සුර්ය විදුලි ජනක පිළිබඳව ගැටළු හා පිළියම&#3530

hetadina

Junior member
  • Dec 15, 2013
    50
    21
    8
    Ambalangoda
    සුර්ය විදුලි ජනක පිළිබඳව ගැටළු හා පිළියම&#3530

    අද මම ඔයාලට ඇතිවෙච්ච ගැටළු කීපයකට පිළිතුරු දෙනවා බලන්න..ඔයාලගේ ගැටලුවට පිළිතුරක් ලැබුනාද? කියා..සියලු ගැටළු කොමෙන්ට් කරන්න..ඉඩ ලද විට හැම එක ටම පිළිතුරු දෙනවා..වැදගත්..බහුතරයකට අවශ්‍ය දේට පළමු තැන දෙනවා..තරහා වෙන්න එපා...


    සුර්ය පැනලයෙන් එන විදුලියෙන් බැටරිය ස්වයංක්‍රීයව ආරෝපණය කරන්නේ කොහොමද?

    ඔවු මේක හොඳ ගැටලුවක්..පැනලය මගින් නිෂ්පාදනය වන විදුලිය ගබඩා කර ගැනීමට අපි බැටරියක් භාවිතා කරනවා..මෙයට කාර් බැටරියක් වඩා සුදුසුයි.නැතිනම් UPS බැටරියක් යොදා ගන්න පුළුවන්. ඒත් එමගින් වැඩි වෙලාවක් 230V ඉන්වර්ටරය මගින් ගන්න බැහැ.කාර් බැටරි දෙකක් සමන්තරගත ලෙස සවිකළහොත් වැඩි වෙලාවක් විදුලිය ලබා ගත හැකියි.ඉතින් ඉබේම ආරෝපණය වෙලා නවතින්න අපි භාවිතා කරන්නේ SOLAR CHARGING CONTROLLER නමැති උපකරණය.එයට පුළුවන් බැටරිය උපරිම ලෙස ආරෝපණය වුවිට ස්වයන්ක්‍රියව ධාරාව කපා හැරීමට.මෙහි විවිධ ඇම්පියර් ගාණකින් යුතු CONTROLLER ලබා ගත හැකියි.මා එම උපකරණය බැටරියට සවිකරන අයුරු පහත පරිදි දක්වන්නම්..

    සුර්ය ශක්තියෙන් විදුලිය ලබා ගැනීම අපවැනි රටකට ඉතා වැදගත්..මොකද දවසේ වැඩි කාලයක් ලංකාවේ බොහෝ ප්‍රදේශ වලට හිරුඑළිය හොඳින් ලැබෙනවා..අනික දැන් අවශ්‍ය උපකරණ අඩු මිලට ලබා ගන්න පුළුවන්.සුර්ය පැනලයක් සාමානයෙන් වසර 20-25 භාවිතා කල හැකියි.බැටරිය තමා අවුලකට තියෙන්නේ..එහෙත් මෙවැනි CONTROLLER එකක් හරහා ආරෝපණය කිරීමෙන් එහි ආයුකාලය වැඩිකර ගත හැක.එක සුර්ය පැනලයක් යොදනවා වෙනුවට පැනල කීපයක් යොදා සමාන්තරගත ලෙස සවිකර CONTROLLER එකට සවිකළහොත් වඩාත් ඉක්මනින් බැටරිය ආරෝපණය කරගත හැක.

    අවශ්‍ය අයට එම උපකරණය පිටරටින් ගෙන්වා දීමට ද පුළුවන.

    තවත් ගොඩක් දේවල් හා විස්තර බලන්න අපේ දිහා එන්න..