සුසුමක උණුසුම

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo



    සුසුමක උණුසුම නොම විඳි හදකට
    සුසුමක් උනේ ඔබයි
    කඳුලක සිසිලස නොහැගුනු නෙතකට
    කඳුලක් උනේ ඔබයි

    මිහිමත සැඟවුණු විසිතුරු ලොවකට
    පියවර ලකුණ ඔබයි
    විසිතුරු මිහිමත සැඟවුණු රුදු ලොව
    හෙලි කල දෙනෙත ඔබයි

    හදවත පිරිමැද සිතිවිලි පොබ කල
    පැතුමක අරුණ ඔබයි
    වදනට නොනැගෙන සිත තුල ගොළු වන
    නොපිපෙන පැතුම ඔබයි