Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුපිරි_නිරූපිකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුපිරි_නිරූපිකාව

ලොව බිහිවූ සුපිරි නිරූපිකාව_ කාන්තාරයේ කුසුම

මෙම ලිපිය මේ මොහොතේ හිටි හැටියේ මගේ මුහුණු පොතේ ලියැලීමට හේතුව ද කිවැ යුතුමය. එනම්, “Desert Flower” නමින් රචිත, වාරිස් ඩයිරි ගේ ජීවිත කතාව සිංහල බසට පරිවර්තනය වෙමින්, වසර ගණනාවකට ඉහතදී ලියැවුණු රංජිත් කුරුප්පු මහතාගේ “කාන්තාරයේ කුසුම” නම්වූ ග්‍රන්ථය, හිත බිඳ වැටෙන මොහොතක අනිකුත් වැඩ මධ්‍යයේ වුවද, පැය කිහිපයක් ඇතුලත පිටු 318කින් සමන්විත වූ එම පරිවර්තන කෘතිය කියවා හමාර කොට අපිට ඇත්තේ ප්‍රශ්න දැයි සිතා සිත සනසන අතරතුර , එහි අන්තර්ගතය තුලින් මා සිත තුල ක්ෂණිකව උපන් සංවේග, සංතාප, සංවේදනා අභියස මෙම ලිපිය ලිවීමට සිත්වූයෙමි.

වාරිස් ඩයිරි නම් වූ අපූරු චරිතය පිළිබඳවත්, ඇය මුහුණ දුන් අති භයංකර අත්දැකීම් තුලින් ලොව හමුවට ගෙන ආ අරුත්බර පණිවුඩය පිළිබඳවත්, රංජිත් කුරුප්පු නම් වූ ශ්‍රී ලාංකේය ලේඛකයාගේ අපූරු පරිවර්තන කෘතිය මා රස විඳි අයුරුත්, ඒ සියල්ල හමුවේ මා තුල ජනිත වූ සිතුවිලිත්ය

කාන්තා ‘චර්මඡේදනය’ හෙවත් ‘එෆ්. ජී. එම්.’ – ෆීමේල් ජෙනිටල් මියුටිලේෂන් (F.G.M. – Female Genital Mutilation) මෙන්ම ‘ෆීමේල් සර්කම්සිෂන්’ (Female Circumcision) ලෙසින් හඳුන්වනු ලබන, වෛද්‍ය විද්‍යාත්මක ව හෝ සෞඛ්‍ය හේතූන් මත අත්‍යවශ්‍ය කර්තව්‍යයක් ලෙසින් කිසිසේත්ම ඔප්පු නොකලාවූ, කිසිඳු සත්‍යවාදී හෝ සුභවාදී පදනමක් රහිත වූ, හුදෙක් සංස්කෘතික මෙන්ම සමාජයීය වශයෙන් පමණක් දිගහැරෙමින්, පටු අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමේ අදිටනින් මෙම ක්‍රියා පටිපාටිය අදටත් බොහෝ අප්‍රිකානු මෙන්ම මැදපෙරදිග සහ නැගෙනහිර ආසියාතික රටවල කතුන්ට හිමිව පවතින කුරිරු ඉරණමක් වීම, මෙතරම් දියුණු යැයි පුරසාරම් දොඩන ලොවක සිදුවන තවත් ම්ලේච්ඡ, තුච්ඡ ක්‍රියාවක් මැ වන්නේය.

මෙහිදී, ඉතා දරුණු ආකාරයෙන් ස්ත්‍රී ජනනේන්ද්‍ර අවයවයන් සහමුලින්ම හෝ කොටස් ලෙස සුන්නත් කරනු ලබන අතර, ඊට බොහෝ විට භාවිතා කරණුයේ මළ බැඳුනු උපකරණයන් බව වාර්තා වී ඇති ප්‍රකට කරුණකි. ඒ හේතුවෙන්ම, චර්මඡේදනය මගින් ලොව පුරා මිය යන කුඩා ගැහැණු ළමුන් සංඛ්‍යාත්මකව ගහනය. ඊට අමතරව කතුරු, පිහි, රේසර් තල, කැඩුණු වීදුරු කැබලි ආදියද චර්මඡේදනය සඳහා උපයෝගී කරගනු ලබන උපකරණ වේ.

එම ක්‍රියාව තුලින් ස්ත්‍රී ජනනේන්ද්රයන් තුවාල කරණු ලබන්නේ කාන්තා ලිංගික හැඟීම් අවහිර කිරීමේ පටු කුරිරු අරමුණිනි. ගැහැණු දරුවන් ගේ වැඩිවිය එළැඹීමට මත්තෙන්, වයස හතරත් අටත් අතර දී මෙය බොහෝ විට සිදු කරනු ලබයි. වර්තමානයේ මෙය දින කිහිපයක්, සති කිහිපයක් හෝ මාස කිහිපයක් පමණක් වයසැති බිළිඳුන්ගේ පවා සිදුකරනු ලබන බවට වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුකුලව, චර්මඡේදනයට පාත්‍ර වන ගැහැණු දරුවන් ලොව පුරා සංඛ්‍යාත්මකව මිලියන 150ක් පමණ සිටිති. මෙම කුරිරු තුච්ඡ ඉරණමට වාරිස් ඩයිරි ද මුහුණ දුන්නේ ඇයට යාන්තම් වයස අවුරුදු පහක් සපිරුණු සමයේදීය.

“Desert Flower” හෙවත් “කාන්තාරයේ කුසුම” නමින් දිග හැරෙන ඇගේ සත්‍ය කතාව ලොවට කියාපාන්නාවූ ග්‍රන්ථය තුලින්, ඇඟ කිළිපොලා යන, දුක්මුසු, කර්කෂ, අනුවේදනීය අත්දැකීම් සමුදායක් හරහා වාරිස් ඩයිරි මා රැගෙන ගිය බව කිසිසේත්ම අතිශයෝක්තියක් නම් නොවේ.

“කාන්තාවක් වීම පිළිබඳව මා කුමක් දැන සිටියේද? අප්‍රිකානු කතක් වීම පිළිබඳව නම් මා බොහෝ දෑ දැන සිටියා. වේදනාව, දුක තුරුළු කරගෙන නිශ්ෂබ්දව කුඩා දරුවකු මෙන් ඒ සියල්ල විඳ දරාගෙන ජීවත් වීමට මා දැන සිටියා,” යනුවෙන් වාරිස් ඩයිරි පවසන්නේ, අප්රිකානුවකූ වී ඉපදීම පිළිබඳව දෛනිකව දෙවියන්ට පිං දෙමිනි. ඒ මන්ද යත්, ජීවිතයේ එක් වකවානුවකදී කුමන දුක් ගැහැට වින්ද ද, කෙතරම් බඩගින්නේ සිටියද, නිරායාසයෙන් තමා තුල පවතින උණුසුම් ස්භාවය, පවුල් සංස්ථාවේ බැඳීම්, සමාජයේ පුරුකක් ලෙස දැනෙන බැඳීම්, ස්වාභාවධර්මයේ කොටස්කරුවෙක් සේ දැනෙන හැඟීම, අනන්තවූ සත්ව කරුණාව, සුළු පටු දෑ තුළින් අප්‍රමාන වූ අහිංසක සතුටක් ලැබීම යනාදී සියල්ල තමා හට උරුම කොට දුන්නේ තමා තුළ පවත්නා අප්‍රිකානු භාවය නිසා වෙන් යැයි ඈ විශ්වාස කරන හෙයිනි. ඇය කිසිවිටෙකත් එම කුරිරු අතීතයට ශාප නොකරන්නීය. ඇය ජයගත් ජීවිතයට ඒ සියලු සංත්රාසජනක අත්දැකීම් පිටිවහලක් මැ කර ගන්නීය. එය ඇගේ විශේෂත්වයක් ලෙස මා දකිමි.

ජීවිතයත් මරණයත් අතර අද්විතීය සටනක යෙදෙමින්, වයස අවුරුදු දහ තුනේදී, වයස අවුරුදු හැටක මිනිසකු හට තම පියා විසින් ඇයව සරණ පාවා දීමට නියමිත වූ මොහොතක, පීඩාකාරී ජීවිතයෙන් මිදෙනු වස්, වාරිස් ඩයිරි, අප්‍රිකානු කාන්තාරයේ වූ සිය තාවකාලික වාසස්ථානයෙන් පලා යන්නේ, දිළිඳු කමත්, ඇඟ දැවටුණු සාළු කඩමාල්ලත්, නූගත්කමත්, ඇගේ මවගේ ආශිර්වාදයත් පමණක් රැගෙනය. ආහාර, පාවහන්, මුදල්, සාක්ෂරතාවය, ඒ කිසිවක් නොමැතිවය. එහෙත්, ජීවත් වීමේ අද්විතීය අපේක්ෂාවෙන් මැ ය. ඇගේ ජීවිතයේ අරමුණක් ඇති බව දිව්‍යමය බලවේගයක් තුළින් කුඩා වාරිස් හට හැඟී යාම හේතුවෙන්, මෙතරම් භයානක සාධකයන් හමුවේ වුවද, සිය පියාණන් නිදා සිටි මොහොතක කූඩාරමෙන් පලා යාම උදෙසා ඇයට විශ්මිත ශක්තියක් ලබා දෙන්නේ ඇයට පමණක් පැහැදිලි කළ හැකි හැඟීම් සමුදායක් ඔස්සේ මැ ය.

තම එඬේර දිවිය පුරාවට වොරිස් විසින් වර්ධනය කොටගත් මෙම අද්විතීය විශ්මිත බලවේගය, ජීවත් වීමට පමණක් නොව, ජීවිතය විඳීමේ දැඩි අපේක්ෂාව ඔස්සේම දියුණු කොට ගනිමින්, කාන්තාරය හරහා යන ගමනේදී මරණය පෙනී පෙනී, හැඩි දැඩි සිංහයෙකූ ගේ හුස්ම තම වත දැවටුණු බිහිසුණු නිමේෂයක් පවා නිසොල්මන් ව ගෙවමින්, සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු නගරයේ නෑදෑයෙකු කරා පියනගන ඇය, ඉන් නොනැවතී ලන්ඩන් නුවර සෝමාලියානු තානාපති කාර්යාලයේ මෙහෙකාරියක වශයෙන් කටයුතු කිරීම ආරම්භ කරන්නීය.

මේ වන විට කාන්තාරයේ කර්කෂ දිවියෙන් මිදී, සුරූපී ලලනාවක් බවට හැරෙමින් සිටි වාරිස් ව, ලන්ඩන් නුවර වීදියක දී ඇය නෙත ගැටුණු මෝස්තර නිරූපණ ජායාරුප ශිල්පියකු හරහා ‘රෙව්ලෝන්’ නම් ලෝකප්‍රකට සම්-ආලේපන ද්‍රව්‍ය ප්‍රචාරන කටයුතු සඳහා නිරුපිකාවක් ලෙසින් යොදාගනු ලැබේ. මෙය ද ඇගේ දෛවයේ අවසානය නොවන අතර, ඇගේ දිවිය වෙනස් මගකට යොමු කළාවූ එම පරිච්ජේදය ද පසුකොට තවත් ඔබ්බට ඈ පිය නගන්නිය. එනම්, ලෝක ප්‍රකට නිරූපිකාවක් වශයෙන් නිව්යෝක් නගරය වෙත ඇදෙමින් ඇය අහඹු සිදුවීම් සමුදායත් වටා දෝලනය වීමයි.

මෙම ලිපියේ මුලින් ‘චර්මඡේදනය’ හෙවත් ‘එෆ්. ජී. එම් – F.G.M.’ පිළිබඳව මා කෙටි හැඳින්වීමක් කළෙමි. වාරිස් නිරූපණ ක්ෂේත්රයට යොමු වූ පසු ඇගේ සියැසින්ම වටහාගත්, ස්ත්‍රීත්වය පිළිබඳව ඇය විශ්මයට පත් කළ තවත් දැයක් වේ. එනම්, ඇය සමග නිරූපණ කටයුතු කළ සෙසු සුදු ජාතික කාන්තාවන් ගෙන් තමා බෙහෙවින්ම වෙනස් බවය. ඒ බව ඇය මෙසේ පැහැදිලි කරන්නීය; “මුත්‍රා පිට කිරීමේදී, සෙසු සුදු ජාතික කාන්තාවන් නදියක් ගලන්නාක් මෙන් වේගයෙන් හරි හරියට මුත්‍රා පිටකළ අතර, මා හට එක් මුත්‍ර බිංදුව බැගින් මුත්‍රා බැහැර කිරීම උදෙසා විනාඩි දහයක් වැනි කාලයක් ගතවේ. එමෙන්ම, මාසික ආර්තවයේදී දරා ගත නොහැකි වූ වේදනාවක් හරහා මා යන්නෙමි. ඇතැම් මාස වලදී දින දහයක් පමණ කලක් පවතින මෙම ක්‍රියාදාමය අතරතුර මා සිහිමුර්ජා වී වැටේ. මේ කිසිවක් මාගේ මව හට අමුතු අත්දැකීම් නොවුණේ ද, ඒ කිසිවක් අසාමාන්‍යය ලෙස ඈ නොදුටුවේද, ජීවිත කාලය පුරාවටම ඇය වටා සිටි සියලු කාන්තාවන් චර්මඡේදනය නම් වූ කරුමක්කාර බිහිසුණු ක්රියාදාමයේ උරුමකරුවන් වූ හෙයින්, ඒ සියල්ලෝම මා හට හිමිව තිබූ අසාමාන්‍යය වූත්, දැඩි අවධානම් සහිත වූත් අතුරු අබාධ වලට ද මුහුණ දුන් නිසාවෙනි. කාන්තාවක් වී උපත ලැබීමේ අවාසනාවන්ත දෛවයේ එක් අංගයක් පමණක් ලෙස මේ සියල්ල සැලකුණු නිසාවෙනි.”

වාරිස්, සිය චර්මඡේදනය ද ඇතුළුව ඇය කාන්තාරයේ ගෙවූ දිවිය පුරාවටම මුහුණ දුන් බිහිසුණුම අත්දැකීම් විවෘතව සමාජගත කිරීමට ආත්ම ශක්තියක් උපදවා ගත්තේ, චර්මඡේදනය හේතුකොටගෙන ඇගේ ජීවිතයට අත්වූ අභාග්‍ය සම්පන්න ඉරණම වෙනස් කිරීමට දැන් ප්‍රමාද වැඩි වුවද, ඇගේ රට ඇතුළු ලොව පුරා අදටත් චර්මඡේදනය හරහා යමින් ජීවත් වන, මෙන්ම ඒ හේතුවෙන්ම මිය යන සිය ගණන් නොව, දහස් ගණන් නොව, එහෙත් සංඛ්‍යාත්මකව මිලියන ගණන් වූ අසරණ ගැහැණු දරුවන්ගේ ඉරණම වෙනස් කිරීමේ අවංක අභිලාෂයෙනි.

අසරණ අහිංසක ගැහැණු දරුවන් මුහුණපන්නාවූ මෙම කුරිරු ක්‍රියාදාමය තුළින් ශාරීරිකව පමණක් නොව, මානසික වශයෙන්ද ගැහැණුන් විශාල බිඳවැටීමකට පාත්‍ර වන බව වොරිස් ගේ විශ්වාසයයි. එය කිසිදා ජීවිතයෙන් මකා දැමිය නොහැකි බිහිසුණු චිත්ත ඝාතනයකි.

වේදනාව, දරාගැන්ම, ඉවසීම, ත්‍රාසය, භීතිය, අමානුෂිකත්වය, තිරිසන්භාවය, මානුෂිකත්වය, මිනිසත්භාවය, සංවේගය, සන්තාපය, ධෛර්යය, බලාපොරොත්තුව, අධිෂ්ඨානය, වීර්යය යනාදී විවිධ වූ හැඟීම් මුලිනුපුටා ගැන්මෙන් උද්ගත වන අවස්ථාවන් ගෙන් සපිරි, විශ්මිත සත්‍ය කතාවක් සමාජගත කරන්නාවූ මෙම ග්‍රන්ථය (සිංහල අනුවාදයේ) අවසානයේදී (311 වැනි පිටුවේ සිට) වාරිස් ඩයිරි දාර්ශනික අදහස් පෙළක්ද මෙසේ සනිටුහන් කරන්නීය; “මගේ මිත්රයින් බොහෝ දෙනකු පවසන්නේ, මා අප්‍රිකාව බලා පිටත්ව ගියහොත්, ආගමික අන්ධ භක්තිකයන් විසින් මා මරා දැමීමට බොහෝ සෙයින් කඩ ඉඩ ඇති බවයි. නමුත් මා මගේ හඬ අවදි කරණුයේ, හුදෙක් මූලධර්මවාදීන් ශුද්ධවූ ක්‍රියාවක් ලෙසින් හඳුන්වා දී, කාලාන්තරයක් මුළුල්ලේ ක්‍රියාත්මක කරන්නාවූ එම බිහිසුණු ම්ලේච්ඡ ක්‍රියාවට විරුද්ධව ම නිසා, එය නිසැකයෙන්ම ආන්ත්‍රාදායක කටයුත්තක් වනු නොඅනුමානය. ඒ නිසාම ඒ සම්බන්ධයෙන් මා තුළ බියක් හටගෙන තිබෙන බව මා පිළිගනිමි. ඊට හේතුව දැන් මා හට බලා හදා ගන්නට පිරිමි දරුවකු සිටිනා බැවිනි. නමුත්, මාගේ දෛවය මා හට ඕනෑම කරුණක් ඉදිරියේ ශක්තිමත් වන මෙන් ඉල්ලා සිටිත්. ඒ මන්ද යත්, දේවයන් වහන්සේ විසින්, නිශ්චිත කරුණක් පෙරදැරි කොටගෙන මා මෙම මාවත කෙරෙහි කැඳවාගෙන විත් සිටින නිසාවෙනි. දැන් මෙය මගේ ‘මීසම’ වී හමාරය. එම දූත මෙහෙවරේ දුතිකාව අන් කවරකුවත් නොව, මා මය. මා ඉදිරියේ ඇති අරමුණ ජය ගැනීම උදෙසා සර්වබලධාරී දෙවියන්වහන්සේ කටයුතු සූදානම් කොට හමාරය. මා ඉපදීමට බොහෝ කලකට පෙර, මා මිය යන දිනය දෙවියන්වහන්සේ විසින් තීරණය කොට හමාර බව මා දනිමි. එමනිසා, එම දිනය වෙනස් කිරීමට මා හට බලයක් නොමැත. සැබවින්ම, මා මගේ ජීවිතයේ සෑම සියලු අවස්ථාවකදීම, අන්ත්‍රාව නොතකා තීරණ ගත අයෙකු වශයෙන්, මෙවරත් එවැනිම තීරණයක් ගෙන බලමි.”

තමා අයත් වූ ඛේදනීය පවුල් පසුබිමත්, නූගත් කුරිරු සමාජයකුත් විසින් ඉපදුනු දා පටන් ඇගේ ජීවිතයට අපරිමිත රිදුම් දුන්නද, ප්‍රහාර එල්ල කළද, සුව නොවන මානසික තුවාල මෙන්ම කායික අබාධද තබා ගියද, ඒ සියල්ල කහටක් ලෙසින් සිත් හි කොනක හෝ නොතබා ගනිමින්, තමන් අධිෂ්ඨාන වීර්යයෙන් ජයගත් දිවිය ඔස්සේ පෙරලා යළි සමාජයට ද යමක් දීමේ අදිටන මුදුන් පමුණුවා ගන්නා වාරිස් ඩයිරි තුල උපතින්ම තිබූ නිහතමානීත්වය සහ අව්‍යාජත්වය, ඇගේ පසු කාලීන ක්‍රියාකලාපයන් තුලින් මනාව පැහැදිලි වේ.

මේ අයුරින් 1999 වසරේදී ලොව පුරා වැඩියෙන්ම අලෙවි වූ ‘Desert Flower’ ග්‍රන්ථය “කාන්තාරයේ කුසුම” නමින් සංහල බසට අපූරු ලෙසින් පරිවර්තනය කොට මීට වසර ගණනාවකට ඉහතදී දායාද කළ රංජිත් කුරුප්පු ලේඛකයාගේ අනුවාදය ද, වොරිස් ඩයිරි ගේ සත්‍ය කතාව ඇසුරින් මීට වසර කිහිපයකට පමණ ප්‍රථම තිරගත වූ චිත්‍රපටය ද, ලොව වෙසෙනා සෑම සියළු තරාතිරමකම අය විසින් මෙන්ම මෙතෙක් සිදු කර නැතිනම්, අනිවාර්යයෙන් කියැවිය යුතු සහ නැරඹිය යුතු ග්රන්ථ-චිත්‍රපට ද්විත්වයක් මැ වෙති.

උපුටා ගැනීම ෆේස්බුක් හි පළවූ ලිපියකිනි.

