සෙත් වැනුම

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    සෙත් වැනුම
    හිසේ තිබෙන වස් මුහුණ පුරෝ දුක
    යකෝ පලජ්ජේ හිරුදුටු පිනි ලෙස
    ගතේ ඇති රුජ වියැකෙන් මර-අණ
    භූත පීසස් බල නැසියන් තිරලෙස



    දකුණු හිස ඇස දකුණු කම්මුල දකුණු උරහිස රෝ ගති
    දකුණු ලක ඇති මුහුද කලඹා දකුණු සයුරෙන් පල නිති



    වමත හිස ඇස වමත කම්මුල වමත උරහිස රෝ ගති
    උතුර ලක ඇති සුලං අඹරා භරත පෙදෙසින් පලනිති



    දකුණු කෙණ්ඩය බොලට විලුඹය පතුල පසැඟිලි නියහදි
    දකුනු පැත්තෙන් රෝග මුදවා අහස් ගව්වෙන් ගිනිබදී



    වමත කෙණ්ඩය බොලට විලුඹය පතුල පසැඟිලි නියහදි
    වමත පැත්තෙන් රෝග මුදවා මුහුදු පතුලෙදි සුන් වෙති



    දකුනු පෙනහලු උදර පිඩා රතී රෝ දුක උගුලවා
    දකුණු ගිරහිස ලකේ බලයෙන් සදා මැකියන් සුව දෙවා



    වමත පෙනහලු හර්ද පිඩා කොන්ද රෝ දුක උගුලවා
    උතුරු කොරගිර ලකේ බලයෙන් සදා මැකියන් සුව දෙවා



    සිරස වරලස දෙනෙත මුව කට ගෙලට ඉහලින් රෝ මුදා
    සමනල ගිර ඉර සේ ඇතිතෙක් නැවත ලකට නෝඒ සදා.



    භගවත් බුදුගුණ බුද්ධ දසබලයෙන් ලකේ රෝ මුදා
    සිද්හ මහපිය දේවි සරණින් සුවය ලබදෙන් දෝස් දවා



    ආවඩා මේලකට වැසියන්ට ආයුබෝ වේවා.

    ධම්මික හෙට්ටිඅරාච්චි