:-) සුහදත්වය පලකෙරෙන මුහුණකි.

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    :-) සුහදත්වය පලකෙරෙන මුහුණකි.

    බොහොමයක් නවක සාමාජිකයන් මේවායේ අරුත් හරිහැටි නොදැන අස්වාභාවිකලෙස භාවිත කරනබව විටෙක දැකිය හැකිය එම නිසා අවධාරණයෙන් පැවසිය යුත්තේ ස්මයිලීස් හත අටක් හැරුණුකොට තොගයක් පිටුව පිරී යනසේ පෝස්ට් නොකරන ලෙසයි. මෙය අහිතකර ලෙස සර්වරයටද බලපාන බැවින් ඊට පියවර ගැනෙනු ඇත. සියල්ලන්ගේම පහසුව සඳහා මේවායේ අර්ථයන්ද පහතින් දැක්වීමට කටයුතු කළෙමි.


    1 :growl: Growl ගෙරවීම මේ මගින් අදහස් වේ. උදාහරණයක් ලෙස සත්ත්වයන් කොපයට පත්වූ විට අනතුරු හඟවමින් ගොරවයි. එසේ මෙමගින් හැඟවෙන්නේ තරහව හැඟවීමයි.

    2 :frown: Frown රැවීම මෙමගින් පිළිබිඹු වේ. යම්කිසි පෝස්ට් එකක් ගැන අප්‍රසන්නතාවයට පත්වූ විටද මෙය භාවිත කළ හැකිය.

    3 :dull: Dull උදාසීන බව මෙයින් හැඟවේ. එමෙන්ම යම් පලකිරීමක්/දෙයක් පිළිඹඳ සිත් නොගන්නේ නම් මෙය භාවිත කළ හැකිය.

    4 :baffled: Baffled යමකට මැදිව එයින් මිදීමට අවශ්‍ය නමුත් කළයුත්ත සිතාගත නොහැකිව සිටින අවස්ථාවක් සිහියට ගන්න. සිංහලයේ කට උත්තර නැති වෙනවා යැයි පවසන්නේද මෙවැන්නකි. ඒ හා සමාන අරුතක් මේ මගින් කුළුගැන්වේ. බොහෝවිට දෙපිරිසක් හා ඇතිවන උනුසුම් විවාද තත්ත්වවලදී යමෙකු විසින් අන් පාර්ශවයට කට උත්තර නැතිවෙන ආකාරයට තර්කයක් ඉදිරිපත් කළා යැයි සිතන්න. එවිට එම පෝස්ට් එකට ප්‍රතිචාර වශයෙන් වාදයට සම්බන්ධ නැති අයෙකුට වුවත් මෙය පල කළ හැකිය. එමගින් පහර වැදුනු පාර්ශවය කෙරේ උපහාසාත්මක බවක් ඇති කරයි.

    5 :P :p කවට කමක් හෝ යම් දෙයක් සිදුකර දිව දිගු කිරීම මෙමගින් අරුත් ගැන්වේ.

    6 :rolleyes: Rolleyes යමකට ඇස් කැරකවීම මෙමගින් හැඟවේ.

    7 :D :-D සුහදත්වය හඟවන සිනාමුසු මුහුණකි. විරිත්තීමක්ලෙස වුවද දැක්විය හැක.

    8 :confused: Confused ඔබ යමක් පිළිඹඳ අවුල් සහගත තත්ත්වයකට පත්ව සිටින්නේ නම් මෙය යොදාගත හැකිය.

    9 :cool: Cool කලබල නැති ශාන්ත බවක් මෙමගින් හැඟවේ.

    10 :eek: Eek අනපේක්ෂිත යමක් පිළිඹඳව විමතිය හෝ බිය පල කෙරෙන්නකි.මෙයින් විහිදුනු දෑසක් පිළිබිඹු කෙරේ.

    11 :) :-) සුහදත්වය පලකෙරෙන මුහුණකි.

    12 :lol: Lol මෙය හඬ නඟා සිනාසීමට භාවිත කෙරේ. මෙය යමෙකුට සුහදත්වය පලකිරීම සඳහා ඒතරම් ගැලපෙන්නේද යන්න පිළිඹඳ ගැටළුවක් පවතී. මක් නිසාදයත් මෙය බොහෝවිට භාවිත කෙරෙන්නේ යමකට හඬ නගා සිනාසීමට සහ උපහාසාත්මකව සිනාසීමේ අදහස පිළිබිඹු කිරීමට නිසාය.

    13 :nerd: Nerd යමෙක් ඔබෙන් පිළිතුරු ලබාදිය නොහැකි ගණිත ගැටළුවක් විමසුවා යැයි සිතන්න. එවිට ඔබට මෙය භාවිත කළ හැකිය. මෙහි සිංහල අර්තය අඥාණයා යන්නට සමාන වේ.

    14 :no: No එපා හෝ නෑ යන්න සංඛේතවත් කෙරේ.

    15 :oo: Oo පීඩාකාරී යමකට හෝ යම් දෙයක් පිළිබඳ නොපවසා තීරණයකට නොඑළඹ සිටින අවස්ථාවකද භාවිතා කළ හැකිය.

    16 :rofl: Rofl මෙහි අර්ථය Rolling On Floor Laughing බිම පෙරලෙමින් සිනාසීම මෙයින් අර්ථවත් කෙරේ.

    17 :angry: Angry යමක් පිළිබඳ ඇති නොමනාපය පලකිරීමට යෙදේ.

    18 :love: Love මෙහින් අරුත්ගැන්වෙන්නේ සෙනෙහසයි.

    19 :yes: Yes ඔව්. එකඟයි යන්න අර්ථවත් කෙරේ.

    20 ;) ;-) ඉඟි මැරීම මෙයින් අර්ථවත් කෙරේ.

    21 :sorry: Sorry සමාවන්න සහ අපොයි යන්න අර්ථවත් කෙරේ.

    22 :shocked: Shocked බිය වීම, කම්පනයට පත්වීම මින් අදහස් කෙරේ.

    23 :( :-( දුක් සහගත බව පෙන්වයි.


    උපුටාගැනීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1478598

     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    love.gif
    මෙකෙ තේරුම ආදරයනෙ බන්.