නිහඬ නිසංසල සුන්දර හවසක ගොම්මන් කලුවර මග බලනා ඈතම අහසේ වළාකුළක් ලඟ නිල් තරු කැටයක් ඉඟිමරනා.. හමනා පවනක සීතල කැටිවුන සේපාලික මල් සුවඳ අරා අතරින් පතරේ තියෙනව පුසුඹක් සුරඟන නුඹ ගත ලඟ රැදෙනා...