සුපිරි ක්‍රීඩකයන්ට වගේම අවුරුද්දට ගම හරහ

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    සුපිරි ක්‍රීඩකයන්ට වගේම අවුරුද්දට ගම හරහ

    සුපිරි ක්‍රීඩකයන්ට වගේම අවුරුද්දට ගම හරහා දුවන අපිටත් හැදෙන stress fractures

    70648800_669129756916400_8768702976379322368_n.png

    මොනවද මේ stress fractures කියන්නේ

    පත්තරක් අතට ගත්ත ගමන් ඉස්සෙල්ලම අන්තිම පිටුවේ ක්‍රීඩා අතිරේකේ කියවන ක්‍රිකට් පිස්සෙක්ට නං නුපුරුදු වචනයක් වෙන්න බෑ කොහොමත්.

    70515405_669129810249728_3319817339632877568_n.png

    ෂේන් බොන්ඩ්,බ්‍රෙට් ලී වගේ අපි පොඩි කලේ හිටපු ක්‍රීඩකයෝ නම් stress fractures වලට නම් දරපු අය.අලුත් අයගෙනුත් මිචෙල් ස්ටර්ක්,ජේමිස් පැටිසන්,ජෝස් හැසල් වුඩ් වගේ ක්‍රීඩකයෝ නිතරම stress fractures වලට ගොදුරු වෙනවා.ඔය ඩේල් ස්ටේන් ට අවුරුද්දක් විතර ක්‍රිකට් සෙල්ලම් කරන්න බැරි උනෙත් උරහිසේ ඇති වෙන stress fractures එකක් නිසා කියනවනේ.

    71108241_669129790249730_3096735131960868864_n.png


    ඉතින් your family doctor කණ්ඩායම කල්පනා කළා stress fractures ගැන ඔයාලව දැනුවත් කරන්න.

    ෆ්රච්ටුරේ කියන්නේ අස්ථි බිදීමක්.stress fractures කියන්නේ ස්ට්‍රෙස්ස්/ආතතිය/පීඩනය නිසා ඇති වන අස්ථි බිදීමක්.මේවා ඇති වෙන්නේ බර දරාගැනීමේ අස්ථි වල.ඒ කියන්නේ කකුලේ යටි පතුලේ,දණහිසෙන් පහල ඇති වල තමා.නමුත් ක්‍රීඩාවේ ස්වභාව අනුව බර දරන වැඩියෙන් වෙහෙසට පත් වෙන අස්ථියත් වෙනවස් වෙනකොට stress fractures ඇති වෙන අස්ථියත් වෙනස් වෙන්න පුළුවන්.උදාහරණයක් විදියට වේග පන්දු යවන්නන්ට stress fractures වැඩිපුරම එන්නේ කොන්දේ

    ක්‍රීඩකයන්ට කාලයක් එක්ක පීඩනය දරාගන්න එයාලගේ අස්ථි පුරුදු උනත් දරාගන්න පුළුවන් සිමාවෙන් එහාට ඇග වෙහෙස වෙනවා නං stress fractures එන්න පුළුවන්.

    70784866_669130550249654_7807866153144942592_n.jpg


    එතකොට ගම හරහා දුවන අපිට ඕව හැදෙන්නේ කොහොමද?

    ගම හරහා දුවන අය ක්‍රීඩකයෝ නෙමේ නේ.season එකට පොඩ්ඩක් practise වෙලා දිව්වට එයාල ගේ අස්ථි ස්ට්‍රෙස් එක දර ගන්න හුරු වෙලා නැ.ඉතින් පහසුවේ stress fractures එන්න පුළුවන්.

    70217442_669129870249722_854086265790791680_n.jpg


    ඔය stress fractures කියන එකේ විශේෂත්වය මොකක්ද?

    සාමාන්‍යයෙන් අස්ථි බිදිමකදී ඉස්සෙල්ලම කරන්නේ x-ray එකක් ගන්න එකනේ.සාමාන්‍යයෙන් x-ray පටියට අස්ථි බිදීම් පහසුවෙන් පේනවා.නමුත් stress fractures එක නිසා මුලින්ම ඇති වෙන්නේ කෙස් ගහක් තරමේ අස්ථි බිදීමක්. (hairline fracture) ඒ වගේ සියුම් අස්ථි බිදීමක් එක පාර x-ray පටියකට පෙන්නේ නැ.

    එතකොට හදුනාගන්නේ?

    MRI පරික්ෂයක් කලොත් නං stress fractures හදුනා ගන්න පුළුවන්.

    කෙස් ගහක තරම අස්ථි බිදීමක් ඔච්චර දරුණු වෙන්නේ කොහොමද?

    මෙහෙමයි.මුලින්ම ලෙඩට ලොකු වේදනාවක් දැනෙන එකක් නැ.දවසක් දෙකක් සෙල්ලම් නොකර ඉදි.ඊට පස්සේ අපහු පටන් ගන්නවා ක්‍රීඩාව.එතකොට අර අස්ථි බිදීම සුව වෙන්න ඇති තරම් කාලයක් ලැබුනේ නැනේ.අපහු තුවාලේ පැරේනවා.අපහු දවසක් දෙකක් rest කරලා අපහු ක්‍රීඩාව.ඕක විෂම චක්‍රයක් වගේ උනොත් මුලින් කෙස් ගහක් තරම් තිබ්බ අස්ථි බිදීම සුව කරන්න ගොඩක් කල් ගත වෙන ලොකු ලෙඩක් වෙනවා.ඔන්න ඔය අවස්ථාවේදී නම් stress fractures එක x-ray පටි වලට පැහැදිලිව පෙන්න ගන්නවා මුලින් නොපෙනුනාට.

    ප්‍රතිකාර?

    හොදම ප්‍රතිකාරය තමයි විවේක ගැනීම,දවසක් දෙකක් නෙමේ ප්‍රමාණවත් කාලයක්.හොද වුනාට පස්සෙත් අපහු ක්‍රීඩාව පටන් ගන්නකොට තමුන්ගේ ශරීරයට ගැලපෙන තරමට තමයි ව්‍යායාම කරන්න ඕනි.rehabilitation කියලා කියන්නේ,ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව දියුණු රටවල ක්‍රීඩකයන්ගේ අබාධ අඩු කරන්න මේ වගේ වැඩසටහන් කරනවා.

    stress fractures දැනුමක් ලැබුනා කියලා හිතෙනවා.අදට නවතින්නම්.
    මේ ලිපිය වැදගත් කියලා හිතුනොත් share කරන්න අමතක කරන්න එපා.
     
    Last edited:

    madbrucelee

    Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
    ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
    ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░

    BUMMP
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    weight training karana untath hadenawa da ban ?? kohomada aduraganne ?? :shocked:

    රෙප් ගාන වැඩි වෙද්දී තමයි ස්ට්‍රෙස්ස් ෆ්රච්ටුරෙස් එන්නේ

    weight lifting රෙප් ගාන අඩුයි
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    රෙප් ගාන වැඩි වෙද්දී තමයි ස්ට්‍රෙස්ස් ෆ්රච්ටුරෙස් එන්නේ

    weight lifting රෙප් ගාන අඩුයි

    rep 8k wage neh max. 2-3 weeks break ekak ganna eka hodai