සුන්දර ගීයක ඇරඹුම-පායන් රන්සඳ
මේක සේකරයන් විසින් ලියන ලද සිංදුවක්.හුඟක් අය මේක අහලවත් නැතුව ඇති.අමරදේවයන්ගේ මියුරු හඬ සහ සේකරයන්ගේ නිර්මාණශීලි ඥාණය සංකලනයක් කර නිෂ්පාදනය වූ මේ සුසංයෝගාත්මක කාව්‍යමය ගීතය එක අතකින් ආදරවන්තයෙක්ගේ දුක්බර සිතිවිලි පෙන්නුම් කරන බව දැනුනත් එහි මූලික පණිවුඩය වෙනස්.
සඳ පායනකොට ඇතිවන පාලුව මකාදමා සිය ආදරවන්තිය එනතෙක් බලාසිටින අමරදේවයන් විඩාවට පත්වී අසන පැනය හරිම ලස්සනයි.නමුත් ඔහුට සඳ වෙනුවට තවමත් අඳුරයි.
මීට කලින් ජීවත්ව සිටිය ආදරවන්තයන්ගේ කඳුලු වලින්ද මේ විශාල වර්ෂාවන් ඇතිවන්නේ යන සැකය ඔහු තුල ජනිත වෙනවා.ඒ වගේම විශාල සුලං කුනාටු මීට කලින් සිටපු සියලු පෙම්වතියන්ගේ සුසුම් රැලි වල එකතුවක් ලෙස ඔහු දකිනවා.
ඒ වගේම සිනාහවෙන් සිටියත් යන එන් මං නැති ලෝකය වියරු වැටිලා එහෙ මෙහෙ දුවමින් සිටින ආකාරය කව්‍යයෙන් කීවත් මෙහි ගැඹුරු අරුත අතීතයේ ජීවත් වූ අයගේ සිතිවිලි අනාගතය තීරණය කරන බවයි.