සුමාත්‍රාවේ භූමිකම්පාවෙන් ලංකාවට සුනාම&a

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
සුමාත්‍රාවේ භූමිකම්පාවෙන් ලංකාවට සුනාම&a

Updated 03:24pm
ඉදිරියේ විදුලිය විසන්දි කිරීමට නියමිතයි
ශ්‍රී ලංකාවට සුනාමි අනතුර ඇති විය හැකි වේලාවන්හි ඒ ඒ ප්‍රදේශවලට විදුලිය විසන්දි කිරීමට සුදානමින් පසුවන බව අප වෙත වාර්තා වනවා

Updated 03:13pm
මේවනවිට මුහුදු බඩ ජනතාව ඉවත්වෙමින් සිටින අතර මන්කොල්ලකරුවන්ගෙන් ද ප්‍රවේශම් වන ලෙස පොලිසියෙන් උපදෙස් ලැබී තිබෙනවා

8.9 ක් ලෙස වාර්තා වූ රිච්ටර් මාපක අගය මේවනවිට 8.7 ක් ලෙස සඳහන් වී තිබෙනවා. පහත තරුවෙන් දැක්වෙන්නේ භූමිකම්පාව සිදුවූ ප්‍රදේශයයි.


tsunaami.jpg


Updated 03:00 pm

ලංකාවට සුනාමි ආවොත් එන වේලාවන්
4:00 - ත්‍රිකුණාමලය
4.10 - දෙවුන්දර තුඩුවට
4:50 -කොළොඹ
06:00 - යාපනය

සවස හතරට සුනාමි අවදානමක්
සුනාමි උවදුර ඇති වුවහොත් එය සවස හතරට පමණ ත්‍රිකුණාමලයට හතරයි පනහට පමණ දකුණු ප්‍රදේශවලට ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා,



උතුරු හා දකුණු ප්‍රදේශවල මුහුදුබඩ පෙදෙස්වල ජනතාවට එම පෙදෙස්වලින් ඉවත්ව සිටින ලෙස ඔවුන් දැනුවත් කරමින් සිටිනවා.


මෙම පුවත සැලවීමත් සමග වෙරළබඩ ජනතාව කලබලයට පත්ව ඇති අතර ඇතැම් පිරිස් මහමග දුවමින් සිටින බව වාර්තා වනවා.මෙම පුවත අන් අයට දැන්වීමට ගත උත්සාහයන් හේතුවෙන් මේවනවිට දුරකථන ජාල අවහිර වී තිබෙනවා.


Updated 2:49 pm

ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට බලපෑමක් ඇතිවිය හැකියි
රටවල් 28 කට සුනාමි අනතුරු ඇඟවීමක් මේවනවිට නිකුත් කර තිබෙනවා.ඒ අතර ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට බලපෑමක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ



 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ස්තුතියි මචං දැනුවත් කිරීමට.. මට මේ ගෙදර යන්න විදියක් නැතුව ඉන්නේ.. ගාල්ලෙ මාර ට්‍රැෆික් එක..
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    ස්තුතියි මචං දැනුවත් කිරීමට.. මට මේ ගෙදර යන්න විදියක් නැතුව ඉන්නේ.. ගාල්ලෙ මාර ට්‍රැෆික් එක..

    you're welcome machan :)