සුපිරි සටන් තරු

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සුපිරි සටන් තරු

    සටන් කලා සිනමාවට කැමති රසිකයන් ගණනාවක් ලෝකය වටේ ඉන්නේ එවන් සිනමාපට වල ඇති සුවිශේෂී ක්‍රියාදාමයන්ගේ ආකර්ෂණීය භාවය හෙතුවෙන්මයි. ලෝක සටන් කලා සිනමාව වර්තමාන තත්වයට ඔසවා තබන්න සුවිශේෂී දායකත්වයක් ගත් සුපිරි සටන් නළුවන් කිහිප දෙනෙක් ගැන තොරතුරුයි මේ.
    බෘෘස් ලී (Bruce Lee)

    18-680x510.jpg

    improvisedlife.com

    නම කියූ පමණින්ම කවුරුත් හඳුන්වන බෘෘස් ලී නොමැතිව සටන් කලා සිනමාවක් ගැන කතා කළ නොහැකි තරම්. වූෂු සහ කුන්ග්ෆු සටන් කලාවන්හි ප්‍රවීණයෙක් වූ ඔහු සුප්‍රකට ජිට් කුන් ඩු සටන් කලාවේ නිර්මාතෘ වරයා ලෙසටත් සැලකෙනවා. හොන්කොන් සහ හොලිවුඩ් සිනමාවේ අමරණීය චරිතයක් වන ඔහු කළේ ලෝක ප්‍රකට සිනමාපට පහක් පමණක් වීම විශේෂත්වයයි. The Big Boss, Fist of Fury, Way of the Dragon, Enter the Dragon, සහ The Game of Death එම සිනමාපට කිහිපයයි.
    බෘෘස් ලී වයස අවුරුදු 32 දී අභිරහස් ලෙස මිය ගියේ මුළු ලොවක්ම හඬවමිනුයි.
    ජෙට් ලී (Jet Li)

    211-680x340.jpg

    entertainment.kompas.com

    ලී ලියාන්ජී හෙවත් ජෙට් ලී දුගී පවුලක උපත ලබා මුළු ලොවම දිනු සටන් ශිල්පියෙක්. ළාබාල වියේදීම වූෂු සටන් පුහුණුව ඇරඹු ඔහු වයස අවුරුදු 19 දී වූෂු සටන් තරඟවලින් සමු ගන්නා විට ජාතික මට්ටමේ රන් පදක්කම් පහළොවක් හිමි කරගෙන තිබීම විශේෂත්වයක්.
    වරක් ඇමෙරිකානු ජනාධිපති රිචර්ඩ් නික්සන් ඔහුට සිය ආරක්ෂකයකු ලෙස සේවය කිරීමට කළ ආරාධනය පසෙක දැමු ජෙට් ලී සිය සිනමා ගමන ඇරඹුවේ චීන සිනමාවෙනු යි. සෑම ආකාරයේම වූෂු සටන්ක්‍රම සහ අනෙකුත් සටන්ක්‍රම වල ප්‍රවීණයකු ලෙස සැලකෙන ජෙට් ලී Shaolin Temple සිනමාපට මාලාවෙන් ඇරඹු සිනමා ගමන තවමත් අවසන්ව නැහැ. ඔහු මේ වන විට පසුවන්නේ 54 වැනි වියේ යි.
    ජැකී චෑන් (Jackie Chan)

    38-680x425.jpg

    dramafever.com

    හොන්කොන් සිනමාව විසින් බිහිකළ තවත් සුපිරි සටන් නළුවකු ලෙස සැලකෙන ජැකී හාස්‍යමය සටන් ජවනිකා හේතුවෙන් සුවිශාල රසික ආකර්ෂණයක් දිනා ගත්තෙක්. වූෂු, කුන්ෆු සහ හප්කිදෝ යන සටන් ශෛලීන් වල ප්‍රවීණයකු වන ඔහු 1960 දශකයේ සිට මේ දක්වා රඟපා ඇති සිනමාපට ගණන 150 කට අධිකයි.
    ලොව දෙවන වැඩිම මුදලක් අය කරන නළුවා වන ජැකී ගේ වත්කම ඩොලර් මිලියන 350 ඉක්මවන බවත් පැවසෙනවා.
    වෑන් ඩෑම් (Van Damme)

    48.jpg

    ma-mags.com

    57 හැවිරිදි මෙම බෙල්ජියම් නළුවා ලෝකයේම අවධානය දිනා ගත්තේ Bloodsport(1988), Kickboxer (1989), Lionheart (1990), Double Impact(1991), Universal Soldier යන සිනමාපට වල රඟපාමිනුයි. කරාටේ සහ කික් බොක්සින් සටන් ක්‍රමවල විශිෂ්ටයකු වන වෑන් ඩෑම් සිය පළමු කළු පටිය දිනාගෙන ඇත්තේ දහසය වැනි වියේදි යි. ඔහු බෙල්ජියම් ජාතික කරාටේ කණ්ඩායමේ සාමාජිකයකු ලෙසටද කටයුතු කර තිබෙනවා.
    ටෝනි ජා (Tony Jaa)

    54.jpg

    martialartsactionmovies.com

    සුප්‍රකට Ong-Bak සිනමාපට මාලාවෙන් ජනප්‍රිය වූ ටෝනි මුඒ තායි සටන් කලාවේ ප්‍රවීණයෙක් මෙන්ම බෞද්ධ භික්ෂුවක් ලෙසටද ප්‍රකටයි.
    බෘෘස් ලී, ජෙට් ලී සහ ජැකී චෑන් ගේ සිනමාපට නරඹා සටන් කලා නළුවකු වීමට ආසා කළ ටෝනි සටන් ශිල්පය හැදෑරීම අරඹා ඇත්තේ වයස අවුරුදු 10 දියි. මුඒ තායි තරඟ පහක් අඛණ්ඩව ජයගෙන ඔහු විසින් සුවිශේෂී වාර්තාවක් තබා තිබීමත් විශේෂත්වයක්. ටෝනි සිය සිනමා රංගනය ඇරඹුවේ ආදේශක සටන් නළුවකු ලෙසිනු යි.
    ඩොනී යෙන් (Donnie Yen)

    63-680x417.jpg

    kungfukingdom.com

    මිශ්‍ර සටන් ක්‍රම ශූරයකු වන ඩොනී හොන්කොන් සිනමාව විසින් බිහිකළ සුවිශේෂී සටන් නළුවකු ලෙස සැලකෙනවා. වින් චුන් සටන් කලාව ලොව පුරා ප්‍රසිද්ධ කිරීමට විශාල දායකත්වයක් දැක්වූ ඔහු වඩාත්ම ජනප්‍රිය වුණේ Ip Man සිනමාපටය හේතුවෙනු යි. සිය මවගේ මගපෙන්වීම හරහා සටන් ශිල්පය ඉගෙනීමට යොමු වූ ඔහු සෑම ආකාරයකම සටන් ශිල්පයන් මනාව හැදෑරුවකු ලෙසටද සැලකෙනවා. ඩොනී මේ වන විට පසුවන්නේ 54 වැනි වියේ යි.
    චක් නොරිස් (Chuck Norris)

    73-680x510.jpg

    criminalelement.com

    78 හැවිරිදි චක් ලෝක ප්‍රකට සටන් නළුවන් අතර පුරෝගාමී ඇමරිකානු සටන් නළුවා ලෙස සැලකෙනවා. කලක් ඇමරිකානු ගුවන් හමුදාවේද සේවය කළ ඔහු Chun Kuk Do නම් සටන් පාසලේ නිර්මාතෘ වරයා යි. ගුවන් හමුදාවේ සේවය කරන අවදියේ දී සටන් කලාවට වැඩි නැඹුරුවක් දැක්වූ චක් කරාටේ කළුපටි ධාරියෙක් මෙන්ම කරාටේ තරඟ ගණනාවකින් රන් පදක්කම් දිනූ ශූරයෙක්. ඔහු මුළු ලොවම හඳුනා ගත්තේ Way of the Dragon සිනමාපටයේ දී බෘෘස් ලී සමග කළ සටන හේතුවෙනු යි.
    ජේසන් සටැතම් (Jason Statham)

    82.jpg

    quora.com

    කරාටේ, කික්, බොක්සින් සහ කුන්ෆු සටන් කලාවන් ප්‍රගුණ කළ ජේසන් එංගලන්තය බිහිකළ විශිෂ්ටතම සටන් නළුවකු ලෙසට සැලකෙනවා. කලක් රියදුරකු, වෙළඳසල් සේවකයකු ආදී ලෙසට සුළු රැකියාවල නිරත වූ ජේසන් 1990 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සඳහා බ්‍රිතාන්‍ය නියෝජනය කළ කිමිදුම් කණ්ඩායමේ සාමාජිකයෙකු ද වුණා.
    Transporter සිනමාපට මාලාව , The Mechanic, ආදී සිනමාපට වලින් ජනප්‍රිය වූ ජේසන්ගේ සිනමාපට විසින් ඩොලර් බිලියන 1.5 කට වැඩි මුදලක් උපයා ඇති බවත් පැවසෙනවා.
    සින්තියා රෝත්රෝක් (Cynthia Rothrock)

    91-680x417.jpg

    kungfukingdom.com

    සටන් කලා ශිල්ප ආකාර හතකින් කළු පටි දිනා ඇති සින්තියා Tang Soo Do නම් සටන් කලාවේ කළුපටි 8 වැනි ශ්‍රේණිධාරිනියක්. වසර 5ක් පිට පිට සටන් කලා ලෝක ශූරිය වී ඇති සින්තියා සටන් කලා තරග 38 කින් 32 කදී ම ජයග්‍රහණය හිමි කරගෙන තිබෙනවා. 1985 වසරේ නිර්මාණය කෙරුණු 24 Hours to Midnight සිනමාපටයේ සිට 2017 වසරේ තිරගත වූ Death Fighter සිනමාපටය දක්වා සින්තියා විසින් රඟපා ඇති සිනමාපට ගණන පනහ ඉක්මවනවා.