CNN හි කෙවින් ලිප්ටැක් විසිනි
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද උදෑසන දැඩි කෝපයකින් යුතුව ප්‍රකාශයක් නිකුත් කළේය. ඒ ඊශ්‍රායලය සහ ඉරානය අතර ඔහු විසින් ඇති කරන ලද සටන් විරාමය වඩාත් බිඳෙනසුලු වෙමින් පවතින බවක් පෙනෙන්නට තිබූ බැවිනි.
ට්‍රම්ප් දෙපාර්ශ්වයම විවේචනය කළ නමුත් ඔහුගේ දැඩිම හෙළා දැකීම ඊශ්‍රායලයට එල්ල විය. "අපි සාම සාකච්චාව අවසන්කළ විගසම" ඔවුන් ඉරානය මත "බෝම්බ හෙලූ" බව ඔහු පැවසීය.
"මේ ගනුදෙනුවේදී අපිට රටවල් දෙකක් තියෙනවා, ඔවුන් කොතරම් දරුණු ලෙස සහ කොතරම් දිගු කලක් තිස්සේ සටන් කරනවාද කියනවා නම් ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් දන්නේ නැහැ," යැයි කෝපයට පත් ට්‍රම්ප් ඊශ්‍රායලය සහ ඉරානය ගැන පැවසීය. ඔහු පෙර දින රාත්‍රියේ ප්‍රකාශයට පත් කළ සටන් විරාමය කඩ කළ බවට ඔහු දෙරටටම චෝදනා කළේය.
සටන් විරාමය බිඳී ඇතැයි තමා විශ්වාස නොකරන බව ජනාධිපතිවරයා තහවුරු කළේය. නමුත් ඔහු විශේෂයෙන්ම සටන් විරාමය ඉක්මනින් කඩ කළ බව පැවසූ ඊශ්‍රායලය ගැන සතුටු නොවන බව පැවසීය.
"ඊශ්‍රායලය සහ ඉරාණය අතර සටන් විරාමයකට එකඟත්වයට පැමිණ කළ විගසම ඊශ්‍රායලය පිටතට පැමිණ මා මීට පෙර කවදාවත් දැක නැති ආකාරයේ බෝම්බ තොගයක් ඉරානය මත හෙළුවා," ඔහු නෙදර්ලන්තයේ නේටෝ සමුළුවක් සඳහා වොෂින්ටනයෙන් පිටත්ව යද්දී මාධ්‍ය අමතා පැවසීය.
"මම ඊශ්‍රායලය ගැන සතුටු නැහැ ඒවගේම මම ඉරානය ගැනත් සතුටු නැහැ," ඔහු පැවසීය. දෙපාර්ශවයම ඉතා අන්තවාදී ලෙස හැසිරෙන්නේ. දෙපාර්ශවයම තම රටවල සිවිල් පුරවැසියන් ගැන සිතන්නේ නැහැ. ඔවුන් තම රටවල්වල පුරවැසියන්ට ආදරේනම් මෙහෙම හැසිරෙන්නේ නැහැ. මෙමගින් වඩාත් පිඩාවට පත්වන්නේ රටවල් දෙකේම සාමාන්‍ය පුරවැසියන්. නිකරුනේ ජිවිත විනාශවී යාම විශාල අවාසනාවක්.
ට්‍රම්ප් මැරීන් වන් යානයෙන් ධවල මන්දිරයෙන් පිටත්ව ගොස් ටික වේලාවකට පසු පළ වූ සමාජ මාධ්‍ය සටහනකද සිය දෝෂාරෝපණය දිගටම කරගෙන ගියේය.
"ඊශ්‍රායලය. ඒ බෝම්බ හෙළන්න එපා. ඔබ එසේ කළහොත් එය බරපතල උල්ලංඝනය කිරීමක්. ඔබේ ගුවන් නියමුවන් දැන් ගෙදර ගෙන්වා ගන්න!" ට්‍රම්ප් Truth Social හි ලිවීය.

Last edited: