සුපිරි මැරඩෝනාගේ සොහොයුරාත් ජීවිතය හැර යයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ලෝක පූජිත ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක මැරඩෝනාගේ බාල සොහොයුරා වන හියුගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වී තිබේ.

    ඔහු ද කලක් පාපන්දු ක්‍රීඩකයෙක් ලෙස කටයුතු කළේය.

    එරට මාධ්‍ය වාර්තා කළේ ඔහු හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බවය.

    පාපන්දු ක්‍රීඩක හියුගෝ මැරඩෝනා පසුව පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කළේය.

    මියයනවිට ඔහු 52 හැවිරිදි වියේ පසුවිය.

    මීට මාස 13කට පමණ පෙර 2020 වසරේ නොවැම්බර් මාසයේදී ලෝක පූජිත මැරඩෝනා අභාවප්‍රාප්ත වූයේද හදිසි හෘදයාබාධයක් හේතුවෙනි.

    මියයන විට ඔහු 60 හැවිරිදි වියේ පසුවිය.
     
    • Like
    Reactions: JohnSnow