සුන්දර ගීයක ඇරඹුම-දම්පියාව නෙත් පියාන
දම්පියාව නෙත් පියාන බලා සිටිනුදෝ
දිනේය ජන නෙත් පියාන බලා සිටිනුදෝ
මෙත් බෝසත් තිදස පුරේ තවමත් නිදිදෝ
මහාවීර මහපොළවේ ජනිත නොවනුදෝ
අබුද්දස්ස යුගය ඇවිත් ලබුත් තිත්ත වෙති
ගඩොල් බුදුන් යකඩ බුදුන් වෙහෙරේ විහරති
දහම් පදය පොත් ගුල් තුළ ඉකි බිඳ වැලපෙති
දම් දීපයෙ දම් අමාව බති වෙනුවට කති
දියසෙන් රජු ආවෙත් නැත එයින් තැවුනෙ සිත
දෙදහස් පන්සිය වසරක් ඉවසන්නද අප
පන්දහසක් කල් ගිය තැන දම්දීපය නැත
තිදසපුරෙන් බිමට බසිනු මෙත් මහ බෝ සත
තිදස පුරෙන් බිමට ඇවිත් බිහි වනු බෝ සතුනේ...
තව දෙදහස් පන්සියයක් ඉදිනු බැරිය ඉතිනේ.....//
මෙම ගීතයේ ගීත රචකයා මම නොදනිමි නමුත් කපුගේ විසින් ගයන ලද මේ ගීතය අද සංග සාසනය තුල දක්නට ලැබෙන පිරීහිම නිසා කලකිරිනු පුද්ගලයෙක්ගේ සැබෑ වේදනාව ගීතයකින් සංධවනිය වීමකි.
නමුත් මේ සමාජගත අසාධු ක්රමය ගැන සැවම නිහඩව සිටීම මේ ගීත රචකයා පීඩනයට පත් කර ඇති බවක් හැගේ. මීලඟ බෝසතුන්ට අකාලයේ බුදු වීමට තරම් ඉල්ලිමක් කිරීමට තරම් එය දුර දිග ගොස් ඇති හෙයකි. අබුද්දස්ස නොහොත් බුදු දහමට එකග නැති සිදුවීම් රාශීයක් සංඝ සමාජය තුල සිදු වෙමින් පවති.දහම වෙනුවට බලය පසුපස යන හෙයකි. ගිහියන්ගේ තන්හාකර තත්වයන් සංග සමාජය තුලට අවශෝෂනය වී ඇත.දහම අද ප්රායෝගිකව සංඝ සමාජය තුල දක්නට ලැබෙන්නේ දුර්ලබවය.බුදු දහම අතීතයේ මිසක් වර්ථමානය තුල හිගය.බුදු දහමත් අනුභව කරන බිස්නස් සාසනයක් දලුලමින් නගී. දියසෙන් රජු සංකල්පය කාලිකව සිදු නොවී ඇත.එනම් වසර දෙදහස් පන්සීයකින් මේ තරම් දෙයක් වුනි නම් වසර පන්දහසක කාලයක් බුදු බන තිබීම කෙසේවත් සිදු නොවනු ඇත.ගායකයාගේ ඉල්ලීම තිදස පුරයට යොමු කරමින් ලියන ලද මේ ගීතය විශිෂ්ඨය.

Last edited: