සිද්ධාර්ථ බෝධිසත්වයින්ගේ විවාහය පිළිබඳව “ථුපවංශය” ඉදිරිපත් කරන කරුණු කෙරෙහිද ඔබගේ අවධානය යොමු කරන්න. “…….බෝධිසත්වයෝ හී දණ්ඩෙන් විද දක්වන මණ්ඩප මාලිගා කරණ කොට ගෙන දිව්‍යපුරය දක්වන්නාක් වැනි; සරයෙන් කළ හිනිපෙති පංක්ති කරණකොට ගෙන දෙව්ලොවට නැඟෙන්ට මාර්ග දක්වන්නාක් වැනි; හීයෙන් නොයෙක් ධනුශ් ශිල්ප පා මේඝපටලයෙන් වැසී ගිය දිශා ඇතිරාත්‍රියේ ඝනාන්ධකාරයෙහි සතර ගවුවෙකින් ඈත අස්වලෙක්හි බටුපලක් බැඳ එලවා විදින හීතල සොභාවෙන් එකාලොකකොට නැවත විදි හීයකින් අස්වල නොකපා මැදින් පලා හීය බිම සඟවා විද්‍යා ලෝකයෙහි විද්‍යාමාන සියළු ශිල්ප දක්වා සතුටුවූ රජදරුවන් දුන් සතලිස් දහසක රාජ කුමාරිවරුන් හා හැම දෙනාට නායකවු යශෝධරා දේවීන් ඇතුළු වූ එක්ලක්ෂ සයානු දහසක් පුර ස්ත්‍රීන් සහිතව රජ පැමිණ එකුන් තිස්අවුරුද්දක් ගිහිගෙයි වැස….” (36 වැනි පිටුව). ථුපවංශයේ 40,000 ක අන්තඃපුර රාජ කුමාරිකාවරුන්ට අමතරව සම්පුර්ණ ස්ත්‍රී සංඛ්‍යාව එක්ලක්ෂ අනු හය දහසක් බව දක්වයි. මෙම සීමාවෙන් තොරවූ ස්ත්‍රී සංඛ්‍යාව පිළිබඳව ගැටලුව ඔබලාම විසඳගන්න