සුළු අපනයන භෝග හඳුනා ගමු

Apr 25, 2018
219
11
0
colombo
සුළු අපනයන භෝග හඳුනා ගමු

සුළු අපනයන භෝග හඳුනා ගමු


අතීතයේ සිටම ලාංකිකයන් අපනයනය කළ ප්‍රධාන අපනයන බෝග වන්නේ තේ, පොල්, රබර් ය .මේ ප්‍රධාන අපනයන බෝග වලට අමතරව කරන ලද කෘෂිකාර්මික අපනයනයන් සුළු අපනයන ලෙස හැඳින්වේ. ව්‍යාපාරික ලෝකටය පා තබන්නට අදහස් කර සිටින කාන්තාවන් වෙනුවෙන් සුළු අපනයන භෝග පිළිබඳව දැනුවත් කිරිමටයි අද අපි උත්සාහ කරන්නේ.

ලංකාවේ සුළු අපනයන භෝග අතරින් වඩාත් ප්‍රචලිත වෙලා තිබෙන්නේ කුළුබඩු යි. ඒ අතරිනුත් ගම්මිරිස් හා කුරුඳු ප්‍රධාන තැනක් ගන්නවා. මීට බොහෝ විට හේතු වන්නේ ඒවා වැවීමට යෝග්‍ය පසක් හා දේශගුණයක් ලංකාවේ තිබීම යි. මිට අමතරව කෝපි, කොකෝවා, පැඟිරි, කරදමුංගු, සාදික්කා, කරාබුනැටි, වසාවාසි , බුලත්, කජු, ඉඟුරු, පළතුරු, වැල් දොඩම්, ගර්කින්, බිම්මල්, එඬරු, පැණි කොමඩු, මල් පැල, මාළුමිරිස්, එළවළු ආදිය මේ සුළු අපනයන භෝග ගණයට වැටෙනවා. පහත දැක්වෙන්නේ ව්‍යාපාරයක් ලෙස අරභා කල හැකි අපනයන භෝග පිලිබඳ හැඳින්විමකුයි.

ලංකාවේ අපනයන බෝග කීපයක්

කරාබු නැටි

කරාබු නැටි වගාව 16 වන ශතවර්ෂයේ දී පමණ ලන්දේසින් විසින් හඳුන්වා දෙනු ලැබී ය. ආහාර පිසීමේ දී සුවඳ කාරක කුළු බඩුවක් ලෙස මෙය භාවිත වේ. කරාබු නැටිවල අස්වැන්න ලෙස නෙළා ගනු ලබන්නේ එහි පොහොට්ටු ය. ඒවා තද දුඹුරු පැහැයක් වන තෙක් ඒවා වියළා ගත යුතුය. ලංකාවේ නිෂ්පාදිත කරාබු නැටි එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, හා බටහිර යුරෝපා රටවල් අතර ඉතා ජනප්‍රියය. කරාබු නැටි ඖෂධ නිපදවීමට, ආහාර සුවඳකාරකයක් ලෙස, ආහාර රසකාරකයක් ලෙස හා සුවඳ විලවුන් නිෂ්පාදනයට යොදා ගැනේ.

බුලත්

මෙරට බුලත් වගාව ක්‍රි.පු 340 පමණ ආරම්භ වී ඇත. බුලත් වලට හිතකර දේශගුණයක් ලංකාවේ ඇති නිසා ගුණාත්මක බවින් ඉහළ බුලත් අපනයනය කිරීමට හැකියාව ඇත.

හීන් පැඟිරි

වර්ෂ 1900 පමණ වන තෙක් ලෝකයේ පැඟිරි වෙළදපළ සම්පුර්ණයෙන් ම රැඳී තිබුනේ ශ්‍රී ලංකාව මත යි. නමුත් වර්තමානයේ එම ඒකාධිකාරිය බිඳ වැටී ඇත. මෙහි ප්‍රධාන ගැනුම්කරුවන් වන්නේ එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, ජර්මනිය, ජපානය, බෙල්ජියම, දකුණු අප්‍රිකාව හා සිංගප්පූරුව යි. පැඟිරි ශාක කෘමිනාශක නිෂ්පාදනයට, සුවඳ විලවුන් නිෂ්පාදනයට, තීන්ත වර්ග නිෂ්පාදනයට, සබන් වර්ග නිෂ්පාදනයට භාවිතා කෙරේ.

මිට අමතරව සුළු අපනයන භෝග ලෙස පලතුරු සඳහා ද වෙළඳ පොළ නිර්මාණය වෙමින් පවතී. කජු, වැල් දොඩම්, ගර්කින්, පැණි කොමඩු ආදිය මේ සඳහා යොගා ගත හැක.

අපනයන කෘෂි බෝග ප්‍රවර්ධනය සදහා ඇති ප්‍රධානම රාජ්‍ය ආයතනය වන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යි. මෙය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතී. මෙහි කාර්යයන් ලෙස අපනයන කෘෂි බෝග සම්බන්ධව පර්යේෂණ කිරීම, වගා කටයුතු සදහා ගොවීන්ට අවශ්‍ය දැනුම හා සම්පත් ලබා දීම, උසස් තත්ත්වයේ අපනයන කෘෂි බෝග පැළ හා රෝපණ ද්‍රව්‍ය සැපයීම හා වගාව සම්බන්ධව පුහුණුව ලබා දීමයි.http://thewoman.lk/minor-export-crops/
 

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif