සෙංකඩගල මැණිකේ දවස් 4න් විනාශ කළ අපේ මිනිස&#35

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    සෙංකඩගල මැණිකේ දවස් 4න් විනාශ කළ අපේ මිනිස&#35

    සෙංකඩගල මැණිකේ දවස් 4න් විනාශ කළ අපේ මිනිස්සු

    දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නවීකරණය කරන ලද සෙංකඩගල මැණිකේ හා මහනුවර - මාතර දුම්රියන් සඳහා ඉකුත් දා යෙදවූ දුම්රිය මැදිරිවලට දුම්රිය මගීන් විවිධ අලාභහානි සිදුකර තිබේ.

    මෙම එක් මැදිරියක් නවීකරණය වෙනුවෙන් රුපියල් මිලියන 14ක පමණ මුදලක් වැය කර ඇති අතර ඒවා ධාවනයට යොදවා දින 4ක් පමණ ගතවන විටම අගුල් කඩා, සීට් පුළුස්සා, වැසිකිලිවල සබන් රඳවන ගලවා දමා, තැන තැන ආහාර කැබලි ආදිය දමා විනාශ කර තිබෙන බව වාර්තා වේ.

    දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අයවැය යෝජනාවකට අනුව ක‍්‍රියාත්මක කළ පැරණි හා අබලන් වූ දුම්රිය මැදිරි 200ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ තන්ත්‍රී සමාගම විසින් නවීකරණය කෙරුණු මෙම දුම්රිය මැදිරි නවය ධාවනය සඳහා එක්කිරීම සිදුවූයේ ඉකුත් 31 වැනිදාය.

    මෙම එක්මැදිරියක ආයු කාලය වසර 15ක් වන සේ නවීකරණය කර ඇති අතර මෙවන් මැදිරියක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 60ක් වැයවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එම දුම්රිය මැදිරිවලට හානි කර තිබෙන අයුරු දැක තමන් ඉතා කණගාටුවට පත්වූ බවයි.

    දුම්රිය මගීන්ගේ පහසුව වෙනුවෙන් නවීකරණය කළ දුම්රිය මැදිරි මෙම දුම්රිය සඳහා යෙදවූ බව කී අමාත්‍යවරයා මගීන් විසින්ම ඒවා විනාශ කරන්නේ නම් හොඳ සේවයක් සැපයීම ගැටලූවක් වන බව ද සඳහන් කළේය.



    31606597_1743531989045680_6454873462593814528_n.jpg




    ආණ්ඩු වලටම බැනලා වැඩක් නැහැ මේ වගේ අපතයෝ ඉන්න රටක් දියුණු කරන්න බැහැ මලාට.:angry::angry::angry::angry:
     
    • Like
    Reactions: kasun757

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    ආණ්ඩු වලටම බැනලා වැඩක් නැහැ මේ වගේ අපතයෝ ඉන්න රටක් දියුණු කරන්න බැහැ මලාට.
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    thamange wade witharak karagaththama hari kiyala hithana harak wage unwa hadanna amarui,, mewa neethi dalawath hadanna amarui , , tv wala gon add wenuwata anduwen parisaraya rakina eka gana daily monahari danna ona,,
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,923
    9,748
    113
    Kawuru karath mewa nam mahama maha ponna wada.me wage sakkili minissu inna rataka ipadenneth karumeta.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එහෙම නන් කඩල බිදලා නෑ බන්..මම ඔ්කෙ සති සති දෙකක සෙනසුරාදාවල් ගියා..ඔය හපුවාගේ බේරේක් අවුල්.කඩුගන්නාවට යනකොට බ්රේක වදින්නෙම නෑ. දවස් දෙකේම රෑ9.30 යන්න ඔ්නි එක ගියෙ රෑ 10ට වගේ.
    දැන් පරන ඒවා දාලා.ඒවගෙ වෙලාවට යන්න පුලුවන්
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ලංකාව කියන්නෙ පොඩිතැන ඉදන් ලොකු තැනට යනකන් කනපිට ගහපු රටක්.... ආය මේක ගොඩ ගන්න බෑ..... :(
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    ඕව කරන උනුයි කරනකන් බලන් ඉන්න උනුයි දෙගොල්ලොම එකයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තව හොඳ පින්තුර තිබ්බා බන්
    පොඩ්ඩක් බලපන් වොෂ් රූම් වල කරපු විනාශේ
    ලංකාවේ උන් ඔහොම තමයි බන් අගයක් නැහැ
    අර මලකඩ කාපු ඒවම තමයි තියන්න තිබ්බේ :angry:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,178
    113
    ආශ්චර්යමත් රටක
    owata harinam dada gahana system ekak tiyenna ona. lapai sipai dada newei kelinma rs 1000,5000 wage. ticket check karana aya dala check karawanawa. wenama allowance ekak denawa allaganna ungen ena salli walin. nadattu karanna yana wiyadamath ekenma gannawa. e okkotama hariyanna haminila yanna dadayak gahuwanam oya lede hodawei. nattan digatama ohoma tamai.
     

    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    ඕකට කරන්න තියෙන්නේ කැමරා හයි කරන එක. කරන උන් ඒ වෙලාවේම අල්ලලා දඩ ගහන්න හරි දවස් 2,3 ක් හිරේ දන්නා හරි ඕනේ.

    හයි කරලා තියෙන seat ලග වැඩි වගේ. එහෙම උනාමත් මිනිස්සුන්ට එපා වෙනවා.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඕකට කරන්න තියෙන්නේ කැමරා හයි කරන එක. කරන උන් ඒ වෙලාවේම අල්ලලා දඩ ගහන්න හරි දවස් 2,3 ක් හිරේ දන්නා හරි ඕනේ.

    හයි කරලා තියෙන seat ලග වැඩි වගේ. එහෙම උනාමත් මිනිස්සුන්ට එපා වෙනවා.

    ඊළඟ නිවුස් එක යන්නේ කැමරා ටික උස්සල්ලා කියල :baffled: