියතාවක් තිබූ නිසාත් නාගරික සංවර්ධනයට ජනතාවගේ සහයෝගය ලබා ගැනීමට දුමින්දට වැඩ කොටස් පැවරීමක් සිදු වූ බවත් ඔහු කියා තිබිණි.
නාගරික සංවර්ධන අධිකාරිය රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය යටතට වැටෙන නිසාත් එනිසා දුමින්ද සිල්වාගේ අධීක්‍ෂණ මන්ත්‍රී ධුරය රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන නිසාත් ඔහු ජනතාව අතර ඉතා ජනප්‍රිය මන්ත්‍රීවරයකු වන නිසාත් ඒ ජනප්‍රියත්වය පාවිච්චි කර කොළොන්නාව ඇතුළු ප්‍රදේශවල පැල්පත් හා වතු ආශ්‍රිත ක්‍රියාත්මක කුඩු තිප්පොළ හෙළිදරව් කර ගැනීමටත්, එබඳු අපරාධවලට සම්බන්ධ වූවන් යහපත් මාර්ගයට ගැනීමටත් දුමින්ද සිල්වාට පැවරුවේ නම් කොපමණ අගනේදැයි අපට සිතෙයි. මෙතෙක් කළ නොහැකිව අතපසු වූ එම වගකීම් පැවරීම දුමින්ද සිල්වා සුවපත් වී පැමිණි පසු හෝ සිදුකර ඔහු වැනි තරුණ මන්ත්‍රීවරු රටේ ප්‍රගතියට දායක කර ගැනීමට ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ලෙස රඹුක්‌වැල්ල වැනි මහත්වරුන්ට ඉඩකඩ ලබාදිය යුතු බව ද අපි යෝජනා කරමු.
එහෙත් අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ මෙපමණ තොරතුරු හෙළිදරව් වී තිබියදීත් “මතට තිත” “තිතට” ක්‍රියාත්මක නොවන්නේ මොන කරුමයක් නිසාදැයි අපි නොදනිමු. අප දන්නා කාරණය නම් මෙයයි. විපක්‍ෂයකුත් නැති, පොලිසියකුත් නැති, නීතියකුන් නැති කොටින්ම ආණ්‌ඩුවකුත් නැති මේ රටේ අනාගතය දිශාගත වී ඇත්තේ කොහේටද යන්න කියන්නට බැරි බවය.
ශ්‍රෝෂ්ඨ ග්‍රීක දාර්ශනිකයකු වූ ඇරිස්‌ටෝටල් වරක් මෙසේ පැවසුවේය. “රාජ්‍ය වනාහී උදාරතම සමාජය වන අතර ඒ අරමුණු කරනුයේ උදාරතම යහපතයි”.
ඒ උදාරතම සමාජය උදාවන තෙක් තවදුරටත් අපට සිදුවන්නේ ඇරිස්‌ටෝටල් එසේ පැවසීය” කිය කියා සිටින්නට පමණය.