සුළඟ....දන්නවද...
මේ සිනිඳු පෙති එපා මට
නැති නම් ඔබෙ පහස....
මේ සුවඳ එපා මට
නොහැකි නම් දෙන්නට ඔබට...
අන් මලක් ළඟට වී
සිසිල දෙන්නේ ඔබ...
අන් පවනකට ළං නොවන සේ
බලා ඉන්නේ මම....
කම් නැත සුළඟ.....
ඔබ හා තරහ නෑ මම......
උරුම නැත මේ භවයෙහි
ඔබෙ සිසිල මට.....
ඔබ පැතුම් සදා ඉටු වේවා....!
මතු භවයේ යළි අප හමු වේවා....!
ඔබ සුළඟම වී මා පියාපතක් වේවා....!
ආදරණීය සුළඟ...
ඔබට තුණුරුවන් සරණ වේවා....!![]()
ඔබේ සිනිඳු පෙති මුදාලන්ට.....
නොදෙමි මම ඔබට අවසර.....
පසක් වෙ නම් ඔබෙ නිහඬ බව....
නොවෙමි මම තවත් මෙ සුලඟ......
සිහින් පවනක්ම වීය මා ඔබ හට....
පැතුවෙමි ඔබවම අදරින් රැකගන්න....
විකසිත නොවෙනම් තවත් ඔබ මා හට.....
චන්ඩ මාරුතයක් වෙවි මෙ සුලඟ.....
අන් මලක් මට එපා...
මා පතූ මලම මිසක....
එනමුත් මගේ පුංචි මල් ඉත්ත....
ඔබ සුවඳ දෙන්නෙ මටම විතරද.....
ඔබ පැතූ එ විලසම....
මමත් පතනෙමි ඔබට දෙවි පිහිට....
මගේ පිවිතුරු සුදු මල් ඉත්ත....
මා ඔබේම ආදරණීය සුලඟය....
