සුළි සුළග ගැන අාණ්ඩුව දැන්ද කොහෙද දන්නෙ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    බුරවි සුළි කුණාටුව - හානිය අවම කරගැනීමට කඩිනම් පියවර ගන්නැයි නිලධාරීන්ට උපදෙස්


    දිවයිනට බලපවත්වනු ඇතැයි අනතුරු අඟවා ඇති සුළි කුණාටුවෙන් ඇතිවිය හැකි හානි අවම කර ගැනීමට කඩිනම් පියවර ගන්නා මෙන් රජය අදාළ පාර්ශව වෙත දැනුම් දී තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ අද සවස නැගෙනහිර දෙසින් ලංකාව තුළට කුණාටුව ඇතුළ වීමේ අවදානමක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා ඇති බවය.

    ඒ අනුව, මුහුදු වෙරළේ සහ තොටුපළවල් ආශ්‍රිතව නවතා ඇති කුඩා යාත්‍රා, ගොඩට ඇඳගත හැකි උපරිම ප්‍රමාණයට රැගෙන ස්ථීර ලෙස ගැට ගසා තබන ලෙසට සියලු වෙරළාසන්න යාත්‍රාහිමියන්ට කඩිනමින් දැනුවත් කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලු දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් හා සියලු කොට්ඨාස භාර ධීවර නිලධාරීන් වෙත දන්වා තිබේ.

    එමෙන්ම, උතුරු සහ නැගෙනහිර පළාතේ සියලු දිස්ත්‍රික්කවල සහකාර අධ්‍යක්ෂකවරුන් විසින් හෙට (03) දින උදය කාලයේ දී සියලු කොට්ඨාස භාර නිලධාරීන් සහ ධීවර ප්‍රජාව සම්බන්ධීකරණය කරමින් තව දිස්ත්‍රික්කය තුළ වෙරළාසන්න යාත්‍රා ගොඩබිම දෙසට ඇද තබා ස්ථීරව තැබීමේ වැඩසටහනක් සංවිධානය කළ යුතු බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දෙයි.

    මෙම අවස්ථාවේ දී ස්වභාවික ආපදාවක් හේතුවෙන් ඉතා හානිදායක ලෙස විශාල යාත්‍රා ප්‍රමාණයක් විනාශ වීම වළක්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බැවින් මේ සම්බන්ධව දැඩි අවධානයක් යොමුකර ධීවර යාත්‍රාවන්හි ආරක්ෂාවට වහාම කටයුතු යොදන මෙන් සියලු පාර්ශවයන් වෙත රජය දැනුම් දෙයි.

     
    • Like
    Reactions: NRTG

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    කවුද උපදෙස් දිලා තියෙන්නෙ ගොටද මහින්දද බැසිල්ද නාමල්ද චමල්ද
     
    • Haha
    Reactions: kalana wasala

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මට නේවි එකේ එකෙක් නම් උදේම කිව්වා බෝට්ටු අදිනවා කියලා.. නිව්ස් එක දානකොට වෑඩේ කරලා ඉවර ඈති
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    නැතුව බං මුහුද හත් ගව්වක් තියන් අමුඩ ගහල හරියන්නෙ නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ආපදා අවස්ථාවකට කියලා ඉස්කෝල වහලා සූදානම් උනේ දවස් දෙකකට කලින්😀 News බැලුවානම් දන්නවා 🤩
    ගස් කඩන් වැටෙන ඒවා වහළවල ගහගෙන යන ඒවා සක්කරයට වත් නවත් වන්න බැහැ. මේකේ ඉන්න වහල්ලු හිතාගෙන ඉන්නේ වහලවල් ගලවා ගෙන යනකොට ගෝඨාභය ට එක නාවත් වන්න පුළුවන් කියලා 🤣🤣