සුරාසල් විවෘත කරන වෙලාව වෙනස් වෙයි

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබේ.

    සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1 උපවගන්තියේ බලතල ප්‍රකාර ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පැනවීම සිදුකර ඇත.

    විදේශ මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර වර්ගය යටතේ ඇති සුරාසල් පෙ.ව 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව තැබේ.

    මේ අතර පරිශ්‍රය තුළ දී පරිභෝජනය කරන මත්පැන් සඳහා (සංචාරක මණ්ඩල අනුමැතිය රහිත) පෙ.ව 10 සිට රාත්‍රී 11 දක්වා සහ පරිශ්‍රය තුළ දී පරිභෝජනය කරන මත්පැන් සඳහා (සංචාරක මණ්ඩල අනුමැතිය සහිත) ස්ථාන පෙ.ව 10 සිට රාත්‍රී 12 දක්වා විවෘතව පවතී.

    සුරාසල් විවෘත කරන සහ වසන වේලාවන් පිළිබඳ සම්පූර්ණ විස්තරේ පහතින් දැක්වේ. (Ada Derana)

    3.jpg

    1.jpg



    Operating hours of liquor stores revised