සෙක්ස් සිම්බල්ස් විදියට හැඳින්වූ 9 දෙනෙක්
සෙක්ස් සිම්බල්ස් කිව්ව ගමන් ඕන කෙනෙක්ට මතක් වෙන සිනමා චරිත තියෙනවනේ. ඒ කියන්නේ ලෝක සිනමා ඉතිහාසයේ බොහෝම සරාගී සංකේතයන් විදියට මිනිස්සු හඳුනාගත්තු නිළියෝ. දැන් කෙනෙක් අහයි ඇයි නළුවන්ට සෙක්ස් සිම්බල්ස් වෙන්න බැරිද කියලා. අපොයි පුලුවන්. ඒත් අපි කතා කරන්නේ සරාගී සංකේතයන් විදියට සැලකුණු නිළියන් ගැන විතරයි. පස්සේ දවසක බැරියැයි සරාගී නළුවෝ ගැන කතා කරන්න! හැබැයි තව දෙයක් මතක තියාගන්න ඕන. මේ ලිස්ට් එකේ ඉන්නේ අපේ හිත් ගත්තු, අපේ ප්‍රියතම සරාගී නිළියෝ විතරයි. ඒ නිසා ඔයාලගේ තේරීම් වුණු සරාගී නිළියෝ කවුද කියලත් කමෙන්ට් එකකින් එහෙම කිව්වට වරදක් නෑ!

1. මැරිලින් මොන්රෝ

Sex Symbols from Film History
Source – parade.com
මේ ඉන්නේ 1950 දශකයේ සහ ඉන් පස්සේ ලෝකේ වඩාත්ම ජනප්‍රිය සෙක්ස් සිම්බල් එක නැතිනම් ලෝකේ වඩාත් ජනප්‍රිය සරාගී සංකේතය බවට පත්වුණු සුරූපිනිය. මැරිලින් මොන්රෝ ගැන කියනකොට ඕන කෙනෙක්ට ඔලුවට එන දේවල් කීපයක් තියෙනවා. එකක් ප්ලේබෝයි සඟරාවේ කවරයේ ඇගේ පින්තූරේ. අනික ඇගේ රිදී තිරයේ චරිත වලින් පටන් ගත්තු අර “මොට්ට ඒත් සෙක්සි ගෑණු” කියන ස්ටීරියෝ ටයිප් එක. තුන්වෙනුව ජෝන් එෆ් කෙනඩි සහ මොන්රෝ අතර තිබුණාය කියලා කටකතා හැදුණු සම්බන්ධේ. සමහරු කියනවා අදටත් ධවල මන්දිරයේ තියෙනවා කියලා කෙනඩි මොන්රෝව හොරෙන් මන්දිරයට එක්කගෙන එන්න පාවිච්චි කරපු උමං මාර්ග. හැබැයි ඕවා අර කොන්ස්පිරසි තියරි වලට තමයි යන්නේ. කොහේවත් ඔප්පු වුණු කතා නෙවෙයි. ඒත් මැරිලින් මොන්රෝ, යුගයේ සරාගී ගැහැණිය හදිසියේම මියයාම මුළු ලෝකෙම කැළඹීමට ලක් කරපු පුවතක් වුනා විතරක් නෙවෙයි, කෙනඩි සහ මොන්රෝ අතර සම්බන්ධය නිසා මෙහෙම දෙයක් වුනාදෝ කියලා කටකතා මැවෙන්නත් හේතු වුනා.
2. බ්‍රිජට් බාඩෝ

Sex Symbols from Film History
Source – artknowledgenews.com
ඔය අසූව දශකයේ පිටරට බයිස්කෝප් එහෙම බලලා තියෙන අංකල් කෙනෙක්ගෙන් ගිහින් අහන්න බ්‍රිජට් බාඩෝ ගැන. “අම්මපා පුතා ඒ ප්රංස කෙල්ල අපිව මේම මේම පිස්සු වැට්ටුවේ” කියලා කතාව පටන් ගනී. ප්‍රංශ නිරූපිකාවක් සහ නිළියක් වගේම ගායිකාවක් වුණු බ්‍රිජට් ඇත්තටම 50 සහ 60 දශකයන් වලදීම සෙක්ස් සිම්බල් එකක් වුනේ ඇගේ පළවෙනි හස්බන්ඩ් රොජර් වඩීම් අධ්‍යක්ෂණය කරපු And God Created Woman චිත්‍රපටියත් එක්ක කියලා කිව්වොත් හරි. බ්‍රිජට් බාඩෝව ඕනම කෙනෙක් පට ගාලා අඳුනගත්තා BB කියලා කිව්ව ගමන්.
3. එලිසබෙත් ටේලර්
Sex Symbols from Film History
Source – womensforum.com
මෙතුවක් කාලෙකට ලෝකේ හිටපු සුන්දරම නිළියක් විදියට සැලකෙන එලිසබෙත් ටේලර් ඒ වගේම සරාගී සංකේතයක් විදියටත් හැඳින්වෙන්නට හේතු වුනේ ඇගේ පෙනුමේ වගේම රංගනයේ තිබුණු පිරිමි පිස්සු වට්ටපු සීරියස්, ප්‍රබල ගැහැණියක්ය කියන ඉමේජ් එකත් එක්ක එකතු වුණු සරාගී ගතිය නිසාම තමයි. පණස් ගණන්වල බොහෝම ජනප්‍රිය වුණු ඇය අන්තිමට හොලිවුඩ් ඉතිහාසයේ ලෙජන්ඩ් එකක් බවට පත්වුණා. ඒ වගේම තමයි ඈව ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් පිස්සු කොර ආදර ජීවිතේ. විවාහයන්ම අටක්! එතකොට තවත් ආදරවන්තයෝත් මේ අතරේ ඉන්නවා. හැබැයි ඒ හැම විවාහයක්ම කෙළවර වුනේ දික්කසාදයකින්!
4. සොෆියා ලොරේන්

Sex Symbols from Film History
Source – newsoke303.blogspot.com
නියම වින්ටේජ් සෙක්ස් සිම්බල්ස් ගැන කතා කරනකොට සොෆියා ලොරේන්ව අමතක කරන්නේ මොන හිතකින්ද? ඉතාලියේ නේපල්ස් වල බොහෝම දුප්පත් පවුලකින් ජීවිතේ ආරම්භ කරපු සොෆියා ලෝරේන් ඇගේ සුන්දරත්වයත්, රංගන හැකියාවත් නිසා ජාත්‍යන්තර තලයේ නිළියක් බවට පත්වුනා. හැබැයි ඈ හොඳම නිළිය විදියට ඔස්කාර් සම්මාන දිනන්නත් කලින්ම ඇගේ සරාගී බව හින්දා බොහොම පහසුවෙන් සෙක්ස් සිම්බල් එකක් විදියට ඈව ලෝකේ පුරා සැලකෙන්න පටන් ගත්තා කිව්වොත් හරි. කොහොම වුනත් සරාගී රංගනයන් පැත්තක තිබ්බත් ඈ ඔස්කාර් වලට අමතරව ග්රැමි සම්මාන, ගෝල්ඩන් ග්ලෝබ් ඇතුළු සම්මාන ගණනාවක් ඇගේ රංගනය වෙනුවෙන් දිනාගෙන තියෙනවා.
5. ඒවා ගාඩ්නර්
Sex Symbols from Film History
Source – redbookmag.com
ඇමරිකානු සිනමා ඉතිහාසයේ හිටපු විශිෂ්ටතම නිළියන් අතරට ගැනෙන ඒවා ගාඩ්නර් ඇත්තටම සෙක්ස් සිම්බල් එකක් විදියට ගොඩක් දෙනා සැලකුවත්, ඒ වගේම කුසලතා පූර්ණ නිළියක් විදියට සලකන අයත් ඕනෑ තරම් ඉන්නවා. හැබැයි ගොඩක් වෙලාවට ඈව සෙක්ස් සිම්බල් එකක් විදියට සැලකෙන්න ඇගේ විලාසිතා, රංගනයන් වගේම ෆ්රෑන්ක් සිනාත්‍රා එක්ක තිබුණු විවාහයත් හේතු වෙන්න ඇති කියලා හිතන්න පුලුවන්. ගාඩ්නර් තමන්ගේ ජීවිතේ ‘එකම ආදරය’ කියලා සලකපු ෆ්රෑන්ක් සිනාත්‍රා, ඇය එක්ක විවාහ වුනේ තමන්ගේ බිරිඳ අත ඇරලා ඇවිත්. ඒ දවස්වල පත්තර වල හෙඩ්ලයින් පුරවපු නිව්ස් එකක් වුනේ ඒක තමයි.
6. මැඩෝනා

Sex Symbols from Film History
Source – madonna.com
මේ ලිස්ට් එකට දාන්න තරම් පරණ නොවුනත්, මැඩෝනා කියන විශිෂ්ට ගායිකාව සහ නිළිය අමතක කරන්න බැහැ. පොප් සංගීතයේ රැජිණ කියලා ඕනම කෙනෙක් කියන මැඩෝනාව අපි අඳුනගත්තේ මියුසික් වීඩියෝ හරහා තමයි. ඇගේ ගායනයේ වගේම රංගනයේත් ප්රබලව දැනෙන්න, පෙනෙන්න තියෙන සෙක්ස් ඇපීල් එක නිසා තමයි මැඩෝනාව අදටත් සෙක්ස් සිම්බල් එකක් විදියට සලකන්නේ. ඒ වගේම මේ සරාගී නිළියගේ, සරාගී ගායිකාවගේ ගීත වලත් ඒ සරාගී බව රැඳිලා තියෙනවා කියලා කිව්වොත් වැරදි නැහැ. ෂුවර් නැත්තං La Isla Bonita වගේ සිංදුවක් බලලා එන්න!
7. ෂර්මිලා තාගෝර්
Sex Symbols from Film History
Source – ozy.com
මේ හැමෝම ගැන ලියනකොට අල්ලපු රටේ බොලිවුඩ් සිනමාවේ හිටපු සරාගී සංකේත අමතක කරන්න බැහැනේ. ෂර්මිලා තාගෝර් හැට ගණන්, හැත්තෑ ගණන් වල බොහොම ප්‍රතිභා සම්පන්න නිළියක් විදියට සැලකුනේ. හැබැයි ඒ ප්‍රතිභාවත් එක්කම ෂර්මිලාගේ ඉඟි බිඟි, රූපය එක්ක ආපු සරාගීත්වය ගැනත් ගොඩක් දෙනෙක් කතා කලා. ෂර්මිලා තාගෝර්ගේ මේ සරාගී ප්‍රතිරූපය හැදෙන්න හේතු වුණු තවත් කාරණාවක් තමයි, ඈ බිකිනියකින් සැරසිලා බොහොම හොට් විදියට ෆිල්ම්ෆෙයාර් මැගසින් එකටයි, “ඊවිනින් ඉන් පැරිස්” එකෙයි පෙනී හිටපු එක. බොලිවුඩ් වල මේ විදියට මුලින්ම පෙනී හිටියෙත් එයා තමයි.
ෂර්මිලා විවාහ වුනේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණු පතාවුදී වල නවාබ්වරයා එක්ක. හැබැයි ඒ දවස්වල තිබුණු ප්‍රසිද්ධ විහිළුව තමයි බැන්ද අලුත නිසා නවාබ් මැච් එකකට පිට්ටනියට යන අනික් පැත්තට අවුට් වෙලා එනවා කියලා. ඒ කියන්නේ ඒ තරම්වත් ෂර්මිලාගෙන් වෙන් වෙලා ඉන්න බැරි වුනාලු මනුස්සයට.
8. සයිරා භානු
Sex Symbols from Film History
Source – pinterest.com
දිලිප් කුමාර්ගේ බිරිඳ වුණු සයිරා භානු එක්තරා කාලයක් බොලිවුඩ් වල බොහෝම ජනප්‍රිය වෙලා හිටපු නිළියක්. හැබැයි එක්තරා කාලෙකට පස්සේ ඒ ජනප්‍රියත්වය ඇගෙන් ගිලිහුණා. සයිරා භානු සරාගී සංකේතයක් බවට පත්වුනේ කොහොමද? ඒ ඈ Padosan, Jhuk Gaya Aasmanවගේ චිත්‍රපටි වල හිටපු බබ්ල් බාත් සීන් නිසා තමයි. ඒ වගේම ඇගේ අර සාම්ප්‍රදායික ඉන්දියානු සුන්දරත්වයෙන් මිදුණු, බොහොම රැඩිකල් තාලේ සරාගී සුන්දරත්වයත් ඒකට හේතු වුනා කිව්වොත් වැරදි නැහැ.
9. සීනත් අමාන්

Sex Symbols from Film History
Source – pinimg.com
සීනත් අමාන් බොලිවුඩයේ සරාගී සුරූපිනියක් විදියට සැලකෙනකොට සනී ලියෝන්ලා කිරි බොනවා. සනී ලියෝන්ව මෙතනට ඇදලා ගත්තෙ මේ දෙන්නගේ රූපයේ තියෙන සමානකමත් නිසා තමයි. හැත්තෑව අසූව දශක වල ප්‍රධාන චරිතයන් සෑහෙන්න කරපු සීනත් අමාන් ඊට කලින් 1970 දී මිස් ඒෂියා පැසිෆික් රූ රැජිණ කිරුළත් දිනාගත්තේ ඒ කිරුළ හිමිකරගත්තු පළවෙනි දකුණු ආසියානු ගැහැණිය වෙමින්.

ඉන් පස්සේ බොලිවුඩ් වලට ආපු සීනත්ට ලැබුණු චරිත බොහොම වෙනස්. ඒ කියන්නේ ඒ කාලේ අනික් අය අර සාරි ඇඳලා හවුස් වයිෆ්ලා විදියට චරිත නිරූපණය කරනකොට සීනත් අමාන්ට ලැබුණේ හිපි චරිත, අභිසාරිකා චරිත වගේ ඒ කාලේ හැටියට විවිධාකාරයේ රැඩිකල් චරිත. හැබැයි මේ රංගනයන්ට සරාගී බව එකතු වෙන එකත් වළක්වන්න බැරි වුනා. ඉතින් සීනත් අමාන් අනික් සමකාලීන නිළියෝ හැමෝම පාස් කරලා සෙක්ස් සිම්බල් එකක් බවට පත්වුනා. හැබැයි සීනත් කියනවා එයාව එහෙම සරාගී සංකේතයක් විදියට සීමා වුණු එක ගැනනම් සතුටු වෙන්න බැහැයි කියලා. 

දැන් හැමෝම ඇවිත් අහයි ඇයි අපේ දේවල් අපිට අගේ නැද්ද කියලා. අගෙයි මහත්තයෝ අගෙයි. හැබැයි අනාර්කලී ආකර්ෂා වගේ නිළියක් මේ ලිස්ට් එකට දාන්න තරුණ වැඩියි. සුමනා ගෝමස් වගේ ශ්‍රී ලංකාවේ සුවහසක් දනමන පිනවූ “සරාගී සංකේතයක්” මේ ලිස්ට් එකට දාන එකත් පොඩ්ඩක් හරි මදි වගේ. සුමනා අක්කට අපහාසයක් නෙවෙයි හරිද. අපේ සෙක්ස් සිම්බල්ස් කවුරුවත් තාම ජාත්‍යන්තරේට හරියට ගිහිල්ලා නෑ නොවැ!