සූර සරදියෙල්

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH




    දීකිරිකෑවගේ සරදියෙල් හෙවත් උතුවන්කන්දේ සූර සරදියෙල් යනු බ්‍රිතාන්‍ය නීතිය අනුව කල්ලි නායකයෙකු මෙන්ම මංපහරන්නෙකු විය. පසු කලෙක ලංකා "රොබින් හුඩ්" ලෙසින්ද හැඳින්වුනු මොහුගේ චරිතය ආශ්‍රිතව සූර සරදියෙල් නමින් චිත්‍රපටයක්ද එලිදැක්විනි. සමහරුන් විසින් ඔහු බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට එරෙහිව ප්‍රාදේශීය ලෙසින් පැන නැගුනු කැරැලිකරුවෙකු ලෙසද සමහරුන් ඔහු නොපනත් මංපහරන්නෙකු ලෙසත් දකී.
    මුල් දිවිය

    කෑගල්ලේ උතුවන්කන්ද අසබඩට සංක්‍රමණය වී සිටි, දන්කොටුවේ, හාල්දඞුවන දුම්කොල වෙළෙන්දෙකුට දාව, 1832, මාර්තු 25 දින උපන් ඔහු, පවුලේ වැඩිමහල් දරුවා වූ අතර, ඉලුක්ගොඩ විහාරස්ථාන පාසැලෙහි අධ්‍යාපනය ලැබීය. සරදියෙල් බුද්ධිමත් ශිෂ්‍යයෙකු වුවත් හිතුවක්කාරයෙකු වූ අතර නිතර නිතර කලහ ඇති කර ගත්තේය. ඔහුගේ අධ්‍යාපනය එම ගමේ විදානේගේ සමීප ඥාතී වූ පොහොසත් පවුලක සිසුවෙකුට පහර දීම නිසා පොලීසියෙන් අත්අඩංගුවට ගෙන දඬුවම් කිරීමෙන් අනතුරුව නතර විය.
    නීතිභ්‍රෂ්ටයෙකු ලෙස


    උතුවන්කන්දේ සූර සරදියෙල් සහ ඔහුගේ සහචර මම්මලේ මරික්කාර් විසින් භාවිතා කෙරුණු වෙඩිබෙහෙත් කොටන ගිනිඅවි

    1- මම්මලේමරික්කාර් භාවිතා කල ගිනිඅවිය
    2- උතුවන්කන්දේ සූර සරදියෙල් භාවිතා කල ගිනිඅවිය




    සරදියෙල් කෙටි කලක් සොරකමෙහි යෙදුනද, ඔහු සොරකම් කල භාණ්ඩ දුගී ගම්වැසියන් අතර බෙදා දුන්නේය. කෙසේවෙතත් ගම් ප්‍රදේශය අතහැර කොළඹ වෙත පැමිණ ඔහු රයිපල බැරැක්කයෙහි බැරැක්ක ආවතේවකරුවෙකු ලෙසින් සේවයෙහි යෙදෙමින් , අවි පිළිබඳ මනා දැනුමක් ලැබූ අතර, එයින් පිටව යෑමට පෙර ගිනිඅවි කිහිපයක්ද රැගෙන ගියේය.
    ඉන් පසුව ඔහු මංකොල්ල කෑමට යොමු වූ අතර එහිදී දැක්වූ දක්ෂතා නිසාම නීතිභ්‍රෂ්ටයෙකු ලෙස සැලකිය යුතු අවධානයක් දිනා ගත්තේය. සරදියෙල්ට එම කාලයේදී පොහොසත් වෙළෙ‍ඳෙකු වූ නාටකෝටි චෙට්ටියාර් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර පසු අත් අඩංගුවට පත් විය. නමුත් සාක්ෂි ප්‍රමාණවත් නොවූ බැවින් ඔහුව නිදහස් කිරීමට අධිකරණයට සිදුවිය. පසුව මොල්ලිගොඩ වලව්ව කොල්ල කෑමේ හේතුවෙන් සරදියෙල් අත් අඩංගුවට ගැනීමට නැවතත් වරෙන්තු නිකුත් කරන ලදී. එබැවින් ඔහු එම ප්‍රදේශය අතහැර නැවතත් කෑගල්ලේ සිය පියා හමුවට පැමිණි අතර පියා සරදියෙල්ට නවාතැන් දීම ප්‍රතික්ෂේප කළේය. එබැවින් සරදියෙල් සිය සැඟවී සිටීමේ ස්ථානය ලෙස උතුවන්කන්ද ‍තෝරාගත්තේය.
    මීගමුවට ආසන්නයේදී පිලවත්තේදී සරදියෙල් කෝලාහයකට පැටලුණු අතර එහිදී පොලිස් ඔත්තුකරුවෙකුට පිහියෙන් ඇන මරා දැමීම හේතුවෙන් ඔහුව නැවතත් අත් අඩංගුවට ‍රැගෙන මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කර නඩු විමසීම උදෙසා කොළඹට ගෙන යන ලදී. නමුත් සරදියෙල් මහර බන්ධනාගාරයේ සිරගත කර සිටියදී ඉන් පැන ගිය අතර ඉතා ඉක්මනින් ඔහුව උතුවන්කන්දේදි අත් අඩංගුවට ගත් නමුත් එයින්ද පැන යාමට සමත් විය.
    උතුවන්කන්දට නැවත පැමිණීමෙන් අනතුරුව සරදියෙල් සිය සොර කල්ලිය සාදා ගත් අතර නුවර කොළඹ මහාමාර්ගයේ ගමන් කළ ගැල් සහ අශ්ව කරත්ත මංකොල්ල කෑම ආරම්භ කළේය. ඉතා ඉක්මණින් ඔහුගේ පහරදීම් රඹුක්කන, පොල්ගහවෙල මෙන්ම කුරුණෑගලටද ව්‍යාප්ත විය. මෙය සරදියෙල් දිවයින පුරාම ප්‍රචලිත වීමට මෙන්ම බ්‍රිතාන්‍ය පරිපාලනය විසින් එම ප්‍රදේශ වල පොලිස් බල ඇණි වැඩි වැඩියෙන් ස්ථාපනය කිරීමටද හේතු විය. සංචාරකයන් හට ආයුධ සන්නද්ධ භට පිරිස් ‍රැගත් රථ මඟින් ආරක්ෂාව සලසන ලදී.
    සරදියෙල් සිය මව බැලීමට ඇය විසූ නිවසට ගිය අවස්ථාවේ පොලීසිය එම නිවස වැටලූ අතර එහිදී ඇති වූ වෙඩි හුවමාරුවකින් පසු ඔහු ඉන් ගැලවී මාතලේට පැන ගියේය. මෙම අවස්ථාවේදී සිරිමලේ නම් සරදියෙල්ගේ කල්ලියේ සාමාජිකයෙකු කල්ලිය මගහැර පොලිස් ඔත්තුකරුවෙකු බවට පත්විය.
    අවසන් අත් අඩංගුවට ගැනීම සහ එල්ලා මැරීම

    1864 මාර්තු 21 වනදා සරදියෙල් මම්මලේ මරික්කාර් සමඟ මාවනැල්ලේ පිහිටි නිවසක සිටියදී ලැබුණු ඔත්තුවකට අනුව පොලිස් කණ්ඩායමක් විසින් එම නිවස වටලන ලදී. අහමත් සාජන්ට්වරයා සරදියෙල් වෙත වෙඩි තබා ඔහුට තුවාල සිදු කළ අතර මම්මලේ මරික්කාර්ගේ වෙඩි පහරකින් කොස්තාපල් ශබාන් ජීවිතක්ෂයට පත් විය. සාජන්ට් අහමත් විසින් නිවසෙන් පිටවීමට තිබූ එකම දොර‍ටුව ආරක්ෂා කරන අතර කෑගල්ල සහකාර රජයේ නියෝජිත එෆ්.ආර්. සෝන්ඩර්ස් ශ්‍රී ලංකා රයිෆල් බලකායේ පිරිසක් සමඟ එම ස්ථානයට ඉක්මනින් පැමිණියේය. තව දුරටත් විරෝධය පෑම නිශ්ඵල බව දු‍ටු සරදියෙල් සහ මම්මලේ යටත් වූහ. ඔවුන් දෙදෙනා මහනුවරට ‍රැගෙන යනු ලැබූ අතර විනිසුරු තොම්සන් සහ රජයේ නීතීඥ ලෙස රිචඩ් මෝර්ගන් සහ ඉංග්‍රීසි කතා කරන ජූරි සභාවක් ඉදිරියේ නඩුව විභාග කරන ලදී. ජූරිය විසින් ඔවුන් දෙදෙනා වැරදිකරුවන් ලෙස තීරණය කරන ලද අතර මරණ දණ්ඩනය නියම කරන ලදී. ඔවුන් 1864 මැයි 7 වනදා එල්ලුම් ගහ වෙත ගෙනයනු ලැබූ අතර විශාල ජනකායක් සරදියෙක් දැක ගැනීමට එහි පැමිණ සිටියහ. එල්ලීමට ප්‍රථම සරදියෙල් ‍රැස්ව සිටින ජනතාව ඇමතුවේය.
    පුරාවෘත්තය

    ඔහු විසින් කොල්ලකෑ බොහෝ වස්තුව, සරදියෙල් විසින් දුප්පතුන් අතර බොදා දෙන ලද අතර, කිසිවිටෙක ඔවුන්ගෙන් සොරකම් නොකලේය. මෙය නිසා "ලංකා රොබින්හුඩ්" ලෙසින් ඔහු හැඳින්විණි. ඔහුගේ ආක්‍රමණ වලින් බොහෝමයක් එල්ලවූයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් සහ එහි පහළ හා මධ්‍යම මට්ටම්හී වැජඹෙමින් ධනය රැස් කර ගත් යටත්විජිත පරිපාලනයේ ස්වදේශීය ආධාරකරුවන් වෙත බැවින්, දුගී ගම්වැසියන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ගැනුමට ඔහු සමත් විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔහුගේ ක්‍රියාවන් යුක්තිසහගත බවත්, සරදියෙල් යනු බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කැරලි ගැසූවකු මිස මංපහරන්නෙකු නොවන බවත්, බොහෝ දෙනා සලකති.
    සරදියෙල් අත්අඩංගුවට උත්සාහ දැරීමේ මෙහෙයුමේදී මිය ගිය කොස්තාපල් ෂබාන්, ක්‍රියාන්විතයේදී මිය ගිය පළමු ලාංකික පොලිස් භටයා වෙයි. . මේ අනුව, ශ්‍රී ලංකා පොලීසිය විසින් ඔවුන්ගේ මිය ගිය භටයන් සිහි කරන දිනය යෙදී ඇත්තේ මාර්තු 21 දිනදී වන්නේ කොස්තාපල් ෂබාන් මිය ගියේ 1864 මාර්තු 21 දිනදී වන බැවිනි.

    විකියෙන් ගත්තෙ.....
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    1-Soora-Saradiel.jpg
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara

    උතුවන්කන්දේ සූර සරදියෙල් සහ ඔහුගේ සහචර මම්මලේ මරික්කාර් විසින් භාවිතා කෙරුණු වෙඩිබෙහෙත් කොටන ගිනිඅවි

    1- මම්මලේමරික්කාර් භාවිතා කල ගිනිඅවිය
    2- උතුවන්කන්දේ සූර සරදියෙල් භාවිතා කල ගිනිඅවිය


    මෙක මම විකියට දාපු ෆොටෝ එකක් ELA ;) 7+