සුනාමි අනතුරු ඇඟවීම් ඉක්මනට දැනගනිමු

ishur_j

Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    සුනාමි අනතුරු ඇඟවීම් ඉක්මනට දැනගනිමු

    NaturalDisaster.jpg


    භූමිකම්පා, සුනාමි, ජල ගැලීම් වැනි ස්වභාවික විපත් වලදී ඒ පිළිබඳව ඉක්මනින් හා නිවැරදිව ලබා ගැනීමට gdacs.org නමැති වෙබ් අඩවියේ ලියාපදිංචි වීම මගින් ඔබට පුළුවන්. මෙම gdacs.org වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හා යුරෝපිය කොමිසමයි. මෙහි ලියාපදිංචි වීම මගින් ලොව ඕනෑම තැනක සිදුවන ස්භාවික ආපදාවක් ඉක්මනින්ම SMS පණිවිඩයක් මගින් හෝ ඊමේල් පණිවිඩයක් මගින් හෝ දුරකථන ඇමතුමක් මගින් ඔවුන් නොමිලේම දැනුම් දෙනවා.

    මේ සදහා ලියාපදිංචි වන අයුරු.

    පියවර 1
    http://register.gdacs.org/Detail.aspx
    මෙම ලින්ක් එකට ගොස් ඔබගේ ඊමේල් ලිපිනය හා පාස්වර්ඩ් එකක් ලබාදී Next කරන්න.

    පියවර 2
    ඊලග පිටුවේදී ඔබගේ නම සහ රට ලබා දෙන්න. අනිකුත් විස්තර පිරවීම අත්‍යවශ්‍ය නැත. දැන් Next කරන්න.

    පියවර 3
    මෙහි ඇති Service Type යන්නෙන් SMS යන්න තෝරා ඔබගේ ජංගම දුරකථන අංකය නිවැරදිව, ඔවුන් දන්වා ඇති ආකාරයට ලබාදෙන්න. ඉන්පසු Add Address යන්න ක්ලික් කරන්න.
    එවිට ඔබ නිවැරදිව අංකය ඇතුලත් කර ඇත්තම් Your current service addresses යන විස්තරය යටතේ ඔබගේ දුරකථන අංකය පෙන්වනු ඇත. මේ ආකාරයට ඔබට ඔබගේ නිවැසියන්ගේ ජංගම දුරකථන අංකද ඇතුලත් කර ගත හැක. ඔබට අවශ්‍ය දුරකථන අංක ඇතුලත් කරගැනීමෙන් පසු Next ක්ලික් කොට ඊලග පිටුවට යන්න.

    පියවර 4
    දැන් Add a new alerting service to my account යන්න යටතේ Service Type යන්නෙන් SMS තෝරා Disaster Type යන්නෙන් ඔබට අවශ්‍ය කුමන අන්දමේ අනතුරු හැගවීමක් ද යන්න තෝරා Add Service ක්ලික් කරන්න. ඔබට Disaster Type එකක් හෝ කිහිපයක් වුවද මේ ආකාරයට ඇතුලත් කර ගත හැක. ඉන්පසු Next කරන්න.

    පියවර 5
    මෙහිදී ඔබ ඇතුලත් කෙරු විස්තර සියල්ලම පෙන්වන අතර ඒවා නිවැරදි බව තහවුරු කර Accept Conditions for use යන්න tick කොට Save කරන්න.
    ඉන්පසු එහි සදහන් අන්දමට ක්‍රියා කර ඔබගේ ඊමේල් ලිපිනය හා දුරකථන අංකය තහවුරු කරගෙන ඔබටත් මෙම ස්වභාවික විපත් පිළිබද අනතුරු හැඟවීම් නොමිලේම ලබාගත හැක.



    මෙය අනිවාර්යෙන්ම රී පෝස්ට් විය හැක.. නමුත් දැනුවත්වීම සඳහා නැවත දැමීම පාඩුවක් නොවේ..
    :)


    ඇන්ඩ්‍රෝයිඩ් ජංගම දුරකථන තියෙන අයට මේක වැදගත් වෙයි..

    C3zw-y45306Lgl9-XYjBTqVE9QevBT7k7FFxZK9omL5o75CD3oqaHvB_w8vOL3-7OA=w705


    C3zw-y45306Lgl9-XYjBTqVE9QevBT7k7FFxZK9omL5o75CD3oqaHvB_w8vOL3-7OA=w705


    Source : Internet