සුන්දර ඇඩිෂම් බංගලාව
තංගමලේ රක්ෂිතයට යන ගමන් මාර්ගයේ තොටුපොළ කන්ද,නමුනුකුල සහ පිදුරුතලාගල කඳු වළල්ලට මැදිව දිදුලන ඇඩිෂම් බංගලාව (Adisham bungalow) , බදුල්ල හෝ හපුතලේ ප්‍රදේශයට විනෝද චාරිකාවක් යන බොහෝ දෙනෙකු අනිවාර්යෙන්ම ගොඩවදින ස්ථානයක් වන්නේ එහි ඇති පෞරාණිකත්වය ගැබ්වූ ආකර්ෂණයත්, කදිමට විඳින්නට හැකි සුවදායී පරිසරයත්, එහි ඇති අධ්‍යාපනික වටිනාකමත් නිසාවෙනි. මත්පැනට තිත තබා ඇති මෙම පරිශ්‍රය පුරා ඉන්එහා විඳිය හැකි සුන්දරත්වයක් ඇති අතර, එහි නවාතැන් පහසුකම්ද ඇත.
ඇඩිෂම් ( Adisham bungalow ) බංගලාවේ ඉතිහාසය
1869 වසරේ එංගලන්තයේ කෙන්ට්හි ඇඞ්ෂම් ප්‍රාන්තයේ උපත ලද සර් විලියර්ස්ගේ මව වික්ටෝරියා රසල් නම් වු අතර පියා හෙන්රි මොන්ටගේ විලියර්ස් නම් වු දේවගැතිවරයා වුයේය. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව තමන්ගේ වෘත්තිය ලෙස සර් විලියර්ස් විසින් වතු පාලනය තෝරා ගත්තේය. නමුත් ඔහු අපේ සිතුවිල්ලේ සිටින වතු පාලකයන් මෙන් ධනවතෙකු නොවිය. 1887 වසරේ ඔහු ශ්‍රි ලංකාවට පැමිනියේ පවුම් 10 ක මුදලක වත්කමක් ඇතුවයි.ශ්‍රී ලංකාවෙන් තේ රැගෙන ගිය නැවක නැග ඔහු මෙරටට සංක්‍රමනය වි ඇත. වතු පාලකයෙක් ලෙස විලියර්ස් සිය වෘත්තිය ආරම්භ කළේ බොගවන්තලාව ඇල්බැද්ද වතුයායේයි. මේ අන්දමට සේවයේ යෙදී සිටියදි විලියස්ට සමකාලින වැවිලි කරුවෙකු වු ඩබ්. එච්. වොකර් මුණ ගැසුනි. වොකර්ගේ හමුවිමත් සමගම ඔහුගේ දියණිය වු දෝන එමලිනා සමග යුග ජිවිතය ගත කරනු වස් මේ දෙදෙනාගේ විවාහය ති්‍රත්ව දෙව් මැදුරේදි සිදු විය.
දෙදෙනාගේ විවාහයෙන් පසුව පුතුන් දෙනෙකුගේ සුරතල් බැලිමේ වාසනාව ඔවුන් දෙදෙනාට ලැබුණි. මේ අතරින් 1897 උපත ලද කුළුඳුල් පුත් හෙන්රි විස්ටර්ස් විලියම් නම් වු අතර ඔහු පසු කලෙක බි්‍බ්‍රිතාන්‍යයේ රාජකීය හමුදාවට සම්බන්ධ විය. නමුත් පළමුවැනි ලෝක යුද්ධ කාලයේ ඔහුගේ ජිවිතය අකාලයේ අහිමි වුණා. විවාහයෙන් කාලයක් ගෙවෙත්ම සර් විලියර්ස්ට කෝපි වතු සමාගමක පරිපාලනය වෙනුවෙන් බ්‍රසිලයට යන්නට සිදු වුනත් බ්‍රසිලයේ ජිවිතය විලියර්ස්ට එතරම් සාර්ථක නොවුනෙන් නැවතත් ලංකාවට පැමිණ 1900 වසරේදි ඔහුගේ සහෝදරයා සමග එක්ව දික්ඔය වතුයාය මිළට ගත්තේය.
මේ යුවලට දාව දෙවැනි දරුවා 1902 වසරේ උපත ලද අතර ඔහු තෝමස් හයිඩ් විලියර්ස් නම් විය.අයියා අනුව ගිය තෝමස්ද හමුදා සේවයට සම්බන්ධ වුණා.1905 වසරේදි සර් විලියර්ස් ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමට සම්බන්ධ වු අතර 1906 වසර වෙන විට ඔහු මෙම සමාගමේ ප්‍රධාන කොටස්කරුවෙක් පමණක් නොව එම සමාගමේ සභාපති තනතුරට පත් වෙන්නට තරම් පෞරෂයකින් යුක්ත වුනා.මෙරට වෙසෙන යුරෝපා ජාතින්ගේ එකමුතුව වෙනුවෙන් යුරෝපිය සංගමය පිහිටවු අතර එහි සභාපතිත්වයටද සර් විලියර්ස් පත් වුණා.
දේශපාලනය වෙනුවෙන්ද දක්වන ලද උනන්දුව නිසාම සර් විලියර්ස් කොළඹ මහ නගර සභාවේ සාමාජිකත්වය මෙන්ම ප්‍රථම ව්‍යවස්ථාදායක කවුන්සලයේ සහ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකත්වය දරන්නට තරම් දේශපාලනයෙන්ද පන්නරය ලබා ගත්තා. ඔහුගේ දේශපාලන ජිවිතය සමාජ සුබසාධනය වෙනුවන් විශිෂ්ට වු මෙහෙවර මත පදනම් විය. නිරෝගි ජනතාව රටක ජිවනාලිය බැව් පිලිගත් සර් විලියර්ස්ගේ දේශපාලන ජිවිතය තුළින් ඉස්මතු වුන ප්‍රතිපත්ති සමාජ සුබසාධනය වෙනුවෙන් යොමු විය. මේ වෙන විට පැතිරි තිබුණ මන්ද පෝෂණය පිටු දැකිම සඳහා කිරි , බිත්තර රජයෙන් මිළදී ගැනිම නවතා මෙම පෝෂණීය ආහාර ගමේ ප්‍රජාවගේ කටයුතු වෙනුවෙන් ලබා දෙන්නට කටයුතු කරන ලදී.
ළමා අයිතින් වෙනුවෙන් කතා කළ සර් විලියර්ස් විශේෂයෙන් අවධාරනය කළේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය අවශ්‍ය බවත් ළමා මෙහෙකාරකම පිටු දැක දරුවාට දරුවෙකු ලෙසින් ජිවත්විමේ අයිතිය ලබා දිය යුතු බවත්ය. අධ්‍යාපනයේ අගය ගැන මහත් ඇගයිමෙන් කටයුතු කළ සර් විලියර්ස්ගේ යෝජනාවක් අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම විශ්ව විද්‍යාලය ආරම්භ කිරිමේදි ඒ වෙනුවෙන් කොළඹ ,මහනුවර වෙනුවට වෙනුවට පේරාදෙණිය සුදුසු බැව් යෝජනා කරන ලද්දේ සර් විලියර්ස් විසින් බැවි සඳහන් වේ.
සර් විලයර්ස් තමන්ගේ බංගලාව ඉදි කිරීමට තෝරා ගත්තේ හපුතලේ තංගමලේ ප්‍රදේශයයි. මෙය මුහුදු මට්ටමේ සිට අඩි 5000 ක් පමණ උසින් යුක්තය.මෙම බංගලාවට බදුල්ල වටා දිවෙන නමුනුකුල, පිදුරුතලාගල, සහ තොටුපොල කන්ද දර්ශණීය ලෙසින් දිස් වෙන නිසා ඉතාම දර්ශණීය භුමි භාගයක් විය. මෙම නිවස වෙනුවෙන් 1929 වසරේ අත්තිවාරම දමන ලද අතර ඒ වෙනුවෙන් අවශ්‍ය ඉංජිනේරුවන් බ්‍රිතාන්‍යයෙනද කම්කරුවන් ඉන්දියාවෙන්ද ගෙන්වන ලදී. මන්දිරය වෙනුවෙන් යොදා ගත් ඔපමට්ටම් කරන ලද කලූ ගල් බ්‍රිතාන්‍යයෙන් ගෙන්වා ගෙන ඇත.මන්දිරයේ බුමුතුරුණු පර්සියාවෙන් ගෙන්වා ගත් අතර ඇතැම් සොෆා ආසන ඔටු හමෙන් නිමවා ඇත.
ඇඩිෂම් ( Adisham bungalow ) බංගලාව නිර්මාණය වූ අකාරය
සර් විලියර්ස්ගේ හිත ඉපදුන සිහිනය වුනේ තමන්ගේ උපන් ගමේ බාල විය ගෙවන ලද මන්දිරය සිහිපත් විම වෙනුවෙන් මෙම මනදිරය ඉදි කිරීමයි. මෙම නිවස ඉදි කිරීමේ ගොඩනැගිලි නිර්මානය ටියුඩර් කලාව ලෙසින් බැව් සඳහන් වේ. මෙහි වහල , පියගැට පෙළ බුරුම තේකක් ලීයෙන් නිමවා ඇත. මෙම පියගැට පෙල බකිංහැම් මාලිගයේ පියගැට පෙළට සමාන වේ.සිවිලිෙ ම්කැටයම් වෙනුවෙන් වික්ටෝරියානු යුගයේ ආබාෂය ලැබි ඇති අතර විලියර්ස් ආර්යාව විසින් අඳින ලද චිත්‍ර විෘත සාලයේ දක්නට ලැඛෙන අත්ර ඒවා මහජනතාව වෙනුවෙන් විවෘතව ඇත.සර් විලියර්ස් ජිවත්වුන ” බ්ලූ රූම් ” කාමරය ඉදි කිරිමට ඉන්දියාවෙන් පෙදේරුවන් ගෙන්වන ලද අතර දැනට මෙම කාමරය සංරක්ෂිතව පවතින නිසා නරඹන්නන් වෙනුවෙන් විවෘත කරනු නොලැබේ.
ප්‍රකට චිත්‍ර ශිිල්පියෙකු වු ඩේවිඩ් පේනවිසින් සිතුවන ලද තෝමස් විලියර්ස්ගේ සිතුවමේ තිඛෙන අපුර්වත්ය නම් මෙම සිතුවමේ පිහිටිම අනුව එයින් පෙනේනේ විලියර්ස් නරඹන්නන් දෙස බලා සිටින අයුරුයි. මෙය කුමන දිසාවෙන් බැලූවද පෙනෙන්නේ එි අන්දමින් ීවිම විශේ්ෂත්වයකි. මෝනලිසා සිතුවමේ ගමන්කරන්නේ ඇස් පමණක් වුනත් මෙම සිතුවම මුලූමනින්ම පුද්ගලයා යන අතට හැරෙන අන්දමින් නිර්මානය වි තිබේ. බොයිලේරුවෙන් මෙම මන්දිරය සඳහා උණුහුම සපයන අතර ඒ වෙනුවෙන් ජලය සැපයෙන්නේ ඉහළ කඳුමුදුනේ සිට නල එලන ලද නල පද්ධතියකින්ය. එම යුගයේදි මෙම බොයිලේරුව විදුලිජනකයක් මගින් ලබා දෙන ලද බලශක්තියෙන් කි්‍රයාත්මකව ඇත. ඉහළ කවුලූ මගින් දර දහනය වෙනුවෙන් අවශ්‍ය වාතය ලබා ගෙන ඇතුලත සිතල සමනය කර ගෙන ඇත.ගමෙහි පිහිටි සුලං කවුලු තුලින් හමන සුලග විශේශිත නල මගින් ගමන් කරවා එවා ගිනි උඳුන තුලට යවලා ඒ වායු ධාරා මගින් කාමර උනුසුම් කරන දියුනු ක්‍රමවේදය නම් විශ්මයජනකයි.
ගමෙහි පිහිටි සුලං කවුලු තුලින් හමන සුලග විශේශිත නල මගින් ගමන් කරවා එවා ගිනි උඳුන තුලට යවලා ඒ වායු ධාරා මගින් කාමර උනුසුම් කරන දියුනු ක්‍රමවේදය නම් විශ්මයජනකයි.
1951 ඇංගලිකානු සභාවේ භාරකාරත්වයේ සිටි සර් විලියර්ස් විසින් ග්‍රන්ථ තුනක්ද රචනා කළ බවත් සඳහන් වේ. ඔහු වයස අවුරුදු 82 වෙන විට නැවත එංගලන්තයට ගොස් ලේඛම්වරියකව සිටි මාජරි කේට් සමග විවාහ වුයේය..එංගලන්තයේ වෙසෙන අතරත් ලංකාවේ වතු පාලනය ගැන විමසා බැලිමට ඔහු අමතක කලේ නැත.1959 වසරේ සර් විලියර්ස් මියගිය අතර ආර්යාව 1964 වසරේදී ගියාය. නමුත් ඔවුන් විසින් ඉදිකරන ලද ඇඩිෂම් මන්දිරය තවමත් විරාජමාන වේ.
ඇඩිෂම් බංගලාව පිහිටි පරිිසරය ඛෙහෙවින්ම සුන්දරයි. මල් , එළවලු වලින් අලංකෘත වුවා පමණක් නොව සත්ව පාලනයත් සිදු වේ. මෙය ඇත්තටම ගොවිබිමකට සමාන බව කිව්වත් වරදක් නැහැ. ස්වයංපෝෂිත අඩවියක් පවත්වාගෙන යන මෙම පරිසරයේ හැදෙන වැඩෙන පළතුරු වලින් අතුරු කර්මාන්ත පවා සිදු වෙනවා. මෙහි පිහිටි අලෙවිසැලෙන් ජෑම් , කෝඩියල් වැනි නිෂ්පාදන මිළදී ගැනීමේ පහසුකම් නරඹන්නන් වෙනුවෙන් සපයා තිබේ.
1948 වසරේ මෙම මන්දිරය විමලා ජයවර්ධන මහත්මියගෙන් මිළයට ගෙන ඇත. 1961 වසරේ මෙම ස්ථානය ඛෙනඩික් නිකායේ තාපසරාමයකට විකුනා ඇත. වර්තමානයේ ඇඩිෂම් බංගලාව බ්‍රිතාන්‍ය පුජකවරුන් පුහුනු කිරීමේ ආයතනයක් වශයෙන් පවත්වා ගෙන යනු ලැබේ.
source http://thewoman.lk/adisham-bungalow-haputhale/
බකිම්හැම් සිහිගන්වන සුන්දර ඇඩිෂම් බංගලාව

Attachments
Last edited:
hehe