ලොව්තුරා බුදුරජාණන් වහන්සේ චූලකර්ම විභංග සුත්‍රයේදී සුභ මානවකයාට බොහෝම ලස්සන ධර්මයක් දේශනාකරනවා. සුභ මානවකයා මේ ලෝකයේ සත්වයා කර්මය දායාද කොට කර්මය මගේ කොටගෙන පවතීය කියලා. සුභ මානවකයා බුදුරජාණන් වහන්සේගෙන් අහන එක ප්‍රශ්නයක් තමයි "භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයේ ජීවත්වන මනුෂ්‍යයන් සමහරු දීර්ඝායුෂ ලබමින් ජීවත්වෙනවා. තවත් කෙනෙක් හීන ආයුෂ සහිතව මිය පරලොව යනවා. ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, මෙහෙම වීමට හේතුව කුමක්ද..?" කියලා. ඊට පිළිතුරු වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ දේශනාකරන්නේ සුභ මේ ලෝකයේ උපදින සත්වයා කර්මය දායාද කොට කර්මය මගේ කොට පවතීය කියලා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනාකරනවා ‘සුභ, පෙර ජීවිතයේ යමෙක් සත්ව හිංසා අකුසලය සිදු කරා නම් ඔහු මරණින් මතු නිරයේ දුකට වැටෙනවා. යම් හෙයකින් මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයෙක් ලෙස උපතක් ලැබුවා නම් ඔහු රෝගීභාවය ඇතිව උපත ලබනවා කියලා. ඒ වගේම පෙර ජීවිතයේදී සත්වයාට මෛත්‍රිය කරුණාව දැක්වීම හේතුවෙන් ඔහු මරණින් මතු මනුෂ්‍ය ජීවිතයක් ලැබුවත් නිරෝගීභාවය ලබනවා කියලා.
එතකොට බලන්න යමෙක් මේ සමාජයේ නිරෝගීව ජීවත්වන්නත් තව කෙනෙක් රෝගීව ජීවත්වෙන්නෙත් හේතුඵල ධර්මයක් නිසා. ප්‍රධාන වන්නේ සතුනට හිංසාකිරීමත් මෛත්‍රිය කරුණාව දැක්වීමත් කියන කාරණා. වර්තමානයේ සමාජය දෙස බැලීමේදී මනුෂ්‍යයා පමණක් නොවේ ඔබ ජීවත් වන පරිසරයත් රෝගී බවට පත් වෙලා. මෙතනින් පරිසරය අපි පැත්තකින් තියලා මනුෂ්‍යයා ගැන බලමු. සමහරු රෝගී බවට පත්වෙන්නේ මව්කුසේදීම. මව්කුස පිළිසිඳගෙන මාසෙන් දෙකෙන් දරුගැබ කළලය රෝගී බවට පත්වෙනවා. මව් කුසේ සිටියදීම පෙර කළ සත්ව හිංසා කර්මයන් විපාක දෙනවා. සමහර දරුවන් ලෝකයට බිහිවන මොහොතේම නොමේරූ දරුඋපතක් හැටියටයි ලොවට බිහිවන්නේ. තවත් ළදරුවන් නොයෙක් ආබාධ ඉන්ද්‍රියන්ගේ අඩුපාඩු සහිතව ලොවට බිහිවෙනවා. මෙලොව එළිය දැකපු දවසේ පටන් මේ ළදරුවන් රෝහලේ දැඩිසත්කාර ඒකකයක නොමේරූ ළදරු ඒකකවළ, සති, මාස, අවුරුදු ගණන් දුක්විඳිනවා. රටේ ප්‍රධාන ළමා රෝහලකට එසේත් නැතිනම් ළමා වාට්ටුවකට යන්න. මොනතරම් දරුවෝ නොයෙක් වයස් සීමාවල සිතාගන්නවත් බැරි රෝගවලින් පීඩා විඳිනවාද..? සමහර ළදරුවන්ට මාරාන්තික රෝග, තවත් තවත් දරුවන්ට අර්ධ මාරාන්තික රෝග. නාසයට මුඛයට බට දමලා, උදරයට බට ගහලා….. ඔබ මේවා දකිනකොට, ඔබ මේවා අත්දකිනකොට ඔබට දරන්න බැහැ මේ පොඩි දරුවන් විඳින වේදනාව. පොඩිදරුවන් විතරක් නොවේ මේ දරුවන් නිසා ඒ දෙමාපියන්, සහෝදර සහෝදරියන්, ඥාතීන් මේ හැමෝමත් දුකේ කොටස් කරුවන් වෙලා.
මිනිස් ජීවිතයක උපත ලැබුවත් රෝගී දරුවන් නිසා අපා දුක්විඳින දෙමාපියන් මොනතරම් සමාජයේ සිටිනවාද..? මේ දුක ඔබට අහම්බෙන් ලැබුණ දෙයක් නම් නොවේ. අපලයක් නිසා, දේවකෝපයක් නිසා, රටේ වෛද්‍ය අංශයේ දුර්වලතාවක් නිසා ලැබුණු දේවල් නොවේ. බුදුරජාණන් වහන්සේ දේශනාකරනවා කර්මය සත්වයා දායාද කොටගෙන පවතීය කියග. රෝගී දරුවන් නිසා එම දෙමාපියන්ද විඳින්නේ දුකක් නම් එයත් දෙමාපියන්ගේ සංසාරික කර්මයක දායාදයක්මය. මෙය දෙමාපියන්ට අහම්බෙන් ලැබුණ වගකීමක් දුකක් නොවේ. පෙර ජීවිතයේදී සත්ව හිංසාව අකුසලය කරගත් මනුෂ්‍යයෙක් මරණයෙන් මතු නැවත මනුෂ්‍ය ජීවිතයක් ලබන්නේ නම් ඔහුට සුදුසු මව්කුස ලෙස තෝරාගන්නේ ද ඊට අදාළ අකුසල් සිදුකරගෙන ඇති මවකගේ මව්කුසක්මයි. මේවා කාටවත් වෙනස් කළ නොහැකි ලෝක ධර්මයන්. දරුවා නිසා අම්මා තාත්තා දුක් විඳිනවාත්, අම්මා තාත්තා නිසා දරුවා දුක් විඳිනවාත් නොවේ. තම තමන් කරගත් අකුසල් නිසා තමන් හවුලේ එම අකුසල් විපාක අත්විඳනවා පමණි.
ඔබ මෙහෙම හිතන්නකෝ. ඔබේ ගෙදර දොරකඩට බල්ලෙක් එනවා. ගෙදර අම්මයි තාත්තයි කියනවා පුතේ ඔය බල්ලට ගහල එලවන්න කියලා. පුතා හොඳ ගලක් හෝ පොලු කැබැල්ලක් අරගෙන බල්ලට ගහනවා. අර අහිංසක බල්ලා කකුල ඔසවා ගෙන ලේ පෙරාගෙන දුවනවා. දැන් බලන්න මේ සත්ව හිංසාවට කී දෙනෙක් හවුල්වුණාද...? බල්ලාට ගැහුවෙ දරුවා තමයි. නමුත් ගහන්න අණ කළේ දෙමාපියන්. අකුසලය වැඩි දරුවට. මරණින් මතු මෙන්න මෙවැනි අකුසල් තිබෙන දරුවන් එවැනිම අකුසල් සහිත දෙමාපියන්ගේ මව් කුසවල ඉපදිලා දරුවා රෝගීභාවයට පත්වෙලා දෙමාපියන්ගේ අකුසලය විපාක දීමට අවස්ථාව සලස්වනවා. දැන් මේ තුන්දෙනාම විඳින්නේ තමන් කරගත් කර්මයක විපාකයක්මයි. භික්ෂුවට සමහර අවස්ථාවල ඇහිල තිබෙනවා රෝගී දරුවන් ඉන්න අම්මලා කියනවා ‘මගේ කරුමෙටයි මේ දරුවා ලැබුණේ’ කියලා. අන්න එවැනි අම්මලාගේ අදහස සර්වසාධාරණයි.
අවිද්‍යාසහගත ලෝකය හැඩගැසිලා තිබෙන්නේ සත්වයා දුක දෙසටම තල්ලුකර දමන ස්වභාවයටයි. ඔබ විසින්ම කරගන්නා ලද අකුසලයන් විපාක දෙන විට ලෝකයේ ස්වභාවය සකස් වී තිබෙන්නේ ඒ විපාකයේ අමිහිරි වේදනාව නිසා සත්වයා තව තවත් අකුසල කර ගන්න දිශාවටම මෙහෙය වීමටයි. ඔබ මෙතනදි පරිස්සම් වෙන්න ඕනේ. එසේ නොවුණොත් තව තව අකුසල කර්මයන් ඔබත් අනුනුත් දායාද කර ගැනීමයි සිද්ධවෙන්නේ. ඔබ අතින් උපස්ථානය ලබන රෝගී වැඩිහිටියෙක්, දරුවෙක් සිටිනවා නම් ඒ අයගේ ක්‍රියාකාරකම් නිසා නිරතුරුවම ඔබට ද්වේෂය, පළිගැනීම, පිළිකුල, නොසලකාහැරීම වැනි චේතනාවන් සකස් වෙන්න පුළුවන්. එය ස්වභාවයක්. මෙවැනි අවස්ථාවකදී ඔබ දක්ෂවෙන්න ඕනේ ලොව්තුරා ධර්මය ජීවිතයට ගලපා ගන්න. ද්වේෂය ඔබ ඔබේ කර ගත්තොත් ඔබ ඔබේ කර ගන්නේ මහා ගිනි ගොඩක්මයි. ඒ ඔබ විසින්ම අවුලුවාගත් ගිනිගොඩෙන්ම ඔබට සසර අප්‍රමාණ කාලයක් පිච්චෙන්නට සිදුවේවි.
ඉහත සදහන් කළේ දරුවන්ගේ රෝගීභාවය ගැනයි. තරුණ වැඩිහිටියන්ගේ රෝගීභාවය ගැන දකිනකොට මහා රෝහලකට, කුඩා රෝහලකට ඔබ ගොඩ වැදුණොත් ලක්ෂගණනක් ජනතාව රෝගීන්. නිරෝගීභාවය ගොඩක් අඩුයි. වයසට නොගැළපෙන රෝග, මාරාන්තික රෝග, අන්‍යයන්ගේ පිළිකුලට භාජනය වන රෝග, අනුනට ප්‍රකාශ කිරීමට නොහැකි රෝග….. සංසාරයේ සත්ව හිංසාවට අදාළව ඒවා විපාක දීමට සුදුසු ආකාරයට ලෙඩ රෝග හැදෙනවා. හැබයි පාරිසරික හේතූන් නිසාත්, සෘතු බලපෑම් නිසාත් රෝගීන් ස්වභාවයන් ඇතිවෙනවා. ඒත් එම රෝග දීර්ඝකාලීන නිදන්ගත රෝග බවට පත්වෙන ස්වභාවය අඩු බවද ඔබ වටහාගත යුතුව ඇත. අකුසල කර්මයන් විපාකදෙන රෝගීන්ගේ ස්වභාවය පැහැදිලිව හඳුනාගන්න පුළුවන්.
ඔබ සිතෙන් මවාගන්නකෝ රෝහලේ ඇඳේ නිරතුරුවම අඳෝනා තබන රෝගියෙක්. නාසයට, මුඛයට, උදරයට බට ඇතුළත් කර වේදනාව විඳින රෝගියෙක්. දෑත් දෙපා ඇඳ හතර කොණේ බැඳ දමා ඇති රෝගියෙක්, අසිහියෙන් දිනගණන් දුක්විඳන රෝගියෙක්, ජලය ආහාර රස බැලීමට වාසනාව නොමැති රෝගියෙක්. අත පය වාරු නැති අංගවිකල අංශභාග රෝගියෙක්. භික්ෂුවට නම් මෙවැනි රෝගීන් දකිනකොට සද්ධර්මය කෙරෙහිමයි ගෞරවය ඇතිවෙන්නේ. මොනතරම් පැහැදිලිව ලෝක ස්වභාවය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර තිබෙනවාද. ඔබ සත්වයින්ට සංසාරයේදී දුක් දුන්නා. හිංසා කළා. ඒ දුකමයි, හිංසාවමයි ඔබ ඔය අත්විඳින්නේ. වර්තමානයේ මනුෂ්‍යයා මොනතරම් නම් සත්ව හිංසාව සිදුකරනවාද..? සමහරු සත්ව හිංසාව සිද්ධකරන්නේ මෝස්තරයක් හැටියට. තවත් සමහරු සත්ව හිංසාව සිදුකරන්නේ ව්‍යපාරයක් හැටියට. සමහරු විනෝදයටත් සත්ව හිංසාවේ යෙදෙනවා.