සුදේව සහ රංගන ස්වර්ණවාහිනියට

tamil king

Active member
  • Dec 25, 2018
    256
    62
    28
    සුදේව සහ රංගන ස්වර්ණවාහිනියට

    පසුගිය කාලයේ හිරු නාලිකාව තුළ ප්‍රකට චරිත දෙකක් වූ සුදේව හෙට්ටිආරච්චි සහ රංගන ද සිල්වා අද (28) උදෑසන සිය තනතුරු වලින් ඉල්ලා අස්වී ඇති බවට වාර්තාවේ.ඔවුන් දෙන්නාම ඊඒපී මාධ්‍ය ජාලය යටතේ ස්වර්ණවාහිනී නාලිකාව සමග ඉදිරියේදී එක්වන බවට ආරංචි පළව ඇත.
    හිරු නාලිකාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ සුදේව
    හෙට්ටිආරච්චි EAP සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු (Group CEO) ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි.


    හිරු නාලිකාවේ විශේෂ වැඩසටහන් නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ රංගන ද සිල්වා ස්වර්ණවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂකවරයෙකු ලෙසින් කටයුතු කිරීමට නියමිතය.
    මීට ටික කලකට ඉහත පාඩු ලැබූ ආයතනයක් වූ ඊඒපී මාධ්‍ය සමූහය පසුගියදා බෙන් හෝල්ඩින්ග්ස් යටතේ විදේශ අයිතිකරුවෙකුට හිමිවීමත් සමග වෙනසකට ලක්විය.
    හිරු එෆ් එම් නාලිකාව ආරම්භ කළ කාලයේ සිටම වසර 22 ක් තිස්සේ ඒබීසී මාධ්‍ය ජාලයේ සේවය කළ
    සුදේව හෙට්ටිආරච්චි පසුගිය කාලයේ වැඩි වශයෙන් කතාබහට ලක්වූයේ දේශපාලන වැඩසටහන් නිසාය.

    මින් ඉහත ටීඑන්එල් නිවේදකයෙකුවූ රංගන දසිල්වා හිරු TV නාලිකාව ආරම්භයේදී එක්වූ සමාජිකයෙකි. කලා ක්ෂෙත්‍රයේ වැඩසටහන් මෙන්ම දේශපාලන වැඩසටහන්ද මෙහෙයවූ අයෙකි.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,089
    27,747
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Good luck with their new carriers.
    Rangana could easily appoint to Sudewa's position,
    but he respected Sudewa and join with him as,
    Sudewa is the person who recruited Rangana to the Hiru tv.
    Hope they'll make Swarnawahini better agai
    n together
     

    sugath99

    Active member
  • May 18, 2018
    99
    26
    28
    ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ....
    ස්වර්ණවාහිණිය රංගන සහ සුදෙව් අරන්ද ?
    නැත්නම් හිරු ස්වර්ණවාහිණිය අරන්ද?