සුභ අනාගතය හැමදාම "හෙට"
සුභ අනාගතය කල් යයි - 2500 දෙන්නේ ලබන අයවැයෙන්ලු
2010 මාර්තු 24 වෙනි බදාදා, 22:08
පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂකයා ලෙස එවකට ද ජනාධිපති පදවිය හෙබවූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් සිය මැතිවරණ පොරොන්දුවෙන් සියලු රාජ්‍ය සේවකයින්ට හා සියලුම පෞද්ගලිය සේවකයින්ට රුපියල් 2,500 ක පඩි වැඩිවීමක් මේ වසරේ ජනවාරි සිට ලබා දෙන බවට පොරොන්දු විය. මෙහිදී පඩි වැඩිවීම අනිවාර්යයෙන්ම මේ වසරේ ජනවාරි මාසයේ සිටම ලබා දෙන බවට මෙහිදී ජනාධිපතිවරයා පොරොන්දු විය.
නමුත් ඊයේ (23) කෑගල්ලේ පැවැති සන්ධාන මැතිවරණ ප්‍රචාරක රැලියකදී රත්නසිරි වික්‍රමනායක අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ රුපියල් 2,500 මුදල් ලබා දෙන්නේ ලබන අය-වැයෙන් බවයි. මෙහිදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ "මේ විපක්ෂය අද අයවැයෙන් මුදල් වෙන් කරන හැටිවත් දන්නේ නැහැ. ඒ අය 2500 ඉල්ලනවා. අපි ඒක ලබන අයවැයෙන් දෙනවා."
කෙසේ වෙතත්මෙම වසරට අදාලව රජය විසින් අය වැයක් ඉදිරිපත් නොකළ අතර, පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරමින් ජනතාව රවටන විවිධ කතා පැතිරවීය. එමෙන්ම ජනාධිපතිවරණයේදී රුපියල් 2,500 වඩි වැඩිවීමේ පොරොන්දුවක් ලබා දුන් අතර, අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය අනුව කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික සේවකයෙකුට ලබන වසරේ ජනවාරි මාසය දක්වා කිසිදු පඩිවැඩිවීමක් සිදු නොවේ.
මේ අනුව අපට පැන නගින එක් ගැටළුවක් වන්නේය. එය රජය විසින් පුන පුනා ප්‍රකාශ කළ "සුභ අනාගතය" යනු මෙයද යන්නයි.