සුසන්තිකාට ගැහුවේ අනියම් සැමියා දුටු නිස

Halal Badu

Member
Apr 27, 2016
61
1
0
සුසන්තිකාට ගැහුවේ අනියම් සැමියා දුටු නිස

කෙටිදුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහගේ පවුල් ආරවුලක් දුරදිගයාම නිසා ඇය රෝහල්ගතවූයේ පසුගිය සෙනසුරාදා උදේය. රෝහලේදී ඇය පවසා තිබුනේ තමාගෙන් කලෙක සිට දුරස්වී සිටින සැමියා සිද්ධියවූ රෑ පැමිණ තමාට සවලකින් ගැසූ බවත් බේරෙන්නට බැරි තැන මහරෑ තාප්පයකින් පැන සැතපුම් ගණනක් දුර දිවවිත් පොලිසියට දන්වා රෝහල්ගතවූ බවයි.

මෙම පැමිණිල්ල නිසා සැමියා වන ධම්මික නන්ද කුමාර පොලිස් අත්අඩංගුවට පත්වූ අතර පසුදාම ඔහු නිදහස් කරන්නට අධිකරණය කටයුතු කරේ ඔහු මේ ගැන පැවසූ
පරස්පර කථාවක්ද පදනම් කරගෙනය.

ඔහු කියන්නේ සිද්ධියවූ නිවසේ එදා රෑ සුසන්තිකා සොරසැමියෙකු සමග නිදා සිටි කතාවකි.
ඔලිම්පික්‌ ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මියට අපහාසයක් සිදුවන තරමට පහත් පෙළේ ආරංචියක් වුවත් ධම්මික එම කතාව කියන්නේ සාක්ෂි සහිතවය.

සුසන්තිකාගේ දරු දෙදෙනා කොළඹ 08 වික්‌ටෝරියා ප්‍රදේශයේ පිහිටි සුසන්තිකාගේ නිවසේ තනිකරදමා ඇය මේ සිද්ධියවූ වැලිවේරිය දකුණු ඇඹරළුව අලුතින් හදාගෙන යන නිවසේ මහරැය ගතකරන්නට තනිව පැමිණ සිටි හේතුව අපැහැදිලිය.

මේ වනවිට වාහනයක් පවා නැති බව කියන සුසන්තිකා එදින රාත්‍රියේ එහි සිටියදී නිවස ඉදිරිපිට කුඩා සුදු පැහැති කාරයක්ද නවතා තිබී ඇති අතර කේන්ති ගිය අවස්ථාවේ මෙය සොරසැමියාගේ වාහනය යයි කියමින් ධම්මික එම වාහනයද පොඩි පට්ටම් කර තිබුනි.

ඔහු පවසන්නේ තමා නිවසට ගිය අවස්ථාවේ සොර සැමියා නිවසේ පිටුපස තාප්පයෙන් පැන ගිය බවකි. තමාගේ පහරදීමට බයෙන් සුසන්තිකාද ඉදිරිපස තාප්පයෙන් පැන්න බවත් තුවාල වූයේ ඒ නිසා බවත් ඔහු කියයි.

සොරසැමියාගේ ඇඳුම් බෑගයත්, හැඳුනුම්පත සහ රියදුරු බලපත්‍රයත් තමාට නිවසේ තිබී හමුවූ බව පවසන ධම්මික ඒවා උසාවියට ඉදිරිපත් කරමින් කියා සිටියේ ඇය රගපෑමක් කර අධිකරණය නොමග යවන්නට උත්සාහ දරන බවයි.

මේ කරුණු සලකා බැලීමෙන් පසු රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප 2 ක්‌ මත ධම්මිකව මුදාහරින ලෙසට ගම්පහ වැඩබලන මහෙස්‌ත්‍රාත්වරිය නියම කර තිබුණි.
ඇප ලැබූ පසු ධම්මික මාධ්‍යයට කියා සිටියේ මින් ඉහත අවස්ථාවකත් ඇය සොර සැමියෙකු සමග හසුවී එම ප්‍රශ්නය විස‍දා ගත්තේ සමථ මණ්ඩලයකින් බවයි.

සුසන්තිකාට හා ධම්මිකට අවුරුදු 07 ක්‌ සහ අවුරුදු 2 1/2 ක්‌ වයසැති දරුවන් දෙදෙනකු සිටින අතර ඔවුන් කොළඹ 8 නිවසේ සුසන්තිකා සමග සිටී. සැමියා ඇගෙන් කලෙක සිටම ඈත්වී බණ්ඩාරගම නිවසේ පදිංචිව සිටී.

සුසන්තිකා රෝහලේදී පැවසූයේ මේ ගැන විවිධ අවලාද තමාට එල්ලවිය හැකි බවත් කෙසේ වෙතත් තමා ඔහුගෙන් දික්කසාදය ඉල්ලන බවත්ය.
 

Attachments

  • p-22.jpg
    p-22.jpg
    29.4 KB · Views: 66
Last edited:

warwickuni

Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    There are murders in such instances in Sri Lanaka as well as in other countries.
    So the parties are lucky to end the episode like this.
    Women are as bad as men when it comes to things like this but because of her status as ex athlete and failed political candidate for SLFP she was able to get the media publicity.
    Finally, it is an offense to assault any person , no matter what it is .