[QUOTE="50KG, post: 22019906, member: 558780"] [b]සුපිරි_නිරූපිකාව[/b] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-0/p370x247/20245635_1418391301610063_8631538825990652355_n.jpg?oh=bd2d2c30634d3f0bc2a26d68392b02b1&oe=5A077071[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/20246214_1418391458276714_2784986571878566947_n.jpg?oh=731741ea4c15949d285dd2fa2c9d12d8&oe=59FCC411[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/20229068_1418391621610031_2862812789850616981_n.jpg?oh=383d1c4abe773450c3138e674e36166a&oe=5A06CCD4[/IMG] [SIZE=5]ලොව බිහිවූ සුපිරි නිරූපිකාව_ කාන්තාරයේ කුසුම[/SIZE] [SIZE=4]මෙම ලිපිය මේ මොහොතේ හිටි හැටියේ මගේ මුහුණු පොතේ ලියැලීමට හේතුව ද කිවැ යුතුමය. එනම්, “Desert Flower” නමින් රචිත, වාරිස් ඩයිරි ගේ ජීවිත කතාව සිංහල බසට පරිවර්තනය වෙමින්, වසර ගණනාවකට ඉහතදී ලියැවුණු රංජිත් කුරුප්පු මහතාගේ “කාන්තාරයේ කුසුම” නම්වූ ග්‍රන්ථය, හිත බිඳ වැටෙන මොහොතක අනිකුත් වැඩ මධ්‍යයේ වුවද, පැය කිහිපයක් ඇතුලත පිටු 318කින් සමන්විත වූ එම පරිවර්තන කෘතිය කියවා හමාර කොට අපිට ඇත්තේ ප්‍රශ්න දැයි සිතා සිත සනසන අතරතුර , එහි අන්තර්ගතය තුලින් මා සිත තුල ක්ෂණිකව උපන් සංවේග, සංතාප, සංවේදනා අභියස මෙම ලිපිය ලිවීමට සිත්වූයෙමි. [/SIZE] [SIZE=4] වාරිස් ඩයිරි නම් වූ අපූරු චරිතය පිළිබඳවත්, ඇය මුහුණ දුන් අති භයංකර අත්දැකීම් තුලින් ලොව හමුවට ගෙන ආ අරුත්බර පණිවුඩය පිළිබඳවත්, රංජිත් කුරුප්පු නම් වූ ශ්‍රී ලාංකේය ලේඛකයාගේ අපූරු පරිවර්තන කෘතිය මා රස විඳි අයුරුත්, ඒ සියල්ල හමුවේ මා තුල ජනිත වූ සිතුවිලිත්ය[/SIZE] [SIZE=4] කාන්තා ‘චර්මඡේදනය’ හෙවත් ‘එෆ්. ජී. එම්.’ – ෆීමේල් ජෙනිටල් මියුටිලේෂන් (F.G.M. – Female Genital Mutilation) මෙන්ම ‘ෆීමේල් සර්කම්සිෂන්’ (Female Circumcision) ලෙසින් හඳුන්වනු ලබන, වෛද්‍ය විද්‍යාත්මක ව හෝ සෞඛ්‍ය හේතූන් මත අත්‍යවශ්‍ය කර්තව්‍යයක් ලෙසින් කිසිසේත්ම ඔප්පු නොකලාවූ, කිසිඳු සත්‍යවාදී හෝ සුභවාදී පදනමක් රහිත වූ, හුදෙක් සංස්කෘතික මෙන්ම සමාජයීය වශයෙන් පමණක් දිගහැරෙමින්, පටු අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමේ අදිටනින් මෙම ක්‍රියා පටිපාටිය අදටත් බොහෝ අප්‍රිකානු මෙන්ම මැදපෙරදිග සහ නැගෙනහිර ආසියාතික රටවල කතුන්ට හිමිව පවතින කුරිරු ඉරණමක් වීම, මෙතරම් දියුණු යැයි පුරසාරම් දොඩන ලොවක සිදුවන තවත් ම්ලේච්ඡ, තුච්ඡ ක්‍රියාවක් මැ වන්නේය. මෙහිදී, ඉතා දරුණු ආකාරයෙන් ස්ත්‍රී ජනනේන්ද්‍ර අවයවයන් සහමුලින්ම හෝ කොටස් ලෙස සුන්නත් කරනු ලබන අතර, ඊට බොහෝ විට භාවිතා කරණුයේ මළ බැඳුනු උපකරණයන් බව වාර්තා වී ඇති ප්‍රකට කරුණකි. ඒ හේතුවෙන්ම, චර්මඡේදනය මගින් ලොව පුරා මිය යන කුඩා ගැහැණු ළමුන් සංඛ්‍යාත්මකව ගහනය. ඊට අමතරව කතුරු, පිහි, රේසර් තල, කැඩුණු වීදුරු කැබලි ආදියද චර්මඡේදනය සඳහා උපයෝගී කරගනු ලබන උපකරණ වේ. එම ක්‍රියාව තුලින් ස්ත්‍රී ජනනේන්ද්රයන් තුවාල කරණු ලබන්නේ කාන්තා ලිංගික හැඟීම් අවහිර කිරීමේ පටු කුරිරු අරමුණිනි. ගැහැණු දරුවන් ගේ වැඩිවිය එළැඹීමට මත්තෙන්, වයස හතරත් අටත් අතර දී මෙය බොහෝ විට සිදු කරනු ලබයි. වර්තමානයේ මෙය දින කිහිපයක්, සති කිහිපයක් හෝ මාස කිහිපයක් පමණක් වයසැති බිළිඳුන්ගේ පවා සිදුකරනු ලබන බවට වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුකුලව, චර්මඡේදනයට පාත්‍ර වන ගැහැණු දරුවන් ලොව පුරා සංඛ්‍යාත්මකව මිලියන 150ක් පමණ සිටිති. මෙම කුරිරු තුච්ඡ ඉරණමට වාරිස් ඩයිරි ද මුහුණ දුන්නේ ඇයට යාන්තම් වයස අවුරුදු පහක් සපිරුණු සමයේදීය. “Desert Flower” හෙවත් “කාන්තාරයේ කුසුම” නමින් දිග හැරෙන ඇගේ සත්‍ය කතාව ලොවට කියාපාන්නාවූ ග්‍රන්ථය තුලින්, ඇඟ කිළිපොලා යන, දුක්මුසු, කර්කෂ, අනුවේදනීය අත්දැකීම් සමුදායක් හරහා වාරිස් ඩයිරි මා රැගෙන ගිය බව කිසිසේත්ම අතිශයෝක්තියක් නම් නොවේ. “කාන්තාවක් වීම පිළිබඳව මා කුමක් දැන සිටියේද? අප්‍රිකානු කතක් වීම පිළිබඳව නම් මා බොහෝ දෑ දැන සිටියා. වේදනාව, දුක තුරුළු කරගෙන නිශ්ෂබ්දව කුඩා දරුවකු මෙන් ඒ සියල්ල විඳ දරාගෙන ජීවත් වීමට මා දැන සිටියා,” යනුවෙන් වාරිස් ඩයිරි පවසන්නේ, අප්රිකානුවකූ වී ඉපදීම පිළිබඳව දෛනිකව දෙවියන්ට පිං දෙමිනි. ඒ මන්ද යත්, ජීවිතයේ එක් වකවානුවකදී කුමන දුක් ගැහැට වින්ද ද, කෙතරම් බඩගින්නේ සිටියද, නිරායාසයෙන් තමා තුල පවතින උණුසුම් ස්භාවය, පවුල් සංස්ථාවේ බැඳීම්, සමාජයේ පුරුකක් ලෙස දැනෙන බැඳීම්, ස්වාභාවධර්මයේ කොටස්කරුවෙක් සේ දැනෙන හැඟීම, අනන්තවූ සත්ව කරුණාව, සුළු පටු දෑ තුළින් අප්‍රමාන වූ අහිංසක සතුටක් ලැබීම යනාදී සියල්ල තමා හට උරුම කොට දුන්නේ තමා තුළ පවත්නා අප්‍රිකානු භාවය නිසා වෙන් යැයි ඈ විශ්වාස කරන හෙයිනි. ඇය කිසිවිටෙකත් එම කුරිරු අතීතයට ශාප නොකරන්නීය. ඇය ජයගත් ජීවිතයට ඒ සියලු සංත්රාසජනක අත්දැකීම් පිටිවහලක් මැ කර ගන්නීය. එය ඇගේ විශේෂත්වයක් ලෙස මා දකිමි. ජීවිතයත් මරණයත් අතර අද්විතීය සටනක යෙදෙමින්, වයස අවුරුදු දහ තුනේදී, වයස අවුරුදු හැටක මිනිසකු හට තම පියා විසින් ඇයව සරණ පාවා දීමට නියමිත වූ මොහොතක, පීඩාකාරී ජීවිතයෙන් මිදෙනු වස්, වාරිස් ඩයිරි, අප්‍රිකානු කාන්තාරයේ වූ සිය තාවකාලික වාසස්ථානයෙන් පලා යන්නේ, දිළිඳු කමත්, ඇඟ දැවටුණු සාළු කඩමාල්ලත්, නූගත්කමත්, ඇගේ මවගේ ආශිර්වාදයත් පමණක් රැගෙනය. ආහාර, පාවහන්, මුදල්, සාක්ෂරතාවය, ඒ කිසිවක් නොමැතිවය. එහෙත්, ජීවත් වීමේ අද්විතීය අපේක්ෂාවෙන් මැ ය. ඇගේ ජීවිතයේ අරමුණක් ඇති බව දිව්‍යමය බලවේගයක් තුළින් කුඩා වාරිස් හට හැඟී යාම හේතුවෙන්, මෙතරම් භයානක සාධකයන් හමුවේ වුවද, සිය පියාණන් නිදා සිටි මොහොතක කූඩාරමෙන් පලා යාම උදෙසා ඇයට විශ්මිත ශක්තියක් ලබා දෙන්නේ ඇයට පමණක් පැහැදිලි කළ හැකි හැඟීම් සමුදායක් ඔස්සේ මැ ය.[/SIZE] [SIZE=4] තම එඬේර දිවිය පුරාවට වොරිස් විසින් වර්ධනය කොටගත් මෙම අද්විතීය විශ්මිත බලවේගය, ජීවත් වීමට පමණක් නොව, ජීවිතය විඳීමේ දැඩි අපේක්ෂාව ඔස්සේම දියුණු කොට ගනිමින්, කාන්තාරය හරහා යන ගමනේදී මරණය පෙනී පෙනී, හැඩි දැඩි සිංහයෙකූ ගේ හුස්ම තම වත දැවටුණු බිහිසුණු නිමේෂයක් පවා නිසොල්මන් ව ගෙවමින්, සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු නගරයේ නෑදෑයෙකු කරා පියනගන ඇය, ඉන් නොනැවතී ලන්ඩන් නුවර සෝමාලියානු තානාපති කාර්යාලයේ මෙහෙකාරියක වශයෙන් කටයුතු කිරීම ආරම්භ කරන්නීය. මේ වන විට කාන්තාරයේ කර්කෂ දිවියෙන් මිදී, සුරූපී ලලනාවක් බවට හැරෙමින් සිටි වාරිස් ව, ලන්ඩන් නුවර වීදියක දී ඇය නෙත ගැටුණු මෝස්තර නිරූපණ ජායාරුප ශිල්පියකු හරහා ‘රෙව්ලෝන්’ නම් ලෝකප්‍රකට සම්-ආලේපන ද්‍රව්‍ය ප්‍රචාරන කටයුතු සඳහා නිරුපිකාවක් ලෙසින් යොදාගනු ලැබේ. මෙය ද ඇගේ දෛවයේ අවසානය නොවන අතර, ඇගේ දිවිය වෙනස් මගකට යොමු කළාවූ එම පරිච්ජේදය ද පසුකොට තවත් ඔබ්බට ඈ පිය නගන්නිය. එනම්, ලෝක ප්‍රකට නිරූපිකාවක් වශයෙන් නිව්යෝක් නගරය වෙත ඇදෙමින් ඇය අහඹු සිදුවීම් සමුදායත් වටා දෝලනය වීමයි. මෙම ලිපියේ මුලින් ‘චර්මඡේදනය’ හෙවත් ‘එෆ්. ජී. එම් – F.G.M.’ පිළිබඳව මා කෙටි හැඳින්වීමක් කළෙමි. වාරිස් නිරූපණ ක්ෂේත්රයට යොමු වූ පසු ඇගේ සියැසින්ම වටහාගත්, ස්ත්‍රීත්වය පිළිබඳව ඇය විශ්මයට පත් කළ තවත් දැයක් වේ. එනම්, ඇය සමග නිරූපණ කටයුතු කළ සෙසු සුදු ජාතික කාන්තාවන් ගෙන් තමා බෙහෙවින්ම වෙනස් බවය. ඒ බව ඇය මෙසේ පැහැදිලි කරන්නීය; “මුත්‍රා පිට කිරීමේදී, සෙසු සුදු ජාතික කාන්තාවන් නදියක් ගලන්නාක් මෙන් වේගයෙන් හරි හරියට මුත්‍රා පිටකළ අතර, මා හට එක් මුත්‍ර බිංදුව බැගින් මුත්‍රා බැහැර කිරීම උදෙසා විනාඩි දහයක් වැනි කාලයක් ගතවේ. එමෙන්ම, මාසික ආර්තවයේදී දරා ගත නොහැකි වූ වේදනාවක් හරහා මා යන්නෙමි. ඇතැම් මාස වලදී දින දහයක් පමණ කලක් පවතින මෙම ක්‍රියාදාමය අතරතුර මා සිහිමුර්ජා වී වැටේ. මේ කිසිවක් මාගේ මව හට අමුතු අත්දැකීම් නොවුණේ ද, ඒ කිසිවක් අසාමාන්‍යය ලෙස ඈ නොදුටුවේද, ජීවිත කාලය පුරාවටම ඇය වටා සිටි සියලු කාන්තාවන් චර්මඡේදනය නම් වූ කරුමක්කාර බිහිසුණු ක්රියාදාමයේ උරුමකරුවන් වූ හෙයින්, ඒ සියල්ලෝම මා හට හිමිව තිබූ අසාමාන්‍යය වූත්, දැඩි අවධානම් සහිත වූත් අතුරු අබාධ වලට ද මුහුණ දුන් නිසාවෙනි. කාන්තාවක් වී උපත ලැබීමේ අවාසනාවන්ත දෛවයේ එක් අංගයක් පමණක් ලෙස මේ සියල්ල සැලකුණු නිසාවෙනි.” වාරිස්, සිය චර්මඡේදනය ද ඇතුළුව ඇය කාන්තාරයේ ගෙවූ දිවිය පුරාවටම මුහුණ දුන් බිහිසුණුම අත්දැකීම් විවෘතව සමාජගත කිරීමට ආත්ම ශක්තියක් උපදවා ගත්තේ, චර්මඡේදනය හේතුකොටගෙන ඇගේ ජීවිතයට අත්වූ අභාග්‍ය සම්පන්න ඉරණම වෙනස් කිරීමට දැන් ප්‍රමාද වැඩි වුවද, ඇගේ රට ඇතුළු ලොව පුරා අදටත් චර්මඡේදනය හරහා යමින් ජීවත් වන, මෙන්ම ඒ හේතුවෙන්ම මිය යන සිය ගණන් නොව, දහස් ගණන් නොව, එහෙත් සංඛ්‍යාත්මකව මිලියන ගණන් වූ අසරණ ගැහැණු දරුවන්ගේ ඉරණම වෙනස් කිරීමේ අවංක අභිලාෂයෙනි. අසරණ අහිංසක ගැහැණු දරුවන් මුහුණපන්නාවූ මෙම කුරිරු ක්‍රියාදාමය තුළින් ශාරීරිකව පමණක් නොව, මානසික වශයෙන්ද ගැහැණුන් විශාල බිඳවැටීමකට පාත්‍ර වන බව වොරිස් ගේ විශ්වාසයයි. එය කිසිදා ජීවිතයෙන් මකා දැමිය නොහැකි බිහිසුණු චිත්ත ඝාතනයකි.[/SIZE] [SIZE=4] වේදනාව, දරාගැන්ම, ඉවසීම, ත්‍රාසය, භීතිය, අමානුෂිකත්වය, තිරිසන්භාවය, මානුෂිකත්වය, මිනිසත්භාවය, සංවේගය, සන්තාපය, ධෛර්යය, බලාපොරොත්තුව, අධිෂ්ඨානය, වීර්යය යනාදී විවිධ වූ හැඟීම් මුලිනුපුටා ගැන්මෙන් උද්ගත වන අවස්ථාවන් ගෙන් සපිරි, විශ්මිත සත්‍ය කතාවක් සමාජගත කරන්නාවූ මෙම ග්‍රන්ථය (සිංහල අනුවාදයේ) අවසානයේදී (311 වැනි පිටුවේ සිට) වාරිස් ඩයිරි දාර්ශනික අදහස් පෙළක්ද මෙසේ සනිටුහන් කරන්නීය; “මගේ මිත්රයින් බොහෝ දෙනකු පවසන්නේ, මා අප්‍රිකාව බලා පිටත්ව ගියහොත්, ආගමික අන්ධ භක්තිකයන් විසින් මා මරා දැමීමට බොහෝ සෙයින් කඩ ඉඩ ඇති බවයි. නමුත් මා මගේ හඬ අවදි කරණුයේ, හුදෙක් මූලධර්මවාදීන් ශුද්ධවූ ක්‍රියාවක් ලෙසින් හඳුන්වා දී, කාලාන්තරයක් මුළුල්ලේ ක්‍රියාත්මක කරන්නාවූ එම බිහිසුණු ම්ලේච්ඡ ක්‍රියාවට විරුද්ධව ම නිසා, එය නිසැකයෙන්ම ආන්ත්‍රාදායක කටයුත්තක් වනු නොඅනුමානය. ඒ නිසාම ඒ සම්බන්ධයෙන් මා තුළ බියක් හටගෙන තිබෙන බව මා පිළිගනිමි. ඊට හේතුව දැන් මා හට බලා හදා ගන්නට පිරිමි දරුවකු සිටිනා බැවිනි. නමුත්, මාගේ දෛවය මා හට ඕනෑම කරුණක් ඉදිරියේ ශක්තිමත් වන මෙන් ඉල්ලා සිටිත්. ඒ මන්ද යත්, දේවයන් වහන්සේ විසින්, නිශ්චිත කරුණක් පෙරදැරි කොටගෙන මා මෙම මාවත කෙරෙහි කැඳවාගෙන විත් සිටින නිසාවෙනි. දැන් මෙය මගේ ‘මීසම’ වී හමාරය. එම දූත මෙහෙවරේ දුතිකාව අන් කවරකුවත් නොව, මා මය. මා ඉදිරියේ ඇති අරමුණ ජය ගැනීම උදෙසා සර්වබලධාරී දෙවියන්වහන්සේ කටයුතු සූදානම් කොට හමාරය. මා ඉපදීමට බොහෝ කලකට පෙර, මා මිය යන දිනය දෙවියන්වහන්සේ විසින් තීරණය කොට හමාර බව මා දනිමි. එමනිසා, එම දිනය වෙනස් කිරීමට මා හට බලයක් නොමැත. සැබවින්ම, මා මගේ ජීවිතයේ සෑම සියලු අවස්ථාවකදීම, අන්ත්‍රාව නොතකා තීරණ ගත අයෙකු වශයෙන්, මෙවරත් එවැනිම තීරණයක් ගෙන බලමි.” [/SIZE] [SIZE=4] තමා අයත් වූ ඛේදනීය පවුල් පසුබිමත්, නූගත් කුරිරු සමාජයකුත් විසින් ඉපදුනු දා පටන් ඇගේ ජීවිතයට අපරිමිත රිදුම් දුන්නද, ප්‍රහාර එල්ල කළද, සුව නොවන මානසික තුවාල මෙන්ම කායික අබාධද තබා ගියද, ඒ සියල්ල කහටක් ලෙසින් සිත් හි කොනක හෝ නොතබා ගනිමින්, තමන් අධිෂ්ඨාන වීර්යයෙන් ජයගත් දිවිය ඔස්සේ පෙරලා යළි සමාජයට ද යමක් දීමේ අදිටන මුදුන් පමුණුවා ගන්නා වාරිස් ඩයිරි තුල උපතින්ම තිබූ නිහතමානීත්වය සහ අව්‍යාජත්වය, ඇගේ පසු කාලීන ක්‍රියාකලාපයන් තුලින් මනාව පැහැදිලි වේ. මේ අයුරින් 1999 වසරේදී ලොව පුරා වැඩියෙන්ම අලෙවි වූ ‘Desert Flower’ ග්‍රන්ථය “කාන්තාරයේ කුසුම” නමින් සංහල බසට අපූරු ලෙසින් පරිවර්තනය කොට මීට වසර ගණනාවකට ඉහතදී දායාද කළ රංජිත් කුරුප්පු ලේඛකයාගේ අනුවාදය ද, වොරිස් ඩයිරි ගේ සත්‍ය කතාව ඇසුරින් මීට වසර කිහිපයකට පමණ ප්‍රථම තිරගත වූ චිත්‍රපටය ද, ලොව වෙසෙනා සෑම සියළු තරාතිරමකම අය විසින් මෙන්ම මෙතෙක් සිදු කර නැතිනම්, අනිවාර්යයෙන් කියැවිය යුතු සහ නැරඹිය යුතු ග්රන්ථ-චිත්‍රපට ද්විත්වයක් මැ වෙති.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][U][SIZE=3][COLOR=Navy]උපුටා ගැනීම ෆේස්බුක් හි පළවූ ලිපියකිනි.[/COLOR][/SIZE][/U] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom