Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සෘණාත්මක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට අවුරුද්දකට විතර කලින් ලිව්ව තවත් කතාවක්...

බිලී කොකු

අලුත් අවුරුද්දට ලැබුනු නිවාඩු දින කිහිපයේ සුළු හෝ විවේකයක් ලබාගැනීමට අවස්ථාවක් නොලැබුණි.

අප්‍රේල් පළමු සතියේ පැවැත්වුනු අප දෙපළගේ විවාහ උත්සවය නිසා මාර්තු මාසයේ මුල් දින කිහිපයේ සිටම

ඊට වෙහෙසෙමින්, කාර්යබහුලව ගෙවා දැමීමට සිදුවිය.

"එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක්" න්‍යාය අනුගමනය කරනු වස් විවාහ උත්සවය අප්‍රේල් මාසයේ යොදාගැනීමට,

ඊට මාස කිහිපයකට පෙර සිටම මම සැලසුම් කරගෙන සිටියෙමි.

අවුරුදු නැකත් කෝණයට හසුවන බැවින් අප්‍රේල් මාසයේ විවාහයට සුදුසු නැකතක් සාදවා ගැනීම කළ නොහැකි බව

මුලින් පැවසුනු නමුත්, සැලකිය යුතු මුදලක් වියදම් කිරීමෙන් පසුව "විශේෂ නැකතක්" සාදවා ගැනීමට හැකිවීම ආශිර්වාදයක් විය.

විවාහයෙන් පසු දින කිහිපයක් මගේ දෙමව්පියන්ගේ නිවසේ නැවතුණු අප දෙදෙනා නව නිවසට ගෙවදුනේ

කිරි ඉතිරවීමේ අවුරුදු නැකතම යොදාගනිමිනි.

රැකියා ස්ථාන හරහා ලබාගත් ණය මුදල්වල ආනුභාවයෙන්, මීට මසකට පෙර ඉදිකිරීම් අවසන් කළ එම නිවස,

අංගසම්පූර්ණ නිවසක් ලෙස තුටු විය හැකි මට්ටමේ පැවතිණි.

පසුගිය දින කිහිපයේ යෙදී තිබුණු නෑදෑ ගමන් බිමන් නිසා හරිහැටි නින්දක් පවා නොලැබිණි.

කාර්යබහුල දින රටාව නිසා හෙම්බත්ව සිටි අපි ඉදිරියට යෙදී තිබූ නෑදෑ ගමන් පසුවට කල් දා ගැනීම සුදුසු බව තීරණය කළෙමු.

නමුත් ඒ වෙනුවෙන් ඉදිරියේදී නිවාඩු ලබාගැනීම ද පහසු කාර්යයක් නොවනු ඇත.

බිරිඳගේ රැකියා ස්ථානයේ අවුරුදු නිවාඩු දින අවසන් වීමට තවත් දින හයක පමණ කාලයක් ඉතිරිව තිබූ නමුත්

මට ලැබී තිබුනේ තවත් දින දෙකක කාලයක් පමණි. නැවතත් පෙර පරිදිම සාම්ප්‍රදායික ජීවන චක්‍රයට

යොමුවීමට ඇත්තේ තවත් පැය කිහිපයක් පමණක් බව සිහිවීමෙන්දෝ කාලයේ වටිනාකම තදින්ම සිතට දැනී තිබුණි.

නවීන අංගෝපාංගයන්ගෙන් සපිරි නිවසේ බඩුමුට්ටු පිරී පැවති නමුත් පිළිවෙලක් දැකිය නොහැකි විය.

ගෙට ගෙවදුනු දිනවල හදිසියේ ගෙනවිත් තැබූ බඩු භාණ්ඩ තවමත් ඒ ඒ තැන්වලමය.

මේ නිසා ඉතිරි නිවාඩු දෙදින, අන් සියළු කාර්යයන් පසෙකලා හැඩි වී තිබූ නිවස අස්පස් කිරීමට අපි සැලසුම් කරගෙන සිටියෙමු.

කෑම කාමරයේ මුල්ලකට වන්නට තබා තිබූ තරමක් විශාල කාඩ්බෝඩ් පෙට්ටි කිහිපයක් පිළිබඳ මගේ අවධානය යොමුවූයේ

එදින උදෑසන ආහාර ගන්නා අතරතුරය. ඒවායේ අන්තර්ගතය පිළිබඳ නිශ්චිත මතකයක් නොවූයෙන්,

ආහාර අනුභවයෙන් අනතුරුව ඒවා එකින් එක විවෘත කර බැලුවෙමි.

වසර කිහිපයකට පෙර පාසල් අධ්‍යාපනය ලබන අවධියේ භාවිතා කළ ලිපි ලේඛන, සටහන් ආදියෙන් ඒවා පිරී තිබුණි.

ඒ අතරින් අනවශ්‍ය සියල්ල ඉවර කර පුළුස්සා දැමිය යුතු බව මගේ තීරණය විය.

කාඩ්බෝඩ් පෙට්ටි එකින් එක ගෙනවිත් සාලයේ මැද්දට වන්නට තබාගෙන බිම වාඩිගත් මම,

ඒ සියල්ල බිමට හලා පරීක්ෂා කරමින් අවශ්‍ය හා අනවශ්‍ය ලෙස කොටස් දෙකකට බෙදුවෙමි.

"දවල්ටත් බත් ඉතුරු නිසා ආයේ උයන්න ඕනේ නෑ නේද?

ඕනේ නම් තව මොනවා හරි කඩෙන් ගේමු... එතකොට මටත් අස් කරන්න ආවහැකි..."

තර්ක ශාස්ත්‍රය සම්බන්ධ සටහන් ඇතුළත් පොතක් පෙරළමින් සිටි මම ඇගේ අදහසට එකඟත්වය පළකලෙමි.

"මේ ඔයා ඒ කාලේ ලියලා තියන සමහර ඒවා හරි අමුතුයි..."

මොහොතකට පසු මා විසින් ලියූ පැරණි දිනපොතක් පෙරළමින් සිටි ඈ පැවසුවාය.

"ඔන්න ඕකත් අර පුච්චන ගොඩට දාන්න..."

බොඳ වූ අකුරු සහිත තැනින් තැන ඉරී තිබුණු සටහන් කිහිපයක් ඉවතලන ගොඩට විසිකරමින් මම පැවසුවෙමි.

"අපරාදේ! පුච්චන්න එපා... ඔයාට එපා නම් මං තියාගන්නම්... මෙන්න ඒ වගේ තව එකක්...

මේ පිටුවේ උඩින්ම ලියලා තියනවා බිලීකොකු කියලා. මාතෘකාව වගේ... ඊට පස්සේ තියනවා 'කුසලයාණෝ නිවැරදිය...' ඒ මොකක්ද ඒ?"

"ඒ කාලේ ඔළුවට එන හැම මඟුලම ලියනවා... ඕවා එච්චර හිතට ගන්න එපා... "

ඇගේ විමසීමට බාධා කරමින් මම පැවසුවෙමි.

"මාත් ඉස්සර නිදහස් වෙලාවට කවි හෙම ලිව්වා... ඒ කාලේ හිතේ නිදහස තිබුනා..."

ඇය දැඩි සංවේගයෙන් සුසුමක් පිට කළාය.

"දැන් කවි ලියන්න තියා කෑමක් ගන්නවත් නිදහසක් නෑ.

වෙලාවකට හිතෙනවා මේ තරම් නැහෙන්නේ මොකටද කියලා.

සල්ලි කොච්චර හෙවුවත් හිතේ නිදහසක් නෑ.

ඒක නෙවෙයි, ඇත්තටම මොකක් නිසාද මේක ලිව්වේ? ඒ කාලේ කෙල්ලෙක්ටවත් රැවටුනාද?"

ඇගේ මුහුණේ මඳ සිනහවක් රැඳී තිබුණි. ඇය සඳහන් කළ දින සටහන පිළිබඳ කිසිදු මතකයක් මා

සතුව නොවූ බැවින්, එය කියවා බැලීමේ අදහසින් ඇගෙන් පොත උදුරා ගතිමි.

එම පිටුවේ ඉහළින්ම "බිලී කොකු" යනුවෙන් සටහන් කර තිබුනේ තරමක් විශාල අකුරෙනි.

කළු පැහැති තීන්තෙන් වෙනස්ම හැඩතල යොදමින් ලියා තිබූ එය, එකල මා විසින්ම සකසා ගත් අකුරු

ආකෘතියකින් හැඩ ගැන්වී තිබුණි. ඊට පහළින් නිල් පැහැ අකුරෙන් ලියා තිබූ ඡේදය,

එම පිටුව ආවරණය වන සේ පැතිරී තිබුණි.

"කුසලයාණෝ නිවැරදිය... බොහෝ මිනිසුන් තමා මනුෂ්‍ය යහගුණයන්ගෙන් හෙබි අයෙකු බව ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කරති.

මෙසේ රඟදක්වන්නා වූ යහගුණ, තමාගේ ලාභය, වාසිය තකා ඇමක් ලෙස යොදාගැනීමට තරම්

ඔවුහු සමර්ථයෝ වෙති."

ප්‍රථමයෙන් ම මගේ මුවඟට සිනහවක් ගෙන ඒමට එම සටහන සමත් විය.

"මේ කුසලයාණෝ කියලා තියෙන්නේ 'කුසල්' කියලා මගේ යාළුවෙක් හිටියා ඌ ගැන..."

සිනහව අතරින් මම පැවසුවෙමි.

නමුත් මොහොතකට පසු මෙය ලිවීමට හේතු වූ අතීතය සිහිපත් වූ බැවින්

හේතුවක් පැහැදිලි කළ නොහැකි ආකාරයේ සංවේගය මුසු හැඟීමක් සිත තුළ මතුව තිබුණි.

එකල මම රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි අතර ආයතන කිහිපයකම සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වූ නමුත්

සතුටුදායක ප්‍රතිචාරයක් ලැබී නොතිබිණි.

මේ අතරවාරයේ දිනක මා සොයා පැමිණි 'විරාජ්' නම් පාසල් මිතුරෙකි.

පාසල් ජීවිතය අවසන් කර ඒ වන විට වසර තුනක් ඉක්ම ගොස් තිබුනු නමුත්, ඒ කාලය තුළ ඔහු මුණගැසී තිබුනේ

වරක් දෙවරක් පමණි.

ඔහු පැමිණ තිබුනේ එකල තරුණයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වූ යතුරුපැදියක ධාවකයා බවට පත්වෙමිනි.

"ඔන්න මචං, උඹට ලොකු ගිෆ්ට් එකක් අරන් ආවේ. කුසලයා කිව්වා උඹ ජොබක් හොය හොයා ඉන්නේ කියලා...

උඹ හෙටම වරෙන් අපේ ඔෆිස් එකට... මං ඔක්කොම සෙට් කරලා තියෙන්නේ..."

"මොකක්ද ජොබ් එක?"

"උඹ හොයන සයිඩ් එකේම තමයි... උඹ වරෙන්කෝ..."

ඉන් දින කිහපයකට පසු කුසල් මුණගැසුනේ ඔහුගේ නිවසේ පැවති දානමය පිංකමක් හේතුවෙනි.

බොහොමයක් මිතුරන් අතර ඔහු පිළිබඳ පැවතියේ යහපත් ආකල්පයක් නොවේ.

"සෘණාත්මක, කුහක අදහස් දරන පිස්සෙක්" ලෙස ඔහු ඉදිරියේම පවා බැණ වැදීමට තරම් ඇතැමුන් කටයුතු කළේය.

"මිත්‍රයා... මේ ලොකේ මිනිස්සු ගොඩක් වෙලාවට උදව්වක් කරන්නේ අවංක හැඟීමෙන් නෙවෙයි.

එතන තියනවා නැවත උදව්වක බලාපොරොත්තුවක්.

ගොඩක් වෙලාවට උදව් කරන්න මතක් වෙන්නේ උන්ට උදව්වක් ඕනේ වුනාම...

උඹට මං කියන්නද දෙයක්... මේක නිකමට කරලා බලපං...

උදව්ව ලබන කෙනාවත් දැන ගන්නේ නැති විදියට කාට හරි උදව්වක් කරලා බලපං දවසක...

උඹ ළඟ මනුස්සකම ටිකක් හරි තියනම් උඹට දැනෙයි කියලා නිම කරන්න බැරි සතුටක්..."

"ඒ වුනාට මචං... අවංකව උදව් කරන හොඳ උනුත් ඉන්නවා..." මම කීවෙමි.

"හොඳ උන් නැතුව නෙවෙයි... ඒත් මං කිව්වේ බහුතරය ගැන..."

"අන්න! ඒ අවංක සුළුතර අතර ඉන්න එකෙක් තමයි මචං විරාජයා...

ඌ ඉස්කෝලේ කාලේ යාළුවෙක් වෙන්න ඇත්තේ මගේ පෙර පිනකට...

මං රස්සාවක් හොයනවා කියලා උඹෙන් දැනගෙන, ගෙදරටම ඇවිත් ඌ ජොබ් එක දීලා ගියා කියහංකෝ!"

එවර ඔහු උපහාසය හඟවමින් මහ හඬින් සිනහසුනේය.

"බම්බුව තමා!  අනේ යකෝ, තොපි තාම පොඩි වැඩියි මේ ලෝකෙට...

ඌ තොට ජොබ් එක හොයලා දුන්නේ උඹ ගැන අනුකම්පාවෙන් නෙවෙයි.

ඌට පඩි වැඩි වෙන හින්දා... උඹ එතන වැඩට ගියාම උගේ පඩිය තුන් හතර දාහකින් වැඩි වෙනවා...

හෙහ් හේ...  ඔය වගේ එකෙක්වත් විශ්වාස කරන්න එපා මිත්‍රයා...

උන්ට ගානක් එනවා නම් උඹව ජොබෙන් අයින් කරන එකත් උන්ම කරයි."

"එහෙමත් එකක්ද?  කමක් නෑ මචං... මට ජොබක් හම්බවුනානේ... ඌටත් ඉතින් වාසියක් තියෙන්න එපැයි..."

"උඹත් අහුවෙලා, ඌත් අහුවෙලා... උඹලා ඉන්නේ බේරෙන්න අමාරු ගැටේකට අහුවෙලා පැටලිලා...

හැබැයි උඹලා ඒ විදියට අහුවුන නිසා තමයි ලෝකේ මේ විදියට පවතින්නේ...

ඇත්තම කිව්වොත් උඹලා ලෝකෙට ඕනේ. ගොඩක් උන්ට මේ ඇත්ත කොච්චර තිත්තද කියනවා නම්

උන් හිත හදාගන්නේ මට පිස්සු කියලා. නිකමට හිතපං... විරාජයා වැඩකරන තැනින්,

ඌට ලක්ෂ හතක් අටක් වෙන බයික් එකක්, අඩුපොලියට ගෙවන්න හදලා දෙන්න ඇත්තේ ඌට තියන ආදරේකට ද?"

ඔහුගේ වචන වල ගැබ් වී තිබුනේ උපහාසයකි.

"ඒ තමා මිත්‍රයා, බිලී කොකු..." මා වෙත මුහුණ ළං කළ කුසල් තවදුරටත් පැවසුවේ රහසක් මුමුණන ස්වරූපයෙනි.

මෙම සිදුවීමට සවන් දුන් ඇය, තරමක් විශ්මිත දෑසින් බලා සිට "බිලීකොකු" යනුවෙන් සෙමින් මිමිණුවාය.

"එතකොට ඔයා දැන් වැඩකරන තැනමද ඔය?" ඇය විමසුවාය.

"අහ්! නෑ... ඒකේ අවුරුදු එකහමාරක් විතර හිටියා...

ඒ අතරේ දැන් ඉන්න තැනින් කතා කරලා කිව්වා පඩි වැඩි කරලා දෙන්නම් එන්න කියලා.

ඉතින් අරකට බොරුවක් ගහලා මේකට පැන්නා..."

"මේ ලෝකේ හරි පුදුමයි නේ..." අවසානයේ ඇය මිමිණුවාය.

"හ්ම්" මම කිසිවක් නොකීවෙමි.

පිට දිගේ ඉහළට දිවෙන සියුම් වේදනාවක් වරින්වර මතුවූයේ බිම හිඳ සිටි ඉරියව්ව නිවැරදි නොවූ බැවින් විය යුතුය.

තවදුරටත් එසේ සිටීම අපහසු වූ බැවින් හිඳ සිටි තැනින් නැඟිට අසල තිබූ සැපපහසු සෝපාවේ වාඩි වූයෙමි.

"අපි තේකක් බොමුද? මහන්සියි..."

"හ්ම්... මං හීටරේ ගහලා එන්නම්..." ඇය මුළුතැන්ගෙය දෙසට පිය නැඟුවාය.

බිම තිබූ දිනපොතේ පෙරකී පිටුව තවමත් එලෙසම පෙරලී ඇත.

එය නැවත කියවීමට ආශාවක් උපන් බැවින්, සෝපාවේ හිඳගෙනම බිමට නැවී, දිනපොත අතට ගෙන,

ඉන්පසු සෝපාවේ හාන්සි වූවෙමි.

එහි අකුරක් දකින වාරයක් පාසා පැහැදිලි කිරීමට අපහසු කුමක්දෝ කණගාටුවක් සිත තුළ නළියමින් තිබේ.

නැවතත් දිනපොතක් ලිවීම ආරම්භ කළ යුතුයැයි මම ඉටා ගත්තෙමි.

පුරුද්දට මෙන් ඊළඟ පිටුව පෙරලූ විට දැකිය හැකි වූයේ පෙර පිටුවේ සඳහන් වූ,

බිරිඳ විසින් කියවූ අදහස් හා සම්බන්ධ තවත් ඡේදයක් එම පිටුවේද ලියා ඇති බවයි.

"නමුත්, බිලී කොකු යනු මාළුබාන්නා විසින් යොදාගත් උපක්‍රමයේ එක්තරා කොටසක් පමණක් බවත්,

සැබැවින්ම වාසියේ හිමිකරු වන්නේ මාළුබාන්නා පමණක් බවත්

බොහෝවිට බීලීකොකු විසින් නොදන්නේය."

ඊළඟ පිටුවද පෙරලා බැලූ මුත් ඉන්පසු එම දිනපොතේ කිසිවක් සටහන්ව නොතිබිණි.

"උඹ බිලීකොක්කක්... බිලීකොක්කක් වෙච්ච වහලෙක්..."

සිත පත්ලේ අහුමුල්ලක සිට කවුරුන් හෝ රහසින් මෙන්, නොනවත්වා ආවේගශීලීව මුමුණන හඬ මට ඇසෙන්නට විය.

[QUOTE="Dishta Didin, post: 24043433, member: 555482"] [SIZE="3"]දැනට අවුරුද්දකට විතර කලින් ලිව්ව තවත් කතාවක්... :D[/SIZE] [SIZE="5"]බිලී කොකු[/SIZE] [SIZE="3"]අලුත් අවුරුද්දට ලැබුනු නිවාඩු දින කිහිපයේ සුළු හෝ විවේකයක් ලබාගැනීමට අවස්ථාවක් නොලැබුණි. අප්‍රේල් පළමු සතියේ පැවැත්වුනු අප දෙපළගේ විවාහ උත්සවය නිසා මාර්තු මාසයේ මුල් දින කිහිපයේ සිටම ඊට වෙහෙසෙමින්, කාර්යබහුලව ගෙවා දැමීමට සිදුවිය. "එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක්" න්‍යාය අනුගමනය කරනු වස් විවාහ උත්සවය අප්‍රේල් මාසයේ යොදාගැනීමට, ඊට මාස කිහිපයකට පෙර සිටම මම සැලසුම් කරගෙන සිටියෙමි. අවුරුදු නැකත් කෝණයට හසුවන බැවින් අප්‍රේල් මාසයේ විවාහයට සුදුසු නැකතක් සාදවා ගැනීම කළ නොහැකි බව මුලින් පැවසුනු නමුත්, සැලකිය යුතු මුදලක් වියදම් කිරීමෙන් පසුව "විශේෂ නැකතක්" සාදවා ගැනීමට හැකිවීම ආශිර්වාදයක් විය. :cool: විවාහයෙන් පසු දින කිහිපයක් මගේ දෙමව්පියන්ගේ නිවසේ නැවතුණු අප දෙදෙනා නව නිවසට ගෙවදුනේ කිරි ඉතිරවීමේ අවුරුදු නැකතම යොදාගනිමිනි. රැකියා ස්ථාන හරහා ලබාගත් ණය මුදල්වල ආනුභාවයෙන්, මීට මසකට පෙර ඉදිකිරීම් අවසන් කළ එම නිවස, අංගසම්පූර්ණ නිවසක් ලෙස තුටු විය හැකි මට්ටමේ පැවතිණි. පසුගිය දින කිහිපයේ යෙදී තිබුණු නෑදෑ ගමන් බිමන් නිසා හරිහැටි නින්දක් පවා නොලැබිණි. කාර්යබහුල දින රටාව නිසා හෙම්බත්ව සිටි අපි ඉදිරියට යෙදී තිබූ නෑදෑ ගමන් පසුවට කල් දා ගැනීම සුදුසු බව තීරණය කළෙමු. නමුත් ඒ වෙනුවෙන් ඉදිරියේදී නිවාඩු ලබාගැනීම ද පහසු කාර්යයක් නොවනු ඇත. බිරිඳගේ රැකියා ස්ථානයේ අවුරුදු නිවාඩු දින අවසන් වීමට තවත් දින හයක පමණ කාලයක් ඉතිරිව තිබූ නමුත් මට ලැබී තිබුනේ තවත් දින දෙකක කාලයක් පමණි. නැවතත් පෙර පරිදිම සාම්ප්‍රදායික ජීවන චක්‍රයට යොමුවීමට ඇත්තේ තවත් පැය කිහිපයක් පමණක් බව සිහිවීමෙන්දෝ කාලයේ වටිනාකම තදින්ම සිතට දැනී තිබුණි. නවීන අංගෝපාංගයන්ගෙන් සපිරි නිවසේ බඩුමුට්ටු පිරී පැවති නමුත් පිළිවෙලක් දැකිය නොහැකි විය. ගෙට ගෙවදුනු දිනවල හදිසියේ ගෙනවිත් තැබූ බඩු භාණ්ඩ තවමත් ඒ ඒ තැන්වලමය. මේ නිසා ඉතිරි නිවාඩු දෙදින, අන් සියළු කාර්යයන් පසෙකලා හැඩි වී තිබූ නිවස අස්පස් කිරීමට අපි සැලසුම් කරගෙන සිටියෙමු. කෑම කාමරයේ මුල්ලකට වන්නට තබා තිබූ තරමක් විශාල කාඩ්බෝඩ් පෙට්ටි කිහිපයක් පිළිබඳ මගේ අවධානය යොමුවූයේ එදින උදෑසන ආහාර ගන්නා අතරතුරය. ඒවායේ අන්තර්ගතය පිළිබඳ නිශ්චිත මතකයක් නොවූයෙන්, ආහාර අනුභවයෙන් අනතුරුව ඒවා එකින් එක විවෘත කර බැලුවෙමි. වසර කිහිපයකට පෙර පාසල් අධ්‍යාපනය ලබන අවධියේ භාවිතා කළ ලිපි ලේඛන, සටහන් ආදියෙන් ඒවා පිරී තිබුණි. ඒ අතරින් අනවශ්‍ය සියල්ල ඉවර කර පුළුස්සා දැමිය යුතු බව මගේ තීරණය විය. කාඩ්බෝඩ් පෙට්ටි එකින් එක ගෙනවිත් සාලයේ මැද්දට වන්නට තබාගෙන බිම වාඩිගත් මම, ඒ සියල්ල බිමට හලා පරීක්ෂා කරමින් අවශ්‍ය හා අනවශ්‍ය ලෙස කොටස් දෙකකට බෙදුවෙමි. "දවල්ටත් බත් ඉතුරු නිසා ආයේ උයන්න ඕනේ නෑ නේද? ඕනේ නම් තව මොනවා හරි කඩෙන් ගේමු... එතකොට මටත් අස් කරන්න ආවහැකි..." තර්ක ශාස්ත්‍රය සම්බන්ධ සටහන් ඇතුළත් පොතක් පෙරළමින් සිටි මම ඇගේ අදහසට එකඟත්වය පළකලෙමි. :D "මේ ඔයා ඒ කාලේ ලියලා තියන සමහර ඒවා හරි අමුතුයි..." මොහොතකට පසු මා විසින් ලියූ පැරණි දිනපොතක් පෙරළමින් සිටි ඈ පැවසුවාය. "ඔන්න ඕකත් අර පුච්චන ගොඩට දාන්න..." බොඳ වූ අකුරු සහිත තැනින් තැන ඉරී තිබුණු සටහන් කිහිපයක් ඉවතලන ගොඩට විසිකරමින් මම පැවසුවෙමි. "අපරාදේ! පුච්චන්න එපා... ඔයාට එපා නම් මං තියාගන්නම්... මෙන්න ඒ වගේ තව එකක්... මේ පිටුවේ උඩින්ම ලියලා තියනවා බිලීකොකු කියලා. මාතෘකාව වගේ... ඊට පස්සේ තියනවා 'කුසලයාණෝ නිවැරදිය...' ඒ මොකක්ද ඒ?" "ඒ කාලේ ඔළුවට එන හැම මඟුලම ලියනවා... ඕවා එච්චර හිතට ගන්න එපා... " ඇගේ විමසීමට බාධා කරමින් මම පැවසුවෙමි. "මාත් ඉස්සර නිදහස් වෙලාවට කවි හෙම ලිව්වා... ඒ කාලේ හිතේ නිදහස තිබුනා..." ඇය දැඩි සංවේගයෙන් සුසුමක් පිට කළාය. :( "දැන් කවි ලියන්න තියා කෑමක් ගන්නවත් නිදහසක් නෑ. වෙලාවකට හිතෙනවා මේ තරම් නැහෙන්නේ මොකටද කියලා. සල්ලි කොච්චර හෙවුවත් හිතේ නිදහසක් නෑ. ඒක නෙවෙයි, ඇත්තටම මොකක් නිසාද මේක ලිව්වේ? ඒ කාලේ කෙල්ලෙක්ටවත් රැවටුනාද?" :P ඇගේ මුහුණේ මඳ සිනහවක් රැඳී තිබුණි. ඇය සඳහන් කළ දින සටහන පිළිබඳ කිසිදු මතකයක් මා සතුව නොවූ බැවින්, එය කියවා බැලීමේ අදහසින් ඇගෙන් පොත උදුරා ගතිමි. එම පිටුවේ ඉහළින්ම "බිලී කොකු" යනුවෙන් සටහන් කර තිබුනේ තරමක් විශාල අකුරෙනි. කළු පැහැති තීන්තෙන් වෙනස්ම හැඩතල යොදමින් ලියා තිබූ එය, එකල මා විසින්ම සකසා ගත් අකුරු ආකෘතියකින් හැඩ ගැන්වී තිබුණි. ඊට පහළින් නිල් පැහැ අකුරෙන් ලියා තිබූ ඡේදය, එම පිටුව ආවරණය වන සේ පැතිරී තිබුණි. "කුසලයාණෝ නිවැරදිය... බොහෝ මිනිසුන් තමා මනුෂ්‍ය යහගුණයන්ගෙන් හෙබි අයෙකු බව ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කරති. මෙසේ රඟදක්වන්නා වූ යහගුණ, තමාගේ ලාභය, වාසිය තකා ඇමක් ලෙස යොදාගැනීමට තරම් ඔවුහු සමර්ථයෝ වෙති." ප්‍රථමයෙන් ම මගේ මුවඟට සිනහවක් ගෙන ඒමට එම සටහන සමත් විය. :D "මේ කුසලයාණෝ කියලා තියෙන්නේ 'කුසල්' කියලා මගේ යාළුවෙක් හිටියා ඌ ගැන..." සිනහව අතරින් මම පැවසුවෙමි. නමුත් මොහොතකට පසු මෙය ලිවීමට හේතු වූ අතීතය සිහිපත් වූ බැවින් හේතුවක් පැහැදිලි කළ නොහැකි ආකාරයේ සංවේගය මුසු හැඟීමක් සිත තුළ මතුව තිබුණි. :sorry: එකල මම රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි අතර ආයතන කිහිපයකම සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වූ නමුත් සතුටුදායක ප්‍රතිචාරයක් ලැබී නොතිබිණි. මේ අතරවාරයේ දිනක මා සොයා පැමිණි 'විරාජ්' නම් පාසල් මිතුරෙකි. පාසල් ජීවිතය අවසන් කර ඒ වන විට වසර තුනක් ඉක්ම ගොස් තිබුනු නමුත්, ඒ කාලය තුළ ඔහු මුණගැසී තිබුනේ වරක් දෙවරක් පමණි. ඔහු පැමිණ තිබුනේ එකල තරුණයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වූ යතුරුපැදියක ධාවකයා බවට පත්වෙමිනි. "ඔන්න මචං, උඹට ලොකු ගිෆ්ට් එකක් අරන් ආවේ. කුසලයා කිව්වා උඹ ජොබක් හොය හොයා ඉන්නේ කියලා... උඹ හෙටම වරෙන් අපේ ඔෆිස් එකට... මං ඔක්කොම සෙට් කරලා තියෙන්නේ..." "මොකක්ද ජොබ් එක?" "උඹ හොයන සයිඩ් එකේම තමයි... උඹ වරෙන්කෝ..." ඉන් දින කිහපයකට පසු කුසල් මුණගැසුනේ ඔහුගේ නිවසේ පැවති දානමය පිංකමක් හේතුවෙනි. බොහොමයක් මිතුරන් අතර ඔහු පිළිබඳ පැවතියේ යහපත් ආකල්පයක් නොවේ. "සෘණාත්මක, කුහක අදහස් දරන පිස්සෙක්" ලෙස ඔහු ඉදිරියේම පවා බැණ වැදීමට තරම් ඇතැමුන් කටයුතු කළේය. "මිත්‍රයා... මේ ලොකේ මිනිස්සු ගොඩක් වෙලාවට උදව්වක් කරන්නේ අවංක හැඟීමෙන් නෙවෙයි. එතන තියනවා නැවත උදව්වක බලාපොරොත්තුවක්. ගොඩක් වෙලාවට උදව් කරන්න මතක් වෙන්නේ උන්ට උදව්වක් ඕනේ වුනාම... උඹට මං කියන්නද දෙයක්... මේක නිකමට කරලා බලපං... උදව්ව ලබන කෙනාවත් දැන ගන්නේ නැති විදියට කාට හරි උදව්වක් කරලා බලපං දවසක... උඹ ළඟ මනුස්සකම ටිකක් හරි තියනම් උඹට දැනෙයි කියලා නිම කරන්න බැරි සතුටක්..." "ඒ වුනාට මචං... අවංකව උදව් කරන හොඳ උනුත් ඉන්නවා..." මම කීවෙමි. "හොඳ උන් නැතුව නෙවෙයි... ඒත් මං කිව්වේ බහුතරය ගැන..." "අන්න! ඒ අවංක සුළුතර අතර ඉන්න එකෙක් තමයි මචං විරාජයා... ඌ ඉස්කෝලේ කාලේ යාළුවෙක් වෙන්න ඇත්තේ මගේ පෙර පිනකට... මං රස්සාවක් හොයනවා කියලා උඹෙන් දැනගෙන, ගෙදරටම ඇවිත් ඌ ජොබ් එක දීලා ගියා කියහංකෝ!" එවර ඔහු උපහාසය හඟවමින් මහ හඬින් සිනහසුනේය. :lol: "බම්බුව තමා! :rofl: අනේ යකෝ, තොපි තාම පොඩි වැඩියි මේ ලෝකෙට... ඌ තොට ජොබ් එක හොයලා දුන්නේ උඹ ගැන අනුකම්පාවෙන් නෙවෙයි. ඌට පඩි වැඩි වෙන හින්දා... උඹ එතන වැඩට ගියාම උගේ පඩිය තුන් හතර දාහකින් වැඩි වෙනවා... හෙහ් හේ... :D ඔය වගේ එකෙක්වත් විශ්වාස කරන්න එපා මිත්‍රයා... :no: උන්ට ගානක් එනවා නම් උඹව ජොබෙන් අයින් කරන එකත් උන්ම කරයි." "එහෙමත් එකක්ද? :shocked: කමක් නෑ මචං... මට ජොබක් හම්බවුනානේ... ඌටත් ඉතින් වාසියක් තියෙන්න එපැයි..." :nerd: "උඹත් අහුවෙලා, ඌත් අහුවෙලා... උඹලා ඉන්නේ බේරෙන්න අමාරු ගැටේකට අහුවෙලා පැටලිලා... හැබැයි උඹලා ඒ විදියට අහුවුන නිසා තමයි ලෝකේ මේ විදියට පවතින්නේ... ඇත්තම කිව්වොත් උඹලා ලෝකෙට ඕනේ. ගොඩක් උන්ට මේ ඇත්ත කොච්චර තිත්තද කියනවා නම් උන් හිත හදාගන්නේ මට පිස්සු කියලා. නිකමට හිතපං... විරාජයා වැඩකරන තැනින්, ඌට ලක්ෂ හතක් අටක් වෙන බයික් එකක්, අඩුපොලියට ගෙවන්න හදලා දෙන්න ඇත්තේ ඌට තියන ආදරේකට ද?" :lol: ඔහුගේ වචන වල ගැබ් වී තිබුනේ උපහාසයකි. :dull: "ඒ තමා මිත්‍රයා, බිලී කොකු..." මා වෙත මුහුණ ළං කළ කුසල් තවදුරටත් පැවසුවේ රහසක් මුමුණන ස්වරූපයෙනි. මෙම සිදුවීමට සවන් දුන් ඇය, තරමක් විශ්මිත දෑසින් බලා සිට "බිලීකොකු" යනුවෙන් සෙමින් මිමිණුවාය. "එතකොට ඔයා දැන් වැඩකරන තැනමද ඔය?" ඇය විමසුවාය. "අහ්! නෑ... ඒකේ අවුරුදු එකහමාරක් විතර හිටියා... ඒ අතරේ දැන් ඉන්න තැනින් කතා කරලා කිව්වා පඩි වැඩි කරලා දෙන්නම් එන්න කියලා. ඉතින් අරකට බොරුවක් ගහලා මේකට පැන්නා..." "මේ ලෝකේ හරි පුදුමයි නේ..." අවසානයේ ඇය මිමිණුවාය. ;) "හ්ම්" මම කිසිවක් නොකීවෙමි. පිට දිගේ ඉහළට දිවෙන සියුම් වේදනාවක් වරින්වර මතුවූයේ බිම හිඳ සිටි ඉරියව්ව නිවැරදි නොවූ බැවින් විය යුතුය. තවදුරටත් එසේ සිටීම අපහසු වූ බැවින් හිඳ සිටි තැනින් නැඟිට අසල තිබූ සැපපහසු සෝපාවේ වාඩි වූයෙමි. "අපි තේකක් බොමුද? මහන්සියි..." "හ්ම්... මං හීටරේ ගහලා එන්නම්..." ඇය මුළුතැන්ගෙය දෙසට පිය නැඟුවාය. බිම තිබූ දිනපොතේ පෙරකී පිටුව තවමත් එලෙසම පෙරලී ඇත. එය නැවත කියවීමට ආශාවක් උපන් බැවින්, සෝපාවේ හිඳගෙනම බිමට නැවී, දිනපොත අතට ගෙන, ඉන්පසු සෝපාවේ හාන්සි වූවෙමි. එහි අකුරක් දකින වාරයක් පාසා පැහැදිලි කිරීමට අපහසු කුමක්දෝ කණගාටුවක් සිත තුළ නළියමින් තිබේ. :dull: නැවතත් දිනපොතක් ලිවීම ආරම්භ කළ යුතුයැයි මම ඉටා ගත්තෙමි. පුරුද්දට මෙන් ඊළඟ පිටුව පෙරලූ විට දැකිය හැකි වූයේ පෙර පිටුවේ සඳහන් වූ, බිරිඳ විසින් කියවූ අදහස් හා සම්බන්ධ තවත් ඡේදයක් එම පිටුවේද ලියා ඇති බවයි. "නමුත්, බිලී කොකු යනු මාළුබාන්නා විසින් යොදාගත් උපක්‍රමයේ එක්තරා කොටසක් පමණක් බවත්, සැබැවින්ම වාසියේ හිමිකරු වන්නේ මාළුබාන්නා පමණක් බවත් බොහෝවිට බීලීකොකු විසින් නොදන්නේය." ඊළඟ පිටුවද පෙරලා බැලූ මුත් ඉන්පසු එම දිනපොතේ කිසිවක් සටහන්ව නොතිබිණි. "උඹ බිලීකොක්කක්... බිලීකොක්කක් වෙච්ච වහලෙක්..." :angry: සිත පත්ලේ අහුමුල්ලක සිට කවුරුන් හෝ රහසින් මෙන්, නොනවත්වා ආවේගශීලීව මුමුණන හඬ මට ඇසෙන්නට විය. :dull:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom