සූකර පෝතක ජාතකය

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සූකර පෝතක ජාතකය

    "සූකර පෝතක ජාතකය"
    ---------------------------
    සත්ව ගොවිපලකි ඌරන් ඇති කරන
    පැත්තක කිකිළියෝ වෙති බිත්තර දමන
    නගරෙම අවන් හල් තුළ ඉවතට හලන
    ඉඳුලින් සැදෙති පණුමුසු සූකර බොජුන



    දවසක් සත්ව හිංසා වලකන නඩයක්
    ඇද්දා ඌරු කෑමට එරෙහිව වලියක්
    මින්පසු නොදුන්නොත් ගැළපෙන රස අහරක්
    පැවසී අයිතිකරු හට පවරමි නඩුවක්



    සූකරයන්ට ලැබුණා රස මුසු අහර
    ඒ විතරක්ද ප්‍රමිතියකට දිය දහර
    දැන් උන් මසට නොව සී සෑමට කුඹුර
    වුව හරකුන්ට වැඩියෙන් ගැළපෙති මිතුර



    තුන් මාසෙකට පසු තව නඩයක් ආවා
    ඌරන් කන්නෙ මොනවාදැයි විමසූවා
    චීන අවන් හලකින් මම ගේ ගාවා
    ප්‍රයිඩ් රයිස් දෙමි ඕනර් තැන කීවා



    මිනිසුන් රටේ අපමණ තුන් වේල නැති
    ඉද්දී මෙතන ඌරෝ රජ කෑම කති
    මානව අයිතිනුත් උල්ලංගනය වෙති
    නඩුවක් යන්න මේ ටික හොඳටෝම ඇති



    කාලය ගත වුණා ඒකත් නතර වින
    දන්නා වැඩ දමා මිනිහත් ෂේප් වින
    සැප දුක යළිත් ඌරන්ගේ අසාගෙන
    පළවෙනි නඩේ ආයෙත් එහි ළඟා වින



    "සිම්පල් ඌරු රැළ දැන් මම පෙළට කර
    කැමතිම දෙයක් තොපි අරගෙන කාල වර
    කියලා සර් එක එකාගෙ මුඛය ඇර
    තියනව සීයෙ කොළයක් එහි උණ්ඩි කර"

    :D;):D