සුපිරි_අධිතාක්ෂණික යුධ නෞකාවේ තොරතුරු

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    තෙල් ටැංකි කථාව ගැන බොහෝ අය දෙන විචාර එක්කෝ අතිශය සිල්ලර, සරල මට්ටමට යනවා.....නැත්තන් ආර්ථික සංරචක වටේ පමණක් කරකැවෙනවා.....නමුත් මෙවැනි දේ පිටුපස ඇති භූ දේශපාලනික සාධක සහ ඒ මත ගොඩ නැගෙන සහ ගොඩ නැගිය යුතු අවබෝධතාවයන්, ගිවිසුම් හෝ එකඟතාවයන් ගැන බොහෝ දෙනා සිහි කරන්නෙ නෑ......මෙහිදී තෙල් ටැංකි කියන්නෙ හුදු " සම්පතක්, නිෂ්පාදන වස්තුවක්, ආර්ථික විෂය වස්තුවක්" කියන තැනට ලඝු කරන්නෙ නැතුව " ඉන්දියාව" කියන සාධකය දෙසත්, එනයින් සමස්ථය දෙසත් බැලිය යුතු වෙනවා.....

    ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධ පාඨමාල වල කේන්ද්‍රගත මාතෘකාවක් තමයි " බළ තුලනය" ( Balance of Power ) .... බළ තුලනය කියන එක ව්‍යාප්තවාදී අරමුණු සහිත, අධිපතිවාදී චින්තනයන් සහිත බලවේග දෙකක් හෝ කිහිපයක් පවතින ඕනැම කළාපයක ආර්ථික, සාමාජීය, හමුදාමය සහ දේශපාලනික යන හැම අංශයකින්ම පිහිටුවීම සඳහා ඒ ඒ බලවේග විශාල පරිශ්‍රමයක් දරන ප්‍රපංචයක්..... බොහෝ විට බළ තුලනය කියන්නෙ බළ අරගලයක නිරත වී සිටින බලවේග එන තාවකාළික ස්ථාවර ලක්ෂ්‍යයක්......අර මිළ න්‍යායේදී ඉල්ලුම සහ සැපයුම අතර සමතුලිතතාවයක් එන්නා වගේ....

    මෙහිදී ඉන්දියාව ඔවුන්ගේ නිදහසින් පසුව ප්‍රධාන වශයෙන් බළයේ තුළනාත්මක සාධක සමග ක්‍රීඩා කරමින් ඒ වගේ අරගලයක නිරත වී තිබෙන්නේ පාකිස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය සමග....මේ හේතුව නිසා කළාපීයව පවතින අනෙකුත් රටවල " ප්‍රතියුක්ත සටන්" ( Proxy Wars ) දියත් කරන්නත් ( උදා: නේපාලය, ශ්‍රී ලංකාව ) , වෙනත් අලුත්ම රාජ්‍යයන් බිහි කරන්නත් ( උදා: බංග්ලාදේශය ) , දේශපාලනික සංසිද්ධි වලදී පස මිතුරාගේ පස මිත්‍රාට උදව් කරන්නත් ( උදා: තිබ්බතයේ දලයි ලාමාට සහ පංචන් ලාමා වරුන්ට ඉන්දියාව දේශපාලන රැකවරණ ලබා දීම ) ඉන්දියාවට සිදුවුනා..... ඒ වගේම ආර්ථික යුද්ද දියත් කරන්නත්, දේශපාලනික බලහත්කාරය භාවිතා කොට බිය වැද්දීමට හෝ ප්‍රයෝග භාවිතයෙන් අස්ථාවර කිරීමටත් සිදුවුනා.....මේවාත් ජාත්‍යන්තර දේශපාලනයේ විෂය මූලික කරුණු.....

    ශ්‍රී ලංකාව කියන්නෙ ඉන්දියාවට, ඉන්දීය සාගර කළාපයේ නාවික ආධිපත්‍යය සහ ආර්ථික ආධිපත්‍යය අතින් අතිශය වැදගත් මර්මස්ථානයක්.....1977 - 1994 කාළ වකවානුව තුළ සෝවියට් හිතවාදී ( එහෙත් නමට නොබැඳි ) ප්‍රතිපත්තියක් අනුගමනය කරපු ඉන්දියාවට, ශ්‍රී ලංකාව සමග අවුලක් ඇතිවුනේ එදා ඉන්දියාවට ප්‍රතිවාදියෙකු ලෙස පෙනුනු ඇමරිකා එක්සත් ජනපදය ( විශේෂයෙන්ම රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ) සහ ශ්‍රී ලංකාව අතර ජේ.ආර් ජයවර්ධන රජය ඇති කරන්න ගිය ඉතා උණුසුම් බැඳීම ඉන්දියන් සාගර කළාපයේ ඉන්දීය ආධිපත්‍යයට අවුලක් ලෙස පෙනීම නිසා.....එදා ඇමරිකානු ආර්ථික ශක්තිය සහ නාවික බලය ශ්‍රී ලංකාව හරහා ඉන්දියන් සාගරයට ව්‍යාප්ත වෙයිද කියලා විශාල ප්‍රශ්ණයක් ඉන්දියාවට තිබුණා........

    මෙම ප්‍රස්තුතය සම්බන්ධයෙන් ඉන්දියාව අද අභියෝගයක් ලෙස දකින්නෙ මහජන චීන සමූහාණ්ඩුව සතු ආර්ථික ශක්තිය සහ නාවුක බලය ශ්‍රී ලංකාව හරහා ඉන්දියන් සාගර කළාපයේ ආධිපත්‍යයක් ගොඩ නැගීම......පසුගිය කාළයේ ශ්‍රී ලංකාවේ කොළඹ වරායට පැමිණි චීන න්‍යෂ්ඨික සබ්මැරීන වලට ඉන්දියාව සෘජුව විරෝධය පෑවා.....ඕනෑම බලවතෙක් කැමති නෑ තමන්ට මෙල්ල කරගන්න අසීරු වඩා විශාල බලයක් තමන්ගේ දොරකඩට ඇවිත් පැළපදියම් වෙලා එතනින් ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවට......

    එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ඇමරිකානු ආධිපත්‍යයක් ඇතිවේය බියෙන් කාළයක් ඉන්දියාව කටයුතු කලා වගේම, දැන් චීනය විසින් සෘජුව මැදිහත්ව ශ්‍රී ලංකාව චීන කොළණියක් බවට පත් කරාවි කියන බිය නිසා ඉන්දියාව විවිධ උපක්‍රම භාවිතා කරනවා......චීනය සහ ශ්‍රී ලංකාව අතර තිබෙන සබඳතාවයේ ආර්ථික සහ උපක්‍රමික ස්වරූපය එන්න එන්නම සංකීර්ණ වෙනකොට ( උදා: හම්බන්තොට වරාය, පෝට් සිටි, මිසයිල සබ්මැරීන ) ඉන්දියන් සාගර කළාපයේ නාවික සහ දේශපාලනික බලය තුලනය කරගන්න හෝ තහවුරු කරගන්න ඉන්දියාවටත් එකී බලපෑමේ ආකාස්මික සාධකයට යම් බලහත්කාරයක් යොදන්න සිදුවෙනවා....

    මේවා තමයි දේශපාලන නියාම ධර්ම.....මේවා ලෝකයේ ඕනෑම කළාපයක දකිනන් පුලුවන්.... නමුත් මේ සිද්ධියෙදිත්, නැගෙනහිර යුරෝපයේ නේටෝ බලපෑම හමුවේ රුසියාව හැසිරෙන විදියෙදිත් අපිට පොදුවේ දකින්න තියෙන දෙයක් තමයි මහ බලවත් රාජ්‍යයක්, තවත් බලවත් රාජ්‍යයක යම් කළාපයක ඇති ව්‍යාප්ත වාදී අරමුණු මුදුන් පත්වීම වැලැක්වීමට, එකී බලවත් රාජ්‍යය විසින් " සැටලයිට් ස්ටේට්" ( Satellite State ) එකක් ලෙස ඉලක්ක කරගෙන සමීප වෙමින් සිටින රටවල් -

    - එක්කෝ දේශපාලනිකව අස්ථාවර කර සිවිල් යුද ගැටුම් ඇති කිරීම ( උදා: ශ්‍රී ලංකාවේ බෙදුම් වාදී ව්‍යාපාර වල පූර්ව එල්ටීටීඊ අවදිය )
    - නැත්නම් එකී කුඩා රාජ්‍යවල තමන්ට හිතවාදී පිරිස් සිටින කොටස් කඩා ඉවත් කර, ඒවා වෙනම රාජ්‍ය බවට පත් කිරීම හෝ සෘජුව තමන් යටතට ගැනීම ( උදා: යුක්‍රේන සිවිල් යුද්දය, ක්‍රිමියාව කඩා ගැනීම, ජෝජියාවෙන් ඔසේෂියාව උදුරා ගැනීම )

    වැනි දේ කරනවා.... මේ තත්වය වඩා දරුණුවට පේන්නෙ අර කියන බල අරගලය දියත් වෙන්නෙ එක් මහ බලවත් පාර්ශවයක මුව දොරකඩ හෝ ගෙවත්තේ වන අවස්ථාවල.... ( රුසියාවට, යුක්‍රේනය සහ ජෝජියාව මෙන් ඉන්දියාවට ශ්‍රී ලංකාව සහ නේපාලය )

    මෙහිදී අර කුඩා රාජ්‍ය වලට විශාල දේශපාලනික අර්බුදයන්ට, දේශපාලනික ගැට නිසා ඇතිවන දීර්ඝ කාළීන සිවිල් යුද තත්වයන් සහිත දරුණු ලේ වැගිරීම් වලට නොයා ඉන්න නම්, අදාළ බල තුලනයේ අරගලයේ යෙදී ඉන්න මහබලවත් පාර්ශව දෙකම ඉතාම ප්‍රඥාවන්ත විදියට දෙපසටම යම් යම් දේ ප්‍රදානය කරමින් තුලනය කරගෙන, මිතුරුව තබාගන්න වෙනවා.....එහිදී බොහෝ විට ඒ කුඩා රටවල් කරන දේ තමයි

    - භුමිය හෝ සම්පත් පරිත්‍යාග කිරීම හෝ ඒවායේ කළමණාකරණය පරිත්‍යාග කිරීම
    - " Offshore bases " හෙවත් රාජ්‍යයෙන් පරිබාහිර හමුදා කඳවුරු පිහිටුවීමට අදාළ බලවතුන්ට සිය භූමිය යොදා ගන්න අවසර ලබා දීම
    - අදාළ බලවත් රාජ්‍යයන් දෙක හෝ කිහිපයම ආර්ථික වශයෙන් උපක්‍රමිකව තමන්ට බැඳගෙන, ඒ රට මත ඒ බලවතුන්ට විශාල ආර්ථික "ස්ටේක් එකක්" නිර්මාණය කිරීම... එවිට ඔවුන් ඒ කුඩා රට අස්ථාවර කරන්න පෙළඹෙන්නෙ නෑ....

    ඉහත සඳහන් සියල්ල බල අරගලයන් තුලනය කරන ක්‍රම... ( Balancing acts )

    - මේ හැර තව ක්‍රමයකුත් තියෙනවා..... ඒ ක්‍රමය තමයි තමා කුඩා රාජ්‍යයක් නම්, තම රාජ්‍යය වටකොට ඒ වගේ මහ බලවතුන්ගේ බල අරගලයක් ක්‍රියාත්මක නම්, එයින් එක් බලවතෙක් සමග පූර්ණව සතුරු වෙලා, අනෙක් බලවතාගේ සම්පූර්ණ Allied State එකක් බවට පත්වෙන එක.....ඒකට උදාහරණ තමයි : ඊශ්‍රායලය, තායිවානය කියන රටවල්.....එහිදී ඒ එක බලවතෙක් තම මිත්‍ර පාක්ෂිකයෙකු ලෙස පැමිණ සිටින අර කුඩා රාජ්‍යය ස්වකීය මුළු ශක්තියම යොදා රකිනු ලබන අතර, ආර්ථික වශයෙන්ද විශාල සත්කාර කරනවා......කොටිම්ම කිව්වොත් 1973 වසරේදී ඊශ්‍රායලය " යොම් කිප්පූර්" දින ආක්‍රමණයට මුහුණ දුන් අවස්ථාවෙදි, ඇමරිකාව වියට්නාමයේ සිටින සිය හමුදාවන්ට අවි යැවීමට තිබුණු ගුවන් යානා ආපසු හරවලා, වියට්නාමයට යවන්න තිබුණු අවි තොග ඊශ්‍රායලට ටොන් ගණනින් යවලා, ඊශ්‍රායලය ආරක්ෂා කර ගත්තා.......මහජන චීන සමූහාණ්ඩුවේ " එක් චීනයක්" ප්‍රතිපත්තියට එරෙහිව කුවෝමින්ටැං රජය ෆොමෝසා හෙවත් තායිවාන දූපතේ ස්ථාපිත කරලා, අද වනතුරු ඔවුන්ට රැකවරණය, ආයුද සහ ආර්ථික ශක්තිය දීලා රැක බලාගන්නෙ ඇමරිකාව.....නමුත් මේ ක්‍රමය ශ්‍රී ලංකාව අනුගමනය කලේ නෑ, මොකද ශ්‍රී ලංකාවේ ඊනියා නොබැඳි ප්‍රතිපත්තිය නිසා......එහෙම ආරක්ෂා කරන්නේ ඔවුන්ට තියෙන ආදරය නිසා නෙමෙයි, ඔවුන්ගේ ආර්ථික සහ දේශපාලනික උපාය මාර්ගික වටිනාකම නිසා.....ඒකත් එක ක්‍රමයක් තමයි.....

    දැන් ශ්‍රී ලංකාවට කරන්න සිදුවෙලා තියෙන්නෙ ඒක....එතනදි භූමිය පරිත්‍යාග කිරීම හෝ සම්පත් කළමණාකරණය හෝ ව්‍යාපාරකරණය සඳහා අවස්ථා කළමණාකරනය පරිත්‍යාග කිරීමෙන් චීනයේ මෙරට බලපෑමට එරෙහිව නැගෙන ඉන්දියන් විරෝධය සමනය කරලා, ඔවුන්ට චීනය නිරීක්ෂණය කරන්න සහ චීන ව්‍යාප්තියට එරෙහිව උපක්‍රමිකව වාසි සහගත ලෙස ස්ථානගත වීමට අවස්ථාව ලබා දීලා ඔවුන්වත් බැලන්ස් කරගෙන, ඔවුන්ගේ විරෝධයෙන් අපට සිදුවිය හැකි හානිය නැති කරගන්න චීනයට හම්බන්තොට, පෝට් සිටි එහෙම දෙන්නා සේ, ඉන්දියාවටත් ත්‍රිමලයේ තෙල් ටැංකි සඳහා සහයෝගීතා ගණුදෙණු ප්‍රදානය කරන්න සිදුවෙනවා....

    මේ සන්දර්භය තේරුම් ගත යුතුයි.....යථාර්තය වන්නේ අප චීනයට සමීප වනවිට, ඉන්දියාව ස්වකීය එළිපත්තේ චීනය වාසිදායක ලෙස ස්ථාන ගත වීමට එරෙහිව යම් බලයක් යෙදුවොත් එය කෙසේ හෝ සමනය කරනවා ඇරෙන්න එයට එරෙහිව චණ්ඩි කමින් පිළිතුරු දෙන්නට අපට හැකියාවක් නැති බවයි.......

    තෙල් ටැංකි කියන්නෙ එවැනි ඉන්දු - චීන තුලනයක උපාය මාර්ගික පියවරක්.....

    ස්ටැන්ලි කුබ්‍රික් කියන සුප්‍රකට ඇමරිකානු ජාතික සිනමා අධ්‍යක්ෂක වරයා මෙහෙම කථාවක් කියලා තියෙනවා......

    " මහ බලවත් රාජ්‍යයන් සෑම විටම චණ්ඩින්, මදාවින් ලෙස හැසිරී ඇත......කුඩා රාජ්‍යයන් සෑම විටම ගණිකාවන් වශයෙන් හැසිරී ඇත...."

    ( " The great nations have always acted like gangsters, and the small nations like prostitutes" - Stanley Kubrick - 1963 )

    මේක තමයි ජාත්‍යන්තර දේශපාලන යථාර්තය.....මේක ඊයෙත්, අදත්, හෙටත් ගෝලීය ජාත්‍යන්තර සබඳතා වල යථාර්තය......විශේෂයෙන්ම " මහ බලවතුන්" අතර මා ඉහත විග්‍රහ කරපු " බළ තුලනය" නම් ප්‍රපංචය අත් දකින එයට මැදිවී සිටින කුඩා රාජ්‍යයන්ට විවිධ දේශපාලනික අභියෝග ජය ගැනීම සඳහා සිය භූමිය, සම්පත් සහ කළමණාකරණය පැත්තෙන් යම් යම් " පරිත්‍යාග" කරමින් ඒ මහ බලවතුන් සමග යහනට ගොඩවෙන්න සිදුවෙනවා......

    ජාතිකවාදයෙන් හෝ වාමවාදයෙන් පට්ට මොරාල් සහිතව ඉන්න ඇත්තන්ට මේවා කොන්ද පණ නැති කථා ලෙස පේන්න පුලුවන්......නමුත් මේ තමයි කඨෝර යථාර්තය.......මේවා කිසි සේත්ම ජනප්‍රිය කථා නෙමෙයි......නමුත් "ඇත්ත" තිත්තයි වගේම හැම විටම අපකීර්තිමත්.......කරන්න දෙයක් නෑ.....ඇත්ත කථා කළ යුතුයි....ඉන්දියාවේ අපේක්ෂාවන්ට සෘජුව හරස් වෙන්න ගිය සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව ඒ වෙනුවෙන් සෑහෙන වන්දියක් ගෙවා තිබෙනවා......

    තෙල් ටැංකි කථාව හෝ චීනය සමග ඇති ශ්‍රී ලංකාවේ ගණුදෙණු බැලන්ස් කරන්න ඉන්දියානුවන්ට යමක් පිරි නැමීම ආර්ථිකයෙන් ඔබ්බට හිස පොවා බැලිය යුතු දෙයක්.....

    Damith Kethaka -fb

    මොකද හිතන්නේ මේ ගැන?
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    bayyo danne nathuwa athi me nawa(+1 more ship) order kare 2012 kiyala, ethakotath me anduwada hitiye?
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    අනේ යකෝ මේකේ ඉන්න මැටි හරක්

    ඕක මහින්දගේ කාලේ ඕඩර් කරපු එකක් ඒක නිසා බයියෝ උඩ පනින්න එපා. ඒ වගේම මහින්දගේ කාලේ ගත්ත හරි තීරණයක් (මම මහින්දයට කැමති නැති උනාට ඇත්ත කියන්න එපයි) ඒ නිසා ටෝයියෝ උඩ පනින්නත් එපා.

    යකුනේ මේක ලංකාව......අපේ නේවි එකට උපරිම පුළුවන් අපේ coast එක ආරක්ෂා කරන්න විතරයි (ලංකාවට දැනට ඊට වඩා උවමනාවකුත් නැහැනේ) ඒකයි ඔය coast guard vessal එකක් අරන් තියෙන්නේ.

    carriers ගන්න කතා කරන උං ගැන නම් අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.......උඹල දන්නවද aircraft carrier එකක් කියන්නේ මොන සයිස් නැවක්ද කියල? පකෝ රුසියාවටත් ඕව තියෙන්නේ එකයි! ලංකාවට ගන්න කතාකරන්නේ මෝල්ද? චීනෙයි ඉන්දියාවයි ඔය අමාරුවෙන් අටවගන්නෙත් සෝවියට් යුගයේ පරණ carrier එකක් අරන් ඒක මොඩිෆයි කරලා.

    Nimitz class carrier එකක ලංකාවේ මුළු airforce එකටම තියන fighter ගණන වගේ කීප ගුණයක් aircraft අරන් යනවා කියල තොපි දන්නවද? එකක 5500+ නාවිකයෝ ගානක් ඉන්නවා කියල දන්නවද? ලෝකේ කිසිම රටකට ඒ සයිස් carrier නෑ කියල දන්නවද? කොටින්ම මානව ඉතිහාසයේ හදල තියන දැවැන්තම යුධ නැව් ජාතිය Nimitz/GRF carriers කියල දන්නවද?

    දැන් ඕකක් ගන්න කියලද උඹල කියන්නේ?​
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මට මතකයි පහුගිය කාලේ ලංකාවේ හදපු නැව් වගයක් ඉන්දියාවට විකුණුවා,ඔය jetliner වගේ ඒවා.

    ලංකාව light weight combat boats වගයක් නයිජීරියාවට විකුන්නෙ :cool:....