සුනිල් පෙරේරා ජීවිත කතාව

hrm

Well-known member
  • Mar 19, 2008
    6,002
    3,456
    113
    Battaramulla, Sri Lanka
    සුනිල් පෙරේරා ජීවිත කතාව

    ඉස්කෝ‍ලේ යන කා‍ලේ මම බොහොම පසුගාමී චරිතයක්. මොකද සම වයසේ අනෙක් ළමයි හැමෝම වගේ මට වැඩිය උස මහතයි. අපේ ඉස්කෝ‍ලේ පන්ති වර්ග කරලා තිබුණා. දක්ෂ ළමයි හිටියේ එක පන්තියක, දුර්වල ළමයි හිටියේ අනෙක් පන්තියේ. මාව ඇතුළත් වෙලා තිබුණේ දුර්වල ළමයින්ගේ පන්තියට. ඉතින්, හත්වැනි පන්තියට එනතුරු මට රජෙක්වගේ ඉන්න පුළුවන් වුණා. ඒ දවස්වල හැම විභාගයකින්ම මම එක්කෝ පළමුවැනියා නැත්නම් දෙවැනියා.
    හැබැයි මට ඒ විදිහට දිගටම ඉන්න බැරිවුණා. අටේ පන්තියේදී ස්වාමි කෙනෙක් ඇවිල්ල “ඔය ළමයි එක්ක ඉන්න හොඳ නෑ සුනිල්” කියලා මාව අර දක්ෂ ළමයි හිටපු අනිත් පන්තියට ඇතුළත් කළා. මම මුලින්ම දැනගත්තා ඒ පන්තියේ ළමයි එක්ක නම් මට හැරෙන්නවත් බැරි බව. ළමයි 32ක් විතර තමයි පන්තියේ හිටියේ. විභාග ප්‍රතිඵලවලින් පළමුවැනියා දෙවැනියා නොවෙයි, විසිවෙනියාගෙන් ඉහළටවත් එන්න ඊට පස්සේ මට කවදාවත් බැරිවුණා. තාත්තා නම් හිතුවේ සංගීතය පැත්තට යොමුවෙලා මම ඉගෙනීම කඩාකප්පල් කරගෙන යනවා කියලයි. ඒත්, පස්සේ මට තාත්තාට ඇත්තම කියන්න වුණා. දුර්වල ළමයි හිටපු පන්තියේදී “මුදුනා” වගේ හිටියට දැන් එහෙම කරන්න බෑ කියලා මම තාත්තාට ඇත්ත කාරණේ පහදලා දුන්නා.


    පළමු වැනි වතාවේ සාමාන්‍ය පෙළ විභාගෙන් මම ෆේල්. ඉතින්, දෙවැනි වතාවටත් විභාගේ කරන්න කියලා තාත්තා බලකළා. ඒ පාර මට “කේ‍රඩිට්” තුනක් ලැබුණා. හැබැයි ගණිත විෂයන් එකකටයි කේ‍රඩිට් තිබුණේ. මාව උසස් පෙළ පන්තියට දාන්න තාත්තාට ලොකු වුවමනාවක් තිබුණා. මාව කොහොම හරි උසස් පෙළ විද්‍යාව පන්තියට ගන්න කියලා තාත්තා ඉස්කෝ‍ලේ ෆාදර්ට කිව්වා. ෆාදර් කිව්වා ‘සයන්ස් පන්තියට ගන්න නම් ප්‍රතිඵල මදි, අඩුම තරමේ ගණිතයට වත් කේ‍රඩිට් එකක් තිබුණා නම් ගන්න තිබුණා” කියලා.
    මම විභාගෙන් ෆේල් වුණාට පස්සේ “උඹේ කැමැත්ත තියෙන්නේ සංගීතයට නම් ඒකවත් හරියට කරපන්.” කියලා තාත්තා සංගීතයෙන් ඉහළට යන්න මට ලොකු සහයෝගයක් ලබාදුන්නා. ගෙදරට ගුරුවරු ගෙනැල්ලාත් සංගීතය ඉගැන්නුවා. තාත්තා සංගීතයට හුඟාක් කැමැති කෙනෙක් වුණාට අපි වෘත්තීමය විදිහට සංගීතය කරනවාට මුලදී තාත්තාගේ කැමැත්තක් තිබුණේ නෑ. හැබැයි, ඒ වෙනකොට සංගීතය ඇරෙන්න වෙන විකල්පයක් මට තිබුණේ නෑ.


    ජිප්සීස් සංගීත කණ්ඩායම පටන් ගත්තේ 1970 අවුරුද්දේදී. ඒ වෙනකොට මගේ වයස අවුරුදු 18යි. තාත්තාම තමයි ‘ජිප්සීස්’ කියන නම දැම්මෙත්. වෘත්තියක් විදිහට සංගීතය කරනවාට මුලදී විරුද්ධ වුණාට, තාත්තා පස්සේ මල්ලිලාවත් ‘ජිප්සීස්’ සංගීත කණ්ඩායමට සම්බන්ධ කළා. සංගීතෙට යොමු කරලා දරුවන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරනවා කියලා නෑයෝ ඒ දවස්වල තාත්තාට හරියට දොස් කිව්වා. ඒත් තාත්තාත් ඒ දවස්වල නහයට අහන්නේ නෑ. තාත්තා පියල් මල්ලීව (පියල් පෙරේරා) ජිප්සීස්වලට සම්බන්ධ කරන කොට එයා සාමාන්‍ය පෙළ කරලාවත් නෑ.


    “ජිප්සීස්” සංගීත කණ්ඩායම විදිහට අපි මුල් කා‍ලේ ගායනා කළේ බටහිර ගීත. ඒ කා‍ලේ ක්ලැරන්ස්ගේ ගීතවලට විශාල ඉල්ලුමක් තිබුණා. ඉතින්, සිංහල ගීත ගායනා නොකර ‘ජිප්සීස්’ ලාට තමන්ගේම අනන්‍යතාවක් හදාගන්න බැරි බව අපට වැඩිකල් නොගිහින්ම වැටහුණා. මොකද, කොළඹ අවට ප්‍රසිද්ධවෙලා හිටියට මොරටුව පාලමෙන් එහාට ගියාම කවුරුවත් අපව නමින් හඳුනාගෙන හිටියේ නෑ. සිංහල ගීත විදිහට අපි මුලින්ම ගායනා කළේ ආදර ගීත. ආදර ගීත ගායනා කළාම ගෑනු ළමයි කැමැතිවෙයි කියලත් හිතෙනවානේ. ඉතින් ආදර ගීත වැඩිපුර ගායනා කරන්න ඒ කාරණාවත් හේතුවුණා. හැබැයි අපි මුලින්ම ගායනා කරපු “ඔබ දුටු ඒ මුල් දිනේ” වගේ ආදර ගීත වැඩිය ජනප්‍රිය වුණේ නෑ. 1977 අවුරුද්ද වගේ වෙද්දී අපි “ නෝනේ මගේ සුදු නෝනේ” ගීතය ගායනා කළා. ඒ ගීතය ජනප්‍රිය වුණා. එතකොට අපි තේරුම් ගත්තා වේදිකාවේ අනිත් අයට වඩා වෙනසක් කරන්න පුළුවන් ගීත ගායනා කළොත් අපට ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා.
    මුල් කා‍ලේ තාත්තා අපේ ප්‍රසංග එකක් නෑර බලන්න ආවා. ඒ දවස්වල අපේ ප්‍රසංග බාර ගත්තෙත් තාත්තා; මුදල් බාරගත්තෙත් තාත්තා. අපට තිබුණේ ප්‍රසංගවලට ඉදිරිපත් වෙන්න විතරයි. තාත්තා අපේ ප්‍රසංගයකට ආපු දවසක වෙච්ච සිදුවීමක් මට මේ වෙලාවේ මතක් වෙනවා.


    දවසක් දවල් ප්‍රසංගයක් අතරතුරදී මම මත්පැන් ටිකක් ඔරේන්ජ් බාර්ලි බෝත‍ලේකට දාලා මිශ්‍රකරලා බිබි හිටියා. හිටිහැටියේම එතැනට තාත්තා ආවා. ඇවිත් “පුදුම රස්නයක්නේ බං තියෙන්නේ කෝ මටත් බිම ටිකක් දීපං” කියලා මගේ අතින් බෝත‍ලේ අරගෙන බිව්වා. ටිකක් බොද්දි තමයි බෝත‍ලේ තිබුණේ මොනවද කියලා තාත්තාට තේරුණේ. “ බිව්වාම උඹට නම් ෂෝක් ඇති. හැබැයි බලාගෙන ඉන්න මිනිස්සුන්ට නම් ෂෝක් නෑ. ඒ නිසා නොබි ඉඳපං” කියලා තාත්තා මට කිව්වා. “ හොරෙන් බිබි ඉන්දෙද්දී අහුවුණා” කියලා අම්මාට කියලා ගෙදර ඇවිල්ලත් එදා තාත්තා මට හොඳටම දොස් කිව්වා.


    අවුරුදු 22 දී විතර තමයි මම මුලින්ම ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්තේ. ඊට කලින් ගෑනු ළමයිත් එක්ක ඇති කරගන්න හදපු සම්බන්ධතා එකක්වත් සාර්ථක වුණේ නෑ. මොකද, මගේ කැමැත්ත තිබුණාට ඒ කෙල්ලෝ මට කැමැති නෑ. අපේ අයියා ලස්සනයි. ඒ නිසා අයියාගේ වටේ තමයි හැම තිස්සේම ගෑනු ළමයි රොක්වුණේ.


    ඉස්සර අපට ගෑනු ළමයින්ගෙන් ලියුම්, පින්තූර එහෙම ලැබෙනවා. ඒ වගේ ලියුම් එවපු ගෑනු ළමයෙක් එක්ක තමයි මම මුලින්ම යාළුවුණේ. හැබැයි ඒ සම්බන්ධය වැඩි කාලයක් තිබුණේ නෑ. ඊට පස්සේත් මම හුඟාක් සම්බන්ධතා ඇති කර ගත්තා. ඒවා ඒ කා‍ලේ තිබුණ දැඟලිල්ලට ඇති කරගත්ත සම්බන්ධතා මිසක්, ඒවාට ආදර කතා කියලා කියන්න බෑ. මොකද ප්‍රේමයට වැඩිය ලිංගිකත්වය තමයි ඒ සම්බන්ධතාවලදී ප්‍රබල වුණේ. ඇත්තම කියනවා නම් ‘සීරියස්’ සම්බන්ධයක් ඇති කරගත්තු එක ගෑනු ළමයෙක්වත් මට ඉඳලා නෑ.


    තරුණ කා‍ලේ මම බොහොම ආවේගශීලීයි. මගේ ආවේගශීලී බව නිසා ඒ කා‍ලේ හුඟාක් හැල හැප්පිලි වුණා. පත්තරේක මට විරුද්ධව මොනවහරි ලියලා තිබුණත් මට ඒ කා‍ලේ තරහා යනවා. “කුරුමිට්ටෝ” සින්දුව ප්‍රචාරය කිරීම තහනම් කරපු වෙලාවේ මම ගුවන්විදුලි සේවයේ අය එක්කත් ගහගන්න ගියා. ඒ දවස්වල අපේ තවත් සින්දු කිහිපයක් තහනම් කරලා තිබුණා. ඇනස්ලි මා‍ලේවනලාගේ සමහර සින්දුත් තහනම් කරලා තිබුණා. ඒ කා‍ලේ සම්භාව්‍ය ගණයේ ගීතවලට විතරයි පිළිගැනීම තිබුණේ. ‍පොප් ෙශෙලියේ ගීතවලට ලොකු කැපිල්ලක් තිබුණා. සම්භාව්‍ය ඇරුණම අනෙක් ගීත තුප්පහි ගීත විදිහටයි සැලකුවේ.


    එදා තරුණ ළමයින්ව හිටපු අයට බැණපු උදවිය, අවරගණයේ ගීත ගායනා කරනවා කියලා අදත් තරුණ ළමයින්ට බනිනවා. අපට බැණපු අයත් එක්ක තරහක් ඒ දවස්වල අපෙත් තිබුණා. කාලයත් එක්ක තමන්ගේ තැන නැතිවෙලා යනවට තියෙන ඊර්ෂ්‍යාවට තමයි ඔය කියන උදවිය තරුණ ශිල්පීන්ට බණින්නේ.
    විවාහය ගැන කියනවා නම්, මගේ විවාහය සිදුවුණේ බොහොම හදිසියේ. සංගීත ප්‍රසංගයකදී ෆොටෝ එකක් අත්සන් කර ගන්න ආපු වෙලාවක තමයි මට ඇයව මුලින්ම මුණ ගැහුණේ. අපේ විවාහයට අපි දෙන්නාගේ දෙමවුපියන්ගෙන් බාධාවක් තිබුණේ නෑ. හැබැයි විවාහ වෙනකොට මගේ වයස අවුරුදු 30යි. ඇගේ වයස අවුරුදු 15යි, ඉතින් ගෑනු ළමයා බාල වයස්කාරියක්. ඒ නිසා අන්තිමේදී ‍පොලීසි යන්නත් වුණා. එදා නම් මම ටිකක් බයවුණා. හැබැයි එදා ඒ විවාහය වුණේ මගේ වාසනාව නිසා කියලයි මට හිතෙන්නේ. තරුණ කා‍ලේදී මගේ අතින් ගොඩක් වැරදි වෙලා තියෙනවා. ඒ වගේම ඒ කා‍ලේ හුඟක් මෝඩකමුත් මම කළා. නමුත්, ඒ තිබුණ වැරදි කාලයත් එක්ක මම හදාගත්තා. අද මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. මිණිබිරියෝ තුන් දෙනකුත් ඉන්නවා. අදටත් මට ජීවත් වෙන්න මාර්ගයකට තියෙන්නේ සංගීතය විතරයි. වෙන ව්‍යාපාර මට නෑ. මගේ ගීතත් මම තරුණ ළමයින්ට දීලයි තියෙන්නේ “ උඹලා ඕන දෙයක් කරගනිල්ලා” කියලා.


    source: ලක්බිම
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,733
    2,510
    113
    Bevery Hills-90210
    තරුණ ළමයිට නිකන් සිංදු දුන්නේ නැහැ ලක්ෂ 10 ද කොහෙද ඇරගෙන තමයි ඔනේ දෙයක් කරගනිල්ලා කියලා දුන්නේ.. මට දැන ගන්න ලැබුණ විදිහට.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    තරුණ ළමයිට නිකන් සිංදු දුන්නේ නැහැ ලක්ෂ 10 ද කොහෙද ඇරගෙන තමයි ඔනේ දෙයක් කරගනිල්ලා කියලා දුන්නේ.. මට දැන ගන්න ලැබුණ විදිහට.

    ow ithin u nikan dunna kiyala kohewath kiyala naha neda ban :rolleyes::rolleyes::P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැබැයි විවාහ වෙනකොට මගේ වයස අවුරුදු 30යි. ඇගේ වයස අවුරුදු 15යි, ඉතින් ගෑනු ළමයා බාල වයස්කාරියක්:frown::frown::frown:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,733
    2,510
    113
    Bevery Hills-90210
    ow ithin u nikan dunna kiyala kohewath kiyala naha neda ban :rolleyes::rolleyes::P
    මම නම් කිසියම් දෙයක් ඔනේ දෙයක් කරගනින් කියලා තව කෙනෙකුට උදව්වක් වශයෙන් දෙයක් දෙනවා නම් දෙන්නේ නිකන්... කරගන්න දෙයක් නැති උන කාලෙක බංකොලොත් උනොත් තමයි කිසියම් දෙයක් ඔනේ දෙයක් කරගනින් කියලා සල්ලි වලට දෙන්නේ...:):):